Pearson BTEC සුදුසුකමට ලොවපුරා පිහිටි විශ්වවිද්‍යාල දහසකට අධික ප‍්‍රමාණයක පිළිගැනීම හිමිවෙයි

    March, 3, 2016

    Pearson BTEC අධ්‍යාපන සුදුසුකමට අද වන විට ලොවපුරා පිහිටි ප‍්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල, වෘත්තීය අධ්‍යාපන ආයතන හා ජාත්‍යන්තර වෘත්තීය සේවා යෝජකයින්ගේ සුවිශේෂී පිළිගැනීම හිමිවී ඇත.

    අනෙකුත් උසස් ජාතික ඩිප්ලෝමා (HND) පාඨමාලා මෙන් නොව Pearson BTEC HND පාඨමාලාව හදාරන සිසුන්ට ඔවුන්ගේ කැමැත්ත අනුව ලොවපුරා විසිරී තිබෙන විශ්වවිද්‍යාල 1000 කට අධික ප‍්‍රමාණයකට ප‍්‍රවේශවීමේ අවස්ථාව හිමිවෙයි. මේ හේතුවෙන් අනුබද්ධිත විශ්වවිද්‍යාල වලට පමණක් ප‍්‍රවේශවීමේ අවස්ථාව හිමිවන අනෙකුත් උසස් ජාතික ඩිප්ලෝමා (HND) පාඨමාලා වලින් හිමිකරගත නොහැකි සුවිශේෂී අධ්‍යාපන අවස්ථා Pearson BTEC HND පාඨමාලාව හදාරන සිසුන්ට හිමිවෙයි.

    සිසුන්ගේ වෘත්තීය අපේක්ෂාවන්ට අනුව විශේෂීකරණය වූ පාඨමාලා පෙළක් Pearson BTEC මගින් පිරිනමන සුවිශේෂී වෘත්තීය පාඨමාලා අතරින් තෝරාගැනීමට හැකියි. ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින්ගේ උපදෙස් ලබාගෙන වෘත්තීන් ඉලක්ක කරගනිමින් සකස් කළ පාඨමාලාවන් BTEC උපාධි වැඩසටහන් වලට අන්තර්ගත වෙයි. එකිනෙකට වෙනස් විෂයන් 40 කින් මෙම වැඩසටහන් සමන්විත වී තිබෙන නිසා අඩු මුදලක් වැයකර ජාත්‍යන්තර පිළිගැනීම හිමිවන උසස් අධ්‍යාපන වැඩසටහන් හැදෑරීමේ අපේක්ෂාවෙන් සිටින සිසුන්ට සුදුසුම තෝරාගැනීම Pearson BTEC පාඨමාලාවන්ය. වසර 15 කට අධික කාලයක් පුරා මෙරට තුළ පවතින අධ්‍යාපන ආයතන රාශියක් BTEC සුදුසුකම හිමිකරදෙන පාඨමාලාවන් මෙහෙයවීම සුවිශේෂී සාර්ථකත්වයක් වී ඇත.
    ‘‘British College of Applied Sciences (BCAS), Pearson BTEC HND පාඨමාලාවන් මෙහෙයවන මෙරට ප‍්‍රමුඛ පෙළේ අධ්‍යාපන ආයතනයකි. අප ආයතනය තුළින් පසුගිය වසර 15 ක කාලය පුරා සිසුන් දහස් ගණනක පිරිසක් BCAS උපාධිය හිමිකරගත් බව ප‍්‍රකාශ කරන්නේ මහත් සතුටින් යුතුවයි. BCAS වෙතින් උපාධිය හිමිකරගත් සිසුන් ගණනාවක් ලොවපුරා පිහිටි ප‍්‍රමුඛ පෙළේ ආයතන ගණනාවක අද වන විට සේවය කරයි. ‘සවිමත් වෘත්තියක් නිර්මාණය කිරීම-ජීවිත සුඛිත මුදිත කිරීම’ යන ආදර්ශ පාඨය අනුව යමින් BCAS වෙතින් මෙරට සිසුන්ට BTEC HND පාඨමාලාවන් ගණනාවක් හැදෑරීමේ අවස්ථාව හිමිකරදෙයි.’’ Pearson BTEC අධ්‍යාපන සුදුසුකම පිළිබඳ පැහැදිලි කළ British College of Applied Sciences (BCAS), අධ්‍යාපන කටයුතු අංශයේ පීඨාධිපතිනි, මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පැවසුවාය.

    ‘‘ප‍්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල හා වෘත්තීය අධ්‍යාපන ආයතන මගින් පිළිගන්වන උපාධි හා පශ්චාත් උපාධි වැඩසටහන් දියත් කිරීමේදී Business Management School (BMS), නිරතුරුව ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව කටයුතු කරයි. BMS උසස් අධ්‍යාපන වැඩසටහන් සඳහා ලොව විශාලතම අධ්‍යාපන සංවිධානය වන Pearson පිළිගැනීම ද හිමිවී ඇත. BMS පාඨමාලාවන් වලට ජාත්‍යන්තර තලයේ ඉහළම පිළිගැනීම හිමිකරගැනීමේ අරමුණින් යුතුව Pearson හා සම්බන්ධ වී නිරතුරුව BMS පාඨමාලාවන් වන අන්තර්ගතය දියුණු කිරීම ද සිදුකරයි.’’ Business Management School (BMS) සභාපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා සඳහන් කළේය.

    ‘‘Pearson BTEC HND අධ්‍යාපන සුදුසුකම මගින් මෙහෙයවන ප‍්‍රමාණ සමීක්ෂණය පාඨමාලාව මගින් ගුණාත්මක බවින් ඉහළ අධ්‍යාපනයක් සිසුන්ට ලබාදෙන අතර දෙස් විදෙස් වෘත්තීන් වල නිරත වීමට අවශ්‍ය වෘත්තීය පළපුරුද්ද හිමිකරදෙයි. එබැවින්ම, Pearson ප‍්‍රමාණ සමීක්ෂණය පාඨමාලාව සුවිශේෂී යෝග්‍යතා වැඩසටහනක් ලෙස නම්කළ හැකියි. වෘත්තීය ක්ෂේත‍්‍රයේ මා හිමිකරගෙන තිබෙන අත්දැකීම් වලට අනුව ශ‍්‍රී ලංකාව වැනි රටක් තුළ වෘත්තීය පළපුරුද්ද අතිශය වැදගත් වන අංගයක් වී ඇත..’’ Colombo School of Construction සභාපතිනි, චිත‍්‍රා වෙඩික්කාර මහත්මිය පැවසුවාය.

    Pearson BTEC HND අධ්‍යාපන සුදුසුකම පසුගිය වසර හයක කාලය පුරා මානව සම්පත් කළමනාකරණ ආයතනය මගින් සිසුන් වෙත පිරිනැමුණි. BTEC පාඨමාලාවන් වල ඇති විශේෂත්වය වන්නේ කළමනාකරණ වැඩසටහන් මගින් සාමාන්‍යයෙන් උගන්වන දුරවබෝධ සංකල්ප මෙන් නොව BTEC පාඨමාලාවන් තුළින් සිසුන්ට හිමිකරදෙන වෘත්තීයට අදාළ වූ දැනුමයි. BTEC HND 4 හා 5 වන මට්ටම සුදුසුකම මානව සම්පත් කළමනාකරණ ආයතනය මගින් හිමිකරදෙන අතර BTEC HND 17 වන මට්ටම දක්වා වූ පශ්චාත් උපාධි ද සුදුසුකම ද අප ආයතනය මගින් සිසුන්ට ලබාදෙයි. මෙමගින් සිසුන්ට පහසුවෙන්ම උසස් උපාධියක් හෝ MBA සුදුසුකම හිමිකරගැනීමේ අවස්ථාව හිමිවෙයි. BTEC සුදුසුකම පිරිනමන ලොව ප‍්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල රාශියක් පවතියි. BTEC සුදුසුකම මගින් සිසුන්ට වෘත්තීය දැනුම පමණක් නොව වෘත්තීය දියුණුව ද අත්කරගත හැකි නිසා BTEC නව ලොවට ගැළපෙන යෝග්‍යතම විසඳුම වන බව මානව සම්පත් කළමනාකරණ ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ගිහාන් තල්ගොඩපිටිය මහතා පැවසුවේය.