Pearson BTEC HND සුදුසුකම තුළින් ජාත්‍යන්තර උපාධියකට මංපෙත් විවර වෙයි

    January, 28, 2016

    ලොව පිළිගත් උසස් අධ්‍යාපන සුදුසුකමක් ලබා ගැනීමත්, විදෙස් රටක අධ්‍යාපනය ලබා ගැනීමත්, තම රට තුළ ව්‍යාපාරයක් ආරම්භ කිරීම හෝ බහුජාතික සමාගමක සවිමත් වෘත්තීය මඟක් ගොඩනගා ගැනීමත් සඳහා බොහෝ සිසුන් තුළ පවතින සිහිනය සැබෑ කර ගැනීමට Pearson BTEC HND අධ්‍යාපන සුදුසුකම පිටිවහලක් වෙයි.

    සැබෑ රැකියා ලෝකය තුළ පවතින ඉල්ලූමට සරිලන ආකාරයේ වෘත්තීය කුසලතා වර්ධනය කර ගැනීම සඳහා Pearson BTEC අධ්‍යාපන සුදුසුකම සිසුන්ට උපකාරී වේ. ඒ අනුව, ප‍්‍රායෝගික ඇගයුම් ක‍්‍රියාවලියකින් තම අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන සිසුන් හට BTEC සුදුසුකම මනා ඉගෙනුම් අත්දැකීමක් වේ. මෙම අධ්‍යාපන වැඩසටහන මගින් සන්නිවේදනය, සහයෝගීතාව සහ 21 වන සියවසට ඔබින ප‍්‍රායෝගික කුසලතා වර්ධනය කෙරේ.

    Pearson BTEC HND පාඨමාලාව සිසුන්ගේ අධ්‍යාපන හා වෘත්තීය ක්ෂේත‍්‍රයේ වර්ධනයක් ඇතිකරන තෝරාගැනීම් රැසක් සිදුකළ හැකි පුළුල් විෂය ක්ෂේත‍්‍රයක් ආවරණය වන පරිදි නිර්මාණය වී ඇත. ගෝලීය මට්ටමින් පිළිගත් ප‍්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල ගණනාවක් BTEC HND සුදුසුකම එම විශ්වවිද්‍යාලයන්හි දෙවන හෝ තුන්වන වසර උපාධි වැඩසටහන් වලට සෘජුවම ප‍්‍රවේශවිය හැකි සුදුසුකමක් ලෙස සලකයි. Pearson BTEC HND පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට ඔවුන් තෝරාගන්නා වෘත්තියේ සමාරම්භක අවස්ථාව ලෙස මෙන්ම වෘත්තියේ දියුණුව වෙනුවෙන් මෙම පාඨමාලාව සාර්ථකව යොදාගත හැකිය.

    Pearson BTEC HND මගින් සිසුන්ට මෙරට තුළදීම ජාත්‍යන්තර වශයෙන් පිළිගත් අධ්‍යාපන සුදුසුකමක් හිමිකරගැනීමේ මංපෙත් විවර වී ඇත. කොළඹ, නුවර, ගාල්ල, මාතර, මඩකලපුව, කුරුණෑගල හා යාපනය යනාදී නගරවල BTEC මධ්‍යස්ථාන පිහිටා තිබෙන අතර මෙරට ඕනෑම ප‍්‍රදේශයක සිටින සිසුන්ට දිවයින පුරා පිහිටි මෙම BTEC HND මධ්‍යස්ථානයන්ගෙන් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව හිමිවී ඇත.

    මූලික පාඨමාලාවන් මෙරටදී හදාරා අනතුරුව අවසන් වසර උපාධි වැඩසටහන විදේශගතවී හැදෑරීමේ අවස්ථාව ද සිසුන්ට හිමිවෙයි. එක්සත් රාජධානියේ (UK) සිටින ජාත්‍යන්තර ප‍්‍රමිති පරීක්ෂකයින් (International Standards Verifier) විසින් මෙරට තුළ පිහිටා තිබෙන BTEC HND මධ්‍යස්ථාන අදාළ ගුණාත්මක තත්ත්වයන් අනුව පවතිනවාද යන්න නිරන්තරයෙන්ම විමසා බැලීම සිදුකරයි. එමෙන්ම, Pearson BTEC HND වැඩසටහන් එක්සත් රාජධානියේ පිළිගැනීම හා අධ්‍යාපන රාමුව (Quality and Credit Framework-QCF) ට අනුව නිර්මාණය වී ඇති නිසා ගුණාත්මක බවින් ඉහළ අධ්‍යාපනයක් සිසුන්ට හිමිකරගත හැකිය.

    එක්සත් රාජධානියේ පුහුණු විශේෂඥයින්ගේ දායකත්වයෙන් යුතුව BTEC මධ්‍යස්ථාන කළමනාකරුවන්, ආචාර්ය මණ්ඩලය හා සම්බන්ධීකරණ නිළධාරින් වෙනුවෙන් වාර්ෂික පුහුණු වැඩසටහන් පැවැත්වීම සිදුකරයි. මෙම පුහුණු වැඩසටහන් නොමිලේ සංවිධානය කරන අතර මෙමගින් BTEC HND මධ්‍යස්ථාන වල ඉගෙනුම් හා ඉගැන්වීම් ක‍්‍රමවේදයන්, ඇගයීම් කටයුතු, තාක්ෂණය හා වැඩසටහන් වල අන්තර්ගත විෂය නිර්දේශ, අදාළ විෂයන් තත් කාලයට ගැළපෙන බව ආදිය සහතික කිරීම සිදුවෙයි.

    BTEC වෘත්තීය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින්ගේ උපදෙස් ලබාගනිමින් ඒ ඒ වෘත්තීන්ට මනාව ගැළපෙන අන්දමට සිය උපාධි වැඩසටහන් වර්ධනය කර ඇත. BTEC HND වැඩසටහනට විෂයන් 40 කට අධික ගණනාවක් අයත්ය. BTEC HND වැඩසටහනට ජාත්‍යන්තර පිළිගැනීම හිමිවන නිසාවෙන්ම උසස් අධ්‍යාපන පාඨමාලාවක් හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්ට සරිලන මනා තෝරාගැනීම මෙය වනු ඇති බව නිසැකය.

    BTEC මගින් ප‍්‍රදානය කරනු ලබන විෂයයන් අතරට ව්‍යාපාර අධ්‍යයනය, ජෛව වෛද්‍ය විද්‍යාව (Biomedical Science), ඉංජිනේරුවිද්‍යාව, පරිගණකකරණය, චිත‍්‍ර හා මෝස්තර නිර්මාණය, සත්කාරක ක්ෂේත‍්‍රය, සංචාරක, බහු මාධ්‍ය, ප‍්‍රමාණ සමීක්ෂණය, මානව සම්පත් කළමනාකරණය, නීතිය, ගුරු පුහුණුව හා මනෝවිද්‍යාව ආදිය ඇතුළත්ය.

    Pearson BTEC පාඨමාලාවන් වලට ප‍්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල, වෘත්තීය අධ්‍යාපන ආයතන හා ජාත්‍යන්තර වෘත්තීය සේවා යෝජකයින්ගේ සුවිශේෂී පිළිගැනීම ද හිමිවී ඇත.

    www.degreecoursefinder.pearson.com වෙබ් අඩවිය තුළින් Pearson වෙතින් උපාධියක් හිමිකරගැනීමේ අපේක්ෂාවෙන් සිටින සිසුන්ට ඔවුන්ට ගැළපෙන විශ්වවිද්‍යාල පිළිබඳ තවදුරටත් විමසාබැලිය හැකිය. මෙම වෙබ් අඩවිය මගින් Pearson පිළිගැනීම හිමිවී තිබෙන ලොව පුරා පිහිටි විශ්වවිද්‍යාල දහස් ගණනකට අධික සංඛ්‍යාවක් පිළිබඳ සොයාබැලීමේ අවස්ථාව ද හිමිය.

    ලොව පුරා පිහිටි විශ්විද්‍යාල ගණනාවකට BTEC පිළිගැනීම හිමිවී ඇත. California Institute of Technology, Massachusetts Institute of Technology we;=¿j Curtin, Hawaii Pacific, London South Bank, Auckland, Bradford, Bristol, California, Canterbury, Colorado, Darby, East London, Hong Kong, Hull, Kent, Manchester, Northumbria, Nottingham, Oxford, Salford, Sydney, Toronto yd Wolverhampton යන විශ්වවිද්‍යාල ඒ අතරට ඇතුළත්ය.

    එක්සත් රාජධානියේ පිහිටි විභාග නියාමන පද්ධතිය වන Ofqual මගින් Pearson උසස් අධ්‍යාපන සුදුසුකම නිරතුරුව නියාමනය කිරීම සිදුකරයි. එක්සත් රාජධානියේ ඇති අධ්‍යාපන වැඩසටහන් ප‍්‍රදානය කරන දැවැන්තම ආයතනය වන්නේ ද Pearson ය.

    ගෝලීය මට්ටමින් ඉහළ පිළිගැනීමක් හිමිවන අධ්‍යාපන හා වෘත්තීය පාඨමාලා රාශියක් Pearson මගින් සිසුන්ට ප‍්‍රදානය කිරීම සිදුකරයි. Edexcel, BTEC හා PTE වැනි සුවිශේෂී අධ්‍යාපන සුදුසුකම් මෙමගින් හිමිකරගැනීමට හැකිය.

    කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටා තිබෙන මෙරට Pearson කාර්යාලය මගින් සිසුන්, ගුරුවරුන්, මාපියන් හා පාසල් වලට අවශ්‍ය සහය ලබාදීම සිදුකරයි. එමෙන්ම, දිවයින පුරා පිහිටි BTEC HND මධ්‍යස්ථාන මගින් ද සිසුන්ට මෙන්ම අනෙකුත් පාර්ශ්ව වලට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ලබාදීම සිදුකරයි.

    මෙරට Pearson කාර්යාලයේ සිටින විකිණුම්, අලෙවිකරණ, සම්පත් හා පාරිභෝගික සේවා අංශය යන විවිධ කණ්ඩායම් වල සාමාජිකයින් සියලූ පාර්ශ්වකරුවන්ට උපරිම සේවාවක් ලබාදීම වෙනුවෙන් කැපවී සාමූහිකව කටයුතු කරයි. Pearson ගෝලීය මට්ටමින්, බි‍්‍රතාන්‍යය කවුන්සිලය (British Council) ට විභාග පැවැත්වීමට සහයෝගය ලබාදෙන අතර මෙම හවුල්කාරීත්වය ඔස්සේ ගුරු පුහුණු වැඩසටහන් පැවැත්වීම හා පාරිභෝගික සහය සේවා වැඩසටහන් පැවැත්වීම සිදුකරයි.

    www.qualification.pearson.com වෙබ් අඩවිය මගින් හා 0112391175 ඇමතීමෙන් Pearson අධ්‍යාපන වැඩසටහන් පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට හැකිය.