PickMe කොටස් වෙළෙඳපොළට

    September, 3, 2024

    ප්‍රමුඛතම දේශීය ඩිජිටල් ප්‍රවාහන විසඳුම් සේවා සැපයුම් සමාගමක් වන PickMe, කොළඹ කොටස් වෙළෙඳපොළට පිවිසීමට සූදානමින් සිටී.

    PickMe හි මෙහෙයුම් සමාගම වන Digital Mobility Solutions Lanka Limited වෙත මූලික මහජන කොටස් නිකුතුවක් හරහා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීමට එහිදී අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනුව සමාගමේ ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 43,474,179 ක් එකක් රු. 36/- බැගින් නිකුත් කිරීමට සමාගම සැලසුම් කර ඇති අතර 2024 සැප්තැම්බර් 13 දින මෙම මූලික මහජන කොටස් නිකුතුව විවෘත කිරීමට සැලසුම් කර ඇත.