PickMe ‘නැණ පහන’ ඩිජිටල් ආර්ථිකයට මනුදම් සපිරි  පිවිසුමක්

    November, 10, 2025

    PickMe සමාගම මගින් පවත්වනු ලැබූ නව වැනි ‘නැණ පහන’ වාර්ෂික උත්සවය, නොවැම්බර් 5 වන දින,  බත්තරමුල්ල වෝටර්ස් එජ් හි පවත්වන ලදී. රියදුරු සාමූහිකය වෙත කෘතඥතාව පළ කිරීමක් ලෙස 2018 වසරේදී ආරම්භ වූ ‘නැණ පහන’, අද ශ්‍රී ලංකාවේ ඩිජිටල් එසේත් නැත්නම් ගිග් ආර්ථිකය තුළ අතිශයින් අර්ථවත් වාර්ෂික වැඩසටහනක් බවට පත්ව ඇත. සමාගමේ මෙම මුලපිරීම, රියදුරන්ගේ දරුවන් ලබන අධ්‍යාපනික ජයග්රහණ ඇගයීම සඳහා මෙන්ම, තාක්ෂණය යනු හුදෙක් කාර්යක්ෂමතාවට පමණක් සීමා වුවක් නොව, මානුෂික හැඟීම්ද සම්බන්ද කරන මගක් විය හැකි බව සිහිපත් කිරීමකි.

    PickMe ගිග් රියදුරන්, සාම්ප්‍රදායික රැකියා ව්යුහයන්ගෙන් ඈත්වූ, ස්වාධීන සුළු ව්‍යවසායකයින් වන නිසා, ඔවුනට වැඩෙහි යෙදෙන දිනය, වේලාව, අකාරය යන තීරණ ස්වාධීනව ගැනීමේ හැකියාව ඇත. නමුත් ස්වාධීනව කටයුතු කිරීමේ නිදහසට සමගාමීව, හුදෙකලාභාවයද එහි ස්වභාවික අංගයකි. මෙය අවබෝධ කරගෙන, කාර්යාලයීය හෝ ස්ථානගත රැකියා ආයතනවල දක්නට ලැබෙන බැඳීම ගොඩනඟන මෙවැනි ව්‍යාපෘති PickMe විසින් සකසා ඇත.

    “PickMe සහ අප සමග සිටින ස්වාධීන තුන්වන පාර්ශවීය රියදුරන් අතර සේව්‍–සේවක සම්බන්ධතාවක් නැහැ. රැකියාවට වාර්තා කිරීමට හෝ අවසන් කිරීමට නියමිත වේලාවක් නැති නිසා තමන්ගේ කාලය තමන්ටම පාලනය කරගන්න ඔවුන්ට පුළුවන්,” යි PickMe සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර් මහතා පවසයි. "නමුත් අපගේ ඩිජිටල් තාක්ෂණයෙන් බල ගැන්වෙන ගිග් ආර්ථික පද්ධතියේ ජීවනාලිය ඔවුන්. සෑම වසරක් පාසා ‘නැණ පහන’ අපට මතක් කර දෙන්නේ මෙම තෙවන පාර්ශ්ව රියදුරන් පුළුල් සමුහිකයක කොටසක් පමණක් නොව, අප සියළු දෙනා පොදු අරමුණකින් එක්ව සිටින බවයි.”

    මෙවසර, පාසල් යන දරුවන් 650 කට වැඩි පිරිසකට පාසල් උපකරණ සඳහා වවුචර් පත් සමාගම මගින් ප්රදානය කරනු ඇත. 2025 වැඩසටහනේදී කැපී පෙනෙන නව අංගයක් වන්නේ අ.පො.. උසස් පෙළ විභාගවලින් ඉහළින්ම සමත්ව, විශ්ව විද්‍යාල ප්රවේශය ලබාගත් සිසුන් දස දෙනෙකුට ලැප්ටොප් පරිගණක ලබාදීමයි. මෙය, අධ්‍යාපනික දියුණුව, ඩිජිටල් බලගැන්වීමට සම්බන්ධ කරන සංකේතාත්මක පියවරකි.

    මේ දක්වා, නැණ පහන වෙනුවෙන් රුපියල් මිලියන 29 කට වඩා සමාගම විසින් ආයෝජනය කර ඇති අතර, මෙම වසර සඳහා පමණක් රුපියල් මිලියන 9 ක් වෙන් කොට ඇත. ආරම්භයේ සිටම සිසුන් 4,800 කට වැඩි පිරිසක් මෙම වැඩසටහනෙන් ප්රතිලාභ ලබා ඇත. මේ සඳහා සුදුසුකම් ලැබීමේ ක්රියාවලිය සැකසී ඇත්තේ රියදුරන්ගේ විශිෂ්ටත්වය සහ පවුලේ ජයග්රහණ යන කරුණු දෙකම ඇගයීමේ අරමුණෙනි. එයට PickMe ඇප් එකේ රන් සහ ප්ලැටිනම් මට්ටමේ සිටින, රක්ෂණ වැඩ සටහනටද අයත් රියදුරන් සුදුසුකම් ලබයි.

    5 ශ්රේණියේ ශිෂ්යත්ව විභාගය සමත්, සාමාන්‍ය පෙළ විභාගයෙන් A සාමාර්ථ නවයක් ලබා ගන්නා හෝ විශ්ව විද්‍යාලයට ඇතුළත් වන දරුවන්ට මූල්යමය සහයෝගය ලබා දීම තුළින්, පරම්පරා ගණනාවක් පුරා ප්‍රතිපල ලැබෙන සහ වගකීමෙන් බලගැන්වෙන සංස්කෘතියක් සහතික කිරීම PickMe හි අභිමතාර්ථයයි.

    PickMe විසින් සීමාසහිත සමුපකාර රක්ෂණ සමාගම (Co-operative Insurance Company PLC), සමඟ හවුල්කාරිත්වයෙන් රුපියල් මිලියන 3 ක පුද්ගලික අනතුරු රක්ෂණ ආවරණයක් සැපයීම සඳහා අවශ්ය පහසුකම් සහ සම්බන්දීකරන කටයුතු කරන අතර එයට බරපතල රෝගාබාධ, රෝහල්ගත කිරීම්, අබාධ සහ අවමංගල්‍ය සඳහා ආධාරද ඇතුළත් වේ.

    ඩිජිටල් ගිග් ආර්ථිකය බලගන්වන සියල්ලන් පිළිබඳව මැනවින් තැකිය යුතු බවට PickMe හට ඇති විශ්වාසය නැණ පහන වැඩසටහන මගින් සනාථ කරයි. එමෙන්ම තාක්ෂණික පද්ධති මත රැඳුනු පරිසරයක, කාර්යසාධනයෙන් පමණක් නොනැවතී, ඉන් ඔබ්බට පවුලේ සාර්ථකත්වයද සමරමින් ළබැඳියාවේ සහ අන්‍යොන්ය සම්බන්ධතා වල හරය තහවුරු කිරීමට PickMe සමත්ව සිටී.

    ශ්‍රී ලංකාවේ ප්රවාහන සහ සැපයුම් අංශ හරහා තම සමාගම අඛණ්ඩව ව්යාප්ත කරන අතරෙහි, සෑම ගමන්වාරයක්  සහ බෙදාහැරීමේ ඉල්ලීමක් පිටුපසම, සැමරිය යුතු පුද්ගලයෙකු සහ පවුලක් සිටින බව PickMe නැණ පහන වැඩසටහන මතක් කරදෙයි. සෑම දිනකම PickMe යෙදුම භාවිතා කරන දහස් ගණනක් රියදුරන් සඳහා, මෙම වැඩසටහන හුදෙක් දිරි දීමනාවක් පමණක් නොව - නුතන ගිග් ආර්ථිකය තුළ පවා වැදගත් කාර්යයක් ඉටු කරයි.