September, 13, 2024
අද (13) දින විවෘත කෙරුණු Digital Mobility Solutions Lanka Limited හි මූලික මහජන කොටස් නිකුතුව සඳහා අධිදායකත්වයක් ලැබී ඇති බව වාර්තා වේ.
Digital Mobility Solutions Lanka Limited යනු ශ්රී ලංකාවේ ප්රමුඛතම දේශීය ඩිජිටල් ප්රවාහන විසඳුම් සේවා සැපයුම්කරුවකු වන PickMe හි මෙහෙයුම් සමාගමයි.
Digital Mobility Solutions Lanka Limited හි 43,474,179 ක් එකක් රු. 36/- බැගින් මෙම මූලික කොටස් නිකුතුව සඳහා ඉදිරිපත් කෙරුණු අතර එම නිකුතුවේ රෙජිස්ට්රාර් සමාගම වන SSP කෝපරේට් සර්විසස් (පුද්) සමාගම පවසන්නේ අද පෙරවරුව වන විට ඒ සඳහා අධිදායකත්වයක් ලැබී තිබුණු බවයි.
ඒ අනුව මෙම මූලික මහජන කොටස් නිකුතුව අද (13) පස්වරු 4.30 ට වසා දමන බව SSP කෝපරේට් සර්විසස් (පුද්) සමාගම වැඩිදුරටත් දන්වා සිටී.
Video Story