February, 23, 2026
Prime Lands Residencies PLC සමාගම පසුගියදා පැවති 2025 TAGS සම්මාන උළෙලේදී (TAGS Awards 2025) ඉඩම් හා දේපළ සමාගම් කාණ්ඩයේ රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙවර සම්මාන උළෙලද ඇතුළුව අඛණ්ඩව අවස්ථා 4 කදී TAGS සම්මාන හිමි කර ගැනීමට Prime Lands Residencies PLC මේ වන විට සමත් වී තිබේ. මෙය පසුගිය කාලය පුරාවටම සමාගම සිය ආයතනික වාර්තාකරණය විශිෂ්ට අන්දමින් සිදු කර ඇති බවට මනා සාක්ෂියකි.
ආචාරධාර්මික හා තිරසාර ලෙස මෙන්ම පැහැදිලි විනිවිදභාවයකින් යුක්තව ව්‍යාපාර කටයුතු සිදුකරන අතරම උසස්ම මට්ටමේ ආයතනික වාර්තාකරණ ප්රමිතීන් අනුගමනය කිරීම තුළින් මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ සිය නායකත්වය තවදුරටත් තහවුරු කරගැනීමට Prime Lands Residencies PLC සමත් වී ඇති බව මෙම ජයග්‍රහණය මඟින් මැනැවින් පිළිබිඹු වේ.
"මෙම සම්මානය ආයතනික වාර්තාකරණය සහ විනිවිදභාවය සම්බන්ධයෙන් ඉහළම ප්රමිතීන් පවත්වා ගැනීම සඳහා අප දක්වන උනන්දුවට මනා සාක්ෂියක්. සෑම විටම Prime සමූහයේ අනිවාර්ය ගුණාංග වූ වගවීම හා තිරසාරත්වය එලෙසින්ම රැකගනිමින් ආයතනික වාර්තාකරණ ප්රමිතීන් තවදුරටත් වැඩිදියුණු කිරීම අපගේ ඉලක්කයයි.” ප්‍රයිම් Prime Lands Residencies PLC සමාගමේ සම-සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවාය.
ආරම්භයේ පටන්ම ශක්තිමත් කාර්යසාධනයක් පෙන්නුම් කරන අතරම අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින්, වෙනස් වන වෙළඳපොළ තත්වයන්ට අනුව හැඩගැසීමට Prime Lands Residencies PLC සමත් විය. සමාගම මේ වන විට රට පුරා ක්‍රියාවට නංවා ඇති දැවැන්ත ව්‍යාපෘති, මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්රය ජයගැනීමට සමාගම කෙතරම් දුරකට සමත් වී ඇතිද යන්න මැනැවින් පිළිබිඹු කරයි.
TAGS සම්මාන උළෙලේදී ආයතනික වාර්තාකරණයේ මූල්‍ය සහ මූල්‍ය නොවන අංශ තුළ විනිවිදභාවය, වගවීම, ආයතනික යහපාලනය සහ තිරසාරත්වය යන ගුණාංග සම්බන්ධයෙන් මූලික වශයෙන් අවධානය යොමු වේ. මෙවර TAGS සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලේදී පැවැත්වුණු අතර, සම්භාවනීය ආරාධිතයන් විශාල පිරිසක් ඊට සහභාගී වූහ. සුපුරුදු පරිදිම මෙවරත් එම සම්මාන උළෙලේදී ආයතනික වාර්තාකරණය තුළ විනිවිදභාවය සහ ආයතනික යහපාලනය සම්බන්ධ මූලධර්ම දැඩිව ආරක්ෂා කරගැනීම මෙතරම් වැදගත්ද යන්න අවධාරණය කරන ලදි ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලට වසර 60 ක ඉතිහාසයක් ඇත.
ඡායාරූපය (වමේ සිට) - සහකාර කළමනාකාරිනී (අලෙවි) දිලිනි විජේසිංහ, සමූහ ප්‍රධාන මූල්‍ය නිලධාරී විරාජ් ජයසිංහ, අධ්යක්ෂ (මූල්‍ය) අනුර පතිරගේ, අධ්‍යක්ෂිකා ශෙහානා බ්‍රාහ්මණගේ, ප්‍රධාන ගණකාධිකාරිනී කාංචනා ප්‍රනාන්දු සහ නිර්මාණශීලී සන්නිවේදන ප්‍රධානී විශාක පෙරේරා යන මහත්ම මහත්මීන් TAGS Awards 2025 හිදී රිදී සම්මානය හිමි වීමෙන් අනතුරුව
Video Story