Prius හයිබ්‍රීඩ් රථ, ලක්ෂ 19 ක් නැවත කැඳවයි

    February, 12, 2014

    වාහනයේ වේගය හදිසියේම මන්දගාමී වීමට හේතුවන තාක්ෂණික දෝෂයක් නිසා ටොයොටා විසින් ලොව පුරා අලෙවිකළ Prius හයිබ්‍රීඩ් රථ ලක්ෂ 19 ක් නැවත සමාගම වෙත ගෙන්වාගෙන එම තාක්ෂණික දෝෂය නිරාකරණය කිරීමට තීරණය කර තිබේ.

    විදෙස් මාධ්‍ය පවසන්නේ පවර් කන්වටරය පාලනය කිරීමට යොදා ගන්නා මෘදුකාංගයේ ප්‍රශ්නයක් නිසා මෙම තාක්ෂණික දෝෂය හටගන්නා බවත් මෙය රියදුරන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බවයි.

    මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් කිසිදු අනතුරක් මේ වනවිට සිදුව නොමැති බව ලෝකයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගම වන ටොයොටා පවසා තිබේ.

    සමාගම කියා තිබෙන්නේ  ජපානය තුළ විකුණා තිබෙන Prius හයිබ්‍රීඩ් මෝටර් රථ 997,000 ක් උතුරු ඇමරිකාවට අලෙවි කර තිබෙන එවැනි මෝටර් රථ 713,000 ක් මේ යටතේ නැවතත් සමාගම වෙත කැඳවන බවයි. ඉතිරි ප්‍රමාණය යුරෝපය, මැදපෙරදිග සහ චීනයට විකුණා තිබෙන ඒවාය.