Raffles Residence මේ සතියේදී විවෘත කෙරේ

    March, 8, 2016

    නුගේගොඩ නගර මධ්‍යයේ ඉදි කෙරුණු නවතම "Raffles Residence" උත්සව ශාලා පරිශ්‍රය, එළඹෙන 13වන ඉරිදා ජනතාව වෙනුවෙන් විවෘත කෙරේ. පෙ.ව. 10.00 සිට ප.ව. 6.00 දක්වා පැවැත්වෙන සමාරම්භක උළෙල සඳහා පැමිණ සිය ආයතනය සතු සුවිශේෂිතා මෙන්ම විවාහ උත්සව ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් ද හඳුනා ගන්නා ලෙස Raffles Recidence ආයතනය ජනතාවට ඇරයුම් කර සිටී. අංක. 262, කෝට්ටේ පාර, මිරිහාන, නුගේගොඩ (ජුබිලි කණුව අසළ) යන ස්ථානයෙහි මෙම උත්සව මන්දිරය පිහිටා ඇත.

    සත්කාරක, සංචාරක, ආහාර-පාන සැපයුම් සහ ව්‍යාපෘති කළමනාකරණ ආදී ක්ෂේත්‍ර රැසක නියැලෙන වසර 15 කට අධික අත්දැකීම් සම්භාරයකට හිමිකම් කියන Raffles Consolidated සමාගම් සමූහයට අනුබද්ධිතව Raffles Residence ක්‍රියාත්මක වේ.

    ආසන 300 සහ ආසන 100 ධාරිතාවයෙන් යුතු උත්සව ශාලා දෙකකින් සමන්විත Raffles Residence මන්දිරය, Lassana Flora, Our Burst Entertainment සහ Five Star Events ආදී මෙරට ප්‍රමුඛ පෙළේ විවාහ උත්සව සේවා සම්පාදකයන්ගේ වට්ටම් සහිත සේවා රැසකින් ද සවිබල ගැන්වී ඇත. විවාහ උත්සවයක් සැලසුම් කිරීමේ සිට සුදානම් වීම සහ උළෙල විධිමත් ලෙස පැවැත්වීම දක්වා සියලු අදියරවලදී මෙම විශිෂ්ට සේවා සම්පාදකයන්ගේ සහය ලබා ගැනීමේ හැකියාව මෙහි පවතී. මීට අමතරව, විවාහ ණය පහසුකම් ද සිය පාරිභෝගිකයන් හට ලබා දීම සඳහා Raffles Residence මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු සහ මුල්‍ය ආයතන සමග සාකච්ඡා පවත්වමින් සිටී.

    "අපගේ සේවා ජාලය තවදුරටත් පුළුල් කරමින් මෙම නවතම උත්සව ශාලා පරිශ්‍රය ජනතාව වෙනුවෙන් විවෘත කිරීමට හැකි වීම පිළිබඳ අප ඉතාමත් සතුටු වනවා. විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් ලෙස මීට අදාළ ක්ෂේත්‍ර රැසක අප සතු අත්දැකීම් සම්භාරය හේතුවෙන් විවාහ උත්සව ක්ෂේත්‍රය අපට ආගන්තුක වූවක් නොවේ. ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නාමයන් රැසක් සමග අප අත්වැල් බැඳගෙන සිටින අතර එමගින් අපගේ පහසුකම් සහ අගනාකම් තවදුරටත් වර්ධනය කිරීම අපගේ අරමුණයි." Raffles Consolidated සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ටෝනි බොහොරාන් මහතා සඳහන් කළේය.

    නිදහස් වටපිටාවකින් යුතු මෙම උත්සව මන්දිරය, නුගේගොඩ නගර මධ්‍යයේ පිහිටා ඇති බැවින් කොළඹ නගරයේ ඕනෑම ඉසවුවකින් පැමිණෙන පාරිභෝගික ජනතාව හට පහසුවෙන් ඒ වෙත ළඟා විය හැකිය. විවාහ කරන යුවළගේ අවශ්‍යතාවන්ට ඔබින සේවාවක් ලබා දීම සඳහා Raffles Residence කාර්යමණ්ඩලය නිබඳව සැදී පැහැදී සිටී.

    1999 වසරේදී ඇරඹුණු Raffles Catering සමාගම, ආයතනික, පුද්ගලික සහ උළෙල ආහාර සැපයුම් සඳහා කොළඹ පුරවරය තුළ කීර්තිමත් නාමයකට හිමිකම් කියයි. ආයතන සහ ඉහල පෙළේ සේවාදායකයන් රැසක් සඳහා එය සිය සේවාවන් ලබා දී ඇත. නිර්මාණශීලි බව, නැවුම් බව සමගින් එක්-එක් සේවාදායකයාගේ අවශ්‍යතාවට අනුව සකස් කරන ලද වෘත්තීය මට්ටමේ සේවාවක් ලබා දීමට මෙම තරු පහේ ආහාර සැපයුම් සමාගමට හැකියාව පවතී.

    තමන්ගේම නිවහනක මෙන් සිය සමීපතමයන් සමග සිය සිතැඟි පරිදි ප්‍රිය සම්භාෂණයක් සැලසුම් කළ හැකි පරිශ්‍රයක් ලෙස Raffles Residence කැපී පෙනෙයි.

    0112818776 සහ tan@rafflescolombo.com මගින් වැඩි විස්තර ලබා ගත හැකිය.