December, 11, 2025
වසර ගණනාවක් පුරා, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය ශක්තිමත් කිරීම සඳහා රජය විසින් විවිධ සහනදායි ණය වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබ ඇත.
ඒවා අතරින්, කාර්මික සහ නිෂ්පාදන අංශවල ආයෝජන සඳහා SMILE - III අදියර, පරිසර හිතකාමී මුල්‍යකරණ සඳහා E-FRIEND - II අදියර සහ සියලුම ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා පුළුල් හා පහසු ප්‍රවේශයක් සහිත මූල්‍ය සහාය ලබා දෙන, රජය විසින් අරමුදල් සපයනු ලබන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම (RE-MSME) යන ණය යෝජනා ක්‍රම ඒකාබද්ධ කර, 2026 වර්ෂයේ සිට RE-MSME PLUS ක්‍රියාත්මක කිරීමටත්, ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ආපදා සහන (RE-MSME ‑ Disaster Relief) ණය යෝජනා ක්‍රමය නමින් නව ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇත.
ඒ යටතේ ව්‍යවසායකයන් 130,000කට පමණ ක්ෂණික සහ මධ්‍යකාලීන මූල්‍ය සහන ලබා දීමේ ක්‍රියාමාර්ග හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ. යෝජිත ණය යෝජනා ක්‍රමය යටතේ ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා රුපියල් 250,000/-ක සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා රුපියල් 1,000,000/-ක උපරිමයකට යටත්ව, මාස 06ක උපරිම සහන කාලයක් සහිතව වාර්ෂික 3%ක පොලී අනුපාතයක් යටතේ අවුරුදු 03ක කාලසීමාවක් සඳහා අවශ්‍ය අරමුදල් සලසා දීමට පියවර ගනු ඇත.
ඒ අනුව, RE-MSME PLUS ණය යෝජනා ක්‍රමය සහ RE-MSME ‑ Disaster Relief ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story