දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෛනිකව ආධාර ලැබෙමින් පවතී.
ඊයේ (09) දිනයේදී පෞද්ගලික සමාගම් රැසක් විසින් සිය මූල්‍යමය පරිත්‍යාග ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දෙන ලදී.
ඒ අනුව,
- Naturub Group Of Companies සභාපති තිස්ස ඉලේපෙරුම මහතා විසින් රුපියල් මිලියන 100ක්ද,
- ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් සභාපති එම්. සෙල්වරාජ් මහතා විසින් රුපියල් මිලියන 20ක්ද, රුපියල් මිලියන 20ක්ද,
- Yaden Laboratories පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශෂීමාල් දිසානායක මහතා විසින් රුපියල් මිලියන 20ක්ද,
- Anunine Holdingsහි සභාපති අනුරත් අබේරත්න මහතා විසින් රුපියල් මිලියන 25ක්ද,
- Macksons Paints Lanka (Pvt.) Ltd සභාපති මිල්ෆර් මාකන් මහතා විසින් රුපියල් මිලියන 15ක්ද,
- Sirilak Sea Food (Pvt.) Ltd කළමනාකාර අධ්‍යක්ෂ ඩී. ඒ. නිශ්ශංක මහතා විසින් රුපියල් මිලියන 05ක්ද,
- Narmatha Gold Center (Pvt.) Ltd සභාපති එන්. ජෙගතීස්වරන් මහතා විසින් රුපියල් මිලියන 2.5ක්ද
- IWW Steel Industries සභාපති ආචාර්ය සිවලිංගම් රමේෂ් මහතා විසින් රුපියල් මිලියන 2.5ක්ද වශයෙන් මූල්‍යමය පරිත්‍යාග සිදු කරනු ලැබීය.
එම සමාගම්වල සභාපතිවරුන් සහ කළමනාකාර අධ්‍යක්ෂකවරුන් විසින් ජනාධිපති ලේකම්වරයා වෙත ඊට අදාළ චෙක්පත් පිළිගන්වනු ලැබූ අතර, එම සමාගම්වල අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.