February, 23, 2026
මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තාක්ෂණික විසඳුම් සපයන්නා වන Retail IT (පුද්ගලික) සමාගම, Sumathi Information Technologies හි ඒකාබද්ධ විශේෂඥතාවය සමගින්, 2026 වසරේ තාක්ෂණික උපාංගයන් ප්‍රදර්ශනය කරන ‘Retail Industry: Technology Trends 2026 – The Enterprise Experience’ වැඩසටහන, පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හිදී උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය. දෛනිකව වැඩිවන මෙහෙයුම්, ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවන් සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අභියෝග සඳහා සාමාන්‍ය ව්‍යාපාරිකයින් සහ මහා පරිමාණ ව්‍යාපාරිකයින් අනුවර්තනය විය යුතු ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
මෙම අවස්ථාව සඳහා දිවයින පුරා සිටින ව්‍යාපාර හිමිකරුවන්, මෙහෙයුම් අධ්‍යක්ෂවරුන් සහ ව්‍යවසාය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ සම්පාදකයින් රැසක් එක්ව සිටි අතර, ඔවුහු සුළු හා මහා පරිමාණ ව්‍යාපාරයන් හි වර්ධනය උදෙසා පුළුල් දායකත්වයක් ලබා දෙන පිරිසක් වූහ. මෙහිදී ඒකාබද්ධ ERP පද්ධති, උසස් POS පද්ධති, ව්‍යාපාරවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කෙරෙන ස්මාර්ට් ආරක්ෂක විසඳුම්, මෙහෙයුම් දෘශ්‍යතාව ශක්තිමත් කිරීමට සහ තිරසාර වර්ධනයට සහාය විය හැකි ආකාරය සජීවී නිරූපණයන් සහිතව ඉදිරිපත් කරමින්, නවීන තාක්ෂණයන්හි ප්‍රායෝගික භාවිතයන් පිළිබඳව අවධානයක් යොමු කළේ ය.
මෙදින උත්සව සන්ධ්‍යාවේ කැපී පෙනෙන අවස්ථාවක් වූයේ ව්‍යාපාරික මෙහෙයුම්, දත්ත කළමනාකරණය සහ ආරක්ෂක පද්ධති එකාබද්ධ පද්ධතියක් ලෙස ක්‍රියා කළ හැකි ආකාරය පෙන්නුම් කළ ප්‍රායෝගික සිදුවීම් හරහා හඳුන්වා දුන් Adler ERP (ඒකාබද්ධ ව්‍යවසාය ව්‍යපාර කළමනාකරණ වේදිකාවක්) ශ්‍රී ලංකාව තුළ දියත් කිරීම යි. මෙහිදී POS සහ Kitchen Display වැනි නවතම සුවිශේෂී උපාංගයන් ඉදිරිපත් කරනු ලැබුවේ Posiflex Taiwan හි Kelly Lee මහත්මිය විසිනි.
මෙම උත්සව අවස්ථාව ආමන්ත්‍රණය කරමින් සුමති සමූහයේ IT Cluster හි ප්‍රධාන විධායක නිලධාරී චන්දිම වික්‍රමතුංග මහතා මෙසේ පැවසීය. ‘‘ව්‍යාපාරික ක්ෂේත්‍රය, ERP පද්ධති සහ POS උපාංගවල සිට ඩිජිටල් ගෙවීම් සහ විශ්ලේෂණයන් දක්වා පරිවර්තනය වී ඇති පසුබිමක, සිය ව්‍යාපාර කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට මෙන්ම ස්ථාවර වර්ධනයක් කරා යාම සඳහා විශ්වාසවන්ත හවුල්කරුවෙකු සමග කටයුතු කිරීම ඉතාම වැදගත් වේ’’
ව්‍යාපාරික හා ව්‍යවසායක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් මුහුණ දෙන වර්තමාන අභියෝග, පද්ධති ඒකාබද්ධ කිරීම, දත්ත මත පදනම් වූ තීරණ ගැනීම සහ මෙහෙයුම්වලට ඔරොත්තු දීමේ හැකියාව ඇතුළු වැදගත් කරුණු සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් විසින් මෙහෙයවන ලද සාකච්ඡාවන් සහ විසඳුම් මාර්ගෝපදේශයන් ද මෙම වැඩසටහනට අන්තර්ගත විය. එමෙන්ම මෙහි පැමිණ සිටි පිරිස් හට ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි උපායමාර්ගයන් හා සම්බන්ධ වීමට ද අවස්ථාව සලසා දී තිබුණි.
Retail IT හි ව්‍යාපාර ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගත් නවෝත්පාදනයන් සහ Sumathi Information Technologies හි ඒකාබද්ධ විශේෂඥතාවය තුළින් ව්‍යාපාරවලට වඩාත් කාර්යක්ෂම සිය සේවාව ලබා දීමට හැකි වන පරිදි දිවයින පුරා වේගවත් තාක්ෂණික සහ මෘදුකාංග සහායක් ලබා දීමට හැකි වී තිබීම සුවිශේෂී වේ. එමෙන්ම ප්‍රමුඛපෙළේ ගෝලීය තාක්ෂණ සැපයුම්කරුවන් සඳහා බලයලත් ව්‍යාපාරික හවුල්කරුවන් වශයෙන්, ව්‍යවසාය ජාලකරණය, දත්ත ආරක්ෂාව, ඒකාබද්ධ සන්නිවේදනය, ස්මාර්ට් යටිතල පහසුකම්, cloud පහසුකම් සහ අවසන් පරිශීලක උපාංග (end-user) දක්වා තාක්ෂණික විසඳුම් ලබා දීමට SIT විසින් ඉහළ ප්‍රමිතියෙන් යුත් ඉංජිනේරු කණ්ඩායම් යොදවා තිබේ.
ඒ අනුව නවෝත්පාදනය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, Retail IT සමාගම, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික තාක්ෂණික අංශයේ පුරෝගාමියෙකු ලෙස සිය ස්ථානය යළිත් වරක් තහවුරු කරගෙන තිබේ. ප්‍රායෝගික විසඳුම් සමගින් ව්‍යාපාරික වෙළෙන්දන් ඩිජිටල් තාක්ෂණය මුල් කරගත් මෙහෙයුම්වලට අනුවර්තනය කරමින්, ඔවුන්ට සහාය වීම සඳහා Retail IT සමාගම දක්වන අඛණ්ඩ කැපවීම මෙවැනි වැඩසටහන් ඔස්සේ මනාව නිරූපණය වේ.
Video Story