‘Ride with Richlife’ පළමු අදියරේ දිනුම් ඇදීම පැවැත්වෙයි

    June, 2, 2017

    රිච්ලයිෆ් කිරි සහ සන්ගෝල්ඩ් නෙක්ටා නිෂ්පාදනය කරන රේණුකා ෆුඩ්ස් ආයතනය දියත් කළ Ride with Richlife පාරිභෝගික ප්‍රවර්ධන තරගයේ පළමු අදියර පසුගියදා නිමාවට පත්විය. වැනිලා, චොක්ලට්, ස්ට්‍රෝබෙරි සහ අයිස් කෝපි යන රස සහිත රිච්ලයිෆ් කිරි මෙන්ම දොඩම්, අඹ, පේර සහ තැඹිලි  යන රසවලින් වෙළෙඳපොළට පැමිණෙන සන්ගෝල්ඩ් නෙක්ටා පානය මහත් පාරිභෝගික ආකර්ෂණයක් හිමිකරගත් නිෂ්පාදන වේ.

    එම නිෂ්පාදනවලින් කැමැති නිෂ්පාදන තුනක මතුපිට දවටන තුනක් කපා එවීමෙන් මෙම ප්‍රවර්ධන තරගයට සහභාගී වීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට හිමිවිය. ඒ අනුව පසුගියදා පැවැති පළමු දිනුම් ඇදීමේදී නාකියාදෙණියේ පදිංචි ළහිරු මධුසංඛ පළමු ත්‍යාගය ලෙස පිරිනැමුණු හොන්ඩා ඇක්ටිවා ස්කූටරය ජයග්‍රහණය කිරීමට සමත්විය. ඊට අමතරව තවත් ජයග්‍රාහකයින් 10 දෙනෙකු තෝරාගැනුණු අතර ඔවුන්ට ස්මාර්ට් මවුන්ටන් බයිසිකලය බැගින් හිමිවිය. එම ජයග්‍රාහකයින් වූයේ, ආර්. එම්. සෝමරත්න, ජී.ජී. ආරියවංශ, සරත්බන්දු, එස්. මුබාරක්, ෆිර්සාන්, මල්ලිකා දසනායක, එම්. කන්දසාමි, ඒ.එස්. අබ්දුල්ලා සහ මහේෂ් අතුල මංචනායක යන අය ය.

    කුසපත් ඇදීමේ අවස්ථාව සඳහා එක්වූ රේණුකා ෆුඩ්ස්හි ප්‍රධාන විධායක නිලධාරී නිශාන්ත ජයසූරිය මහතා අතින් ස්කූටර් ජයග්‍රාහකයා තෝරාගැනුණු අතර සැනසිලි ත්‍යාග තේරීම සඳහා රේණුකා ෆුඩ්ස්හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දිනේෂ් නල්ලයියා, ප්‍රධාන මානව සම්පත් නිලධාරී නිලන්ත ජයසිංහ, මූල්‍ය පාලක උපුල් වීරරත්න හා අලෙවි කළමනාකරු ගයාන් කල්දේරා යන මහත්වරු එක්ව සිටියහ. එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍යංශ නිලධාරීන් ද සහභාගී විය.

    තරගයේ දෙවැනි අදියර මේ වනවිටත් ක්‍රියාත්මකව පවතින අතර හොන්ඩා ඇක්ටිවා ස්කූටරය සහ මවුන්ටන් බයිසිකල් 10 බැගින් පිරිනැමෙන තවත් දිනුම් ඇදීම් වට දෙකක් ජූලි සහ ඔක්තෝබර් මාසවලදී පැවැත්වීමට නියමිතය. සියලු ජයග්‍රාහකයින්ට ඒ පිළිබඳ පෞද්ගලිකව දැනුම් දෙනු ලබන අතර අවසන් දිනුම් ඇදීමෙන් පසු පැවැත්වෙන ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා ඔවුන් සියලුදෙනාටම ආරාධනා කෙරේ.

    (තරගයේ ලියාපදිංචි අංකය- WP/GT/4697-A)

    Ride-with-Richlife-draw

    සේයාරුව: ‘Ride with Richlife’ වාසනාවන්ත ජයග්‍රාහකයා වන ළහිරු, Richlife ප්‍රධාන මෙහෙයුම් නිලධාරී දිනේෂ් නල්ලයියා මහතා සමඟ