Riu Sri Lanka වෙතින් උපරිම වින්දනයක්

    August, 24, 2017

    වින්දනයෙන් සහ විනෝදයෙන් තොර හෝටල් අත්දැකීමක් ඵල රහිත බව මනාව පිළිබිඹු කරමින් Riu Sri Lanka හෝටලය සාමාන්‍ය සුවපහසු කාමර, තරු පංතියේ පහසුකම් සහ විවිධ සම්ප්‍රදායන්ට අයත් ආහාර-පාන ලබා දීමෙන් ඔබ්බට යමින් පැය 24 පුරා ක්‍රියාත්මක all-inclusive අත්දැකීම මෙරට ජනතාව වෙනුවෙන් පිරිනමයි.

    හෝටලය තුළ විවිධ සංගීත, නර්තන සහ විනෝද අංග සඳහා දවස පුරා සහභාගී වීමට සංචාරකයන්ට මේ අනුව අවස්ථාව උදාකර ඇත. වැඩිහිටියන්ට හෝටලය තුළ ඇති නුවර, ලෝන්ජ්, ෆ්ලැමිංගෝස් පූල් බාර් සහ කැරෝකේ මධ්‍යස්ථානවලදී නොමිලයේ දේශීය සහ විදේශීය පාන වර්ග ලබා ගැනීමේ පහසුව ද මෙහිදී සංචාරකයන්ට හිමිකර දී තිබේ.

    Riu Sri Lanka හෝටලය ක්‍රියාත්මක කරන 'RiuFit' උදෑසන වැඩසටහන සඳහා සහභාගී වෙමින් ව්‍යායාමවල නිරත වෙමින් මානසික ආතතියෙන් මිදීමට ද සංචාරකයන්ට හැකිය. මෙම වැඩසටහන යටතේ වෘත්තීය යෝගා පුහුණුකරුවෙකු විසින් යෝගා වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරේ. හෝටලය තුළ විශාල පිහිනුම් තටාක තුනක් ඇති අතර, සියලු ම අමුත්තන් හට හුමාල, වර්ල්පූල් ස්නානය, ජකුසි අත්දැකීමක් මෙන්ම විවිධ ව්‍යායාම උපකරණවලින් සමන්විත ශරීර සුවතා මධ්‍යස්ථානය භාවිතා කිරීමට ද පහසුකම් සලසා ඇත.

    රාත්‍රී කාලයේදී ජාත්‍යන්තර සංගීත කණ්ඩායම් විවිධ සම්ප්‍රදායයන්ට අයත් සංගීත ඛණ්ඩ, නර්තන සහ වෙනත් ඉදිරිපත්කිරීම් සිදු කරයි. ඊට අමතරව, හෝටලය විසින් සතියකට දෙවරක් කොළඹින් දක්ෂ සහ ජනප්‍රිය නර්තන කණ්ඩායම් ගෙන්වා සම්ප්‍රදායික සහ ජාත්‍යන්තර නර්තන අංග ඉරිපත් කරනවනු ලබයි. විනෝදය සඳහා බාධාවක් නොවන ලෙස මෙම සංදර්ශන අඛණ්ඩව පැයක කාලයක් පුරා ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.

    ජලය ආශ්‍රිතව ජල ව්‍යායාම, ස්වායු ව්‍යායාම, වෙරළ වොලිබෝල්, වෝටර් පෝලෝ, තටාක වොලිබෝල් සහ තවත් ක්‍රියාකාරකම් රැසක නිරත වීමට අමුත්තන්ට හැකිය. වයස අවුරුදු 4 සිට 7 දක්වා සහ වයස අවුරුදු 8 සිට 12 දක්වා වයස් ඛාණ්ඩ දෙකක් යටතේ දරුවන් වෙනුවෙන් විවිධ විනෝද අංග රැසක් ද හෝටලය තුළ සංවිධානය කෙරේ. තවද, ඔවුන් වෙනුවෙන් ම වෙන් කෙරුණු ළමා පිහිනුම් තටාකයක් ද, අලංකාර ක්‍රීඩා පිටියක් ද හෝටලය තුළ වෙයි. "RiuLand' ලෙස නම්කර ඇති මෙම පහසුකම මගින් දරුවන්ට Riu හෝටලයේ ක්‍රියාකාරකම් සම්බන්ධිකාරකගේ අධීක්ෂණය යටතේ අමතක නොවන අත්දැකීමක් හිමිකර ගත හැකිය.

    අමුත්තන්ගේ නිර්මාණශීලිත්වය සඳහා ද ඉඩහසර ලබා දෙමින් වයස අවුරුදු 12ට දරුවන් සඳහා හෝටලය RiuArt නමින් නිර්මාණශීලි වැඩසටහනක් දියත් කරයි. මෙහිදී කාලය පිළිබඳ අවධානය යොමු නොකර, විවිධ හැඩතල, වර්ණ ඇතුළු ඕනෑම දෙයක් භාවිත කරමින් සිය නිර්මාණශීලි බව පෙන්නුම් කිරීමට දරුවන්ට හැකිවන අතර ඔවුන් හට අවශ්‍ය මගපෙන්වීම ලබා දීම සඳහා සිතුවම් විශේෂඥයෙක් ද Riu හෝටලය සතුය.

    පැය 24 පුරා ක්‍රියාත්මක all-inclusive පහසුකම සහිත Riu Sri Lanka හෝටලය, ඉන්දියන් සාගරයට මුහුණලා පිහිටා ඇති අතර, මනරම් වටපිටාවකින් ද එය සමන්විතය. බැල්කනියකින් හෝ ටෙරසයකින් මෙන්ම 43" පැතලි තිර රුපවාහිනි යන්ත්‍රයක්, වායු සමීකරණ පහසුකම්, විද්‍යුත් සේප්පුවක් සහ සහනදායී මිලකට භාවිතා කළ හැකි මිනි බාර් එකක් සහිත කාමර 501කින් හෝටලය සමන්විතය. රිටි පන්න සහ සිලෝන් ලෙස නම්කර ඇති බුෆේ ආපන ශාලා දෙකක් ද, ආසියානුම් ඉතාලි සහ බාබකියු ආපන ශාලා තුනකින් ද හෝටලය සමන්විතය. Nuwara, The Purple Lounge, After Hours සහ Flamingos මෙන්ම Pacha රාත්‍රී සමාජ ශාලාව තුළ පාන වර්ග අත්විඳීමට හෝටලය පහසුකම් සලසා ඇත.