February, 9, 2024
ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළට එක්වීමට නියමිත මීළඟ සමාගම වන RM Parks සමාගම මේ වන විට අදාළ බලපත්‍ර ගාස්තු සහ තැන්පතු ගාස්තු ගෙවා ඇති බවත්, ඔවුන්ගේ පළමු නැව මෙරටට ළඟා වීම සඳහා මේ වන විට දින ලබාදිය හැකිව ඇත්තේ තවත් මාස 02කින් පමණ බවත් විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා පවසයි.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
“දැනට RM Parks සමාගම මේ වෙද්දී ඩොලර් මිලියන 3ක්, ඒ කියන්නේ ලයිසන් එක ඩොලර් මිලියන 2යි, ඒ වගේම ඩිපොසිට් එක ඩොලර් මිලියනයයි, මේ ඩොලර් මිලියන 3ම ගෙවලා තියෙනවා. ඒගොල්ලෝ දැන් ස්ටොක් කමිටි එකටත් ඇවිල්ලා LayCan එකක් ඉල්ලලා තියෙනවා. සාමාන්‍යයෙන් සෑම සතියකම තියෙනවා අපේ කමිටි එකක්. මේ කමිටි එකේ තමයි නැව්වලට අවශ්‍ය ස්පොට්ස් ලබා දෙන්නේ. මාසේ අපි බෙදලා තියෙනවා, මේ මාසේ මෙන්න මේ දවසේ එන්නේ ඩීසල් නැවක්. මෙන්න මේ දවසේ එන්නේ පෙට්‍රල් නැවක්, මේ දවසේ සුපර් ඩීසල්. මේකේ මික්ස් එකක්, සාමාන්‍යයෙන් මාස 03ක් ඉස්සරහට අපි මේ කමිටි එකෙන් ප්ලෑන් කරනවා. එතකොට අලුතෙන් කෙනෙක් ඇවිල්ලා ඉල්ලුවාට අපිට එවෙලේ දෙන්න හැකියාවක් නැහැ. ඒ හින්දා දැන් RM Parks සමාගම ඉල්ලීම කරලා තියෙනවා. මේ වෙද්දී ස්ටොක් කමිටි එකේ සාකච්ඡා කරලා තියෙනවා, මාස 02ක් ඉස්සරහට තමයි ඒගොල්ලන්ට පළවෙනි ස්පොට් එක පිට ලබා දෙන්න වෙන්නේ මෙන්න මේ වෙලාවේ තමයි ඔයගොල්ලන්ට නැව ගේන්න පුළුවන් කියලා.“
Video Story