April, 27, 2016
ජලනල සහ තමෝප්ලාස්ටික් පයිප්ප අලෙවියේ සහ නිෂ්පාදනයේ මෙරට ප්රමුඛයාවන S-lon ලංකා සමාගමට 20වන වරට පැවති JASTECA සම්මාන උළෙලේදී Taiki Akimoto 5S කුසලතා සම්මානය හිමි විය. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු කෙනිචි සුගනුමා මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල කොළඹ ගලධාරි හෝටලයේදී පසුගියදා පැවැත්විණි. 5S සහ කයිසෙන් වැනි ජපාන කළමනාකරණ පද්ධති මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශ තුළ භාවිතයට ගැනීම සඳහා එම සංවිධාන දිරිමත් කිරීම ඉලක්ක කර ගනිමින් ජපන් ශ්‍රී ලංකා කාර්මික සහ සංස්කෘතික සංගමය (JASTECA) විසින් මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කෙරේ.
5S සංකල්පය නිබඳව සිය මෙහෙයුම් ක්‍රියාවලියට දායක කර ගනිමින් විශිෂ්ටත්වය වෙනුවෙන් S-lon ලංකා සමාගම දක්වන කැපවීම, අඛණ්ඩව 5S කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීම තුළින් තවදුරටත් තහවුරු විය. 5S සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා සංවිධාන අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳ සිදු කෙරෙන තදබල ඇගයුම් ක්‍රියාවලියකින් අනතුරුව Taiki Akimoto 5S සම්මානය පිරිනැමේ. අඛණ්ඩ වර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා ලොව පුරා සංවිධාන සහ ව්‍යාපාර 5S ක්‍රමය ක්‍රියාත්මක කරයි. මෙම ක්‍රමය අනුගමනය කරමින් සිය කාර්යාලයේ ද එය ඉතා මැනවින් ක්‍රියාත්මක කර ඇති S-lon සමාගම, සෑම අංශයක් තුළ ම විශිෂ්ටත්වය ළඟා කර ගැනීම සඳහා කටයුතු කරයි.
5S ක්‍රමය සාර්ථකව ක්‍රියාවට නැංවීම තුළින් ඵලදායීතාව, පිරිවැය, චිත්ත ධෛර්යය, සුරක්ෂිතතාව, කාර්යක්ෂමතාව, ප්‍රමිතිය, කණ්ඩායම් හැඟීම, උනන්දුව සහ නිර්මාණශීලිත්වය ආදී ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPI) වල සමස්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට S-lon සමාගම සමත්ව සිටී.
වර්තමානයවන විට S-lon වෙළඳ නාමය යටතේ නිෂ්පාදනය හා බෙදාහැරීමේ ක්‍රියාවලියට අයත් නිෂ්පාදන පෙළක් පවතින අතර, එය මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ විශ්වාසය දශක ගණනාවක් පුරා අඛණ්ඩව හිමිකර ගත් නිෂ්පාදන පෙළකි. එම නිෂ්පාදන අතරින්, විවිධ අවශ්‍යතා සඳහා යොදා ගන්නා විවිධ ප්‍රමාණයන්ගේ පයිප්ප හා උපාංග පෙළක්, වැසි ජල පරිවහන පද්ධති, අපද්‍රව්‍ය පරිවහන නළ හා උපාංග, උණු ජල නල පද්ධති, විවිධ මාදිලි රැසක බෝල් වෑල්ව්, ප්ලාස්ටික් ටැප්, ක්‍රෝම් ප්ලේටඩ් ෆෝසට් සොකට් හා උපාංග, වතුර පොම්ප, පයිප්ප අලවන ගම්, ගාර්ඩ්න් මෙෂ් හා ගාර්ඩ්න් උපාංග මෙරට වෙළඳපල තුළ ඉහළ කීර්ති නාමයක් දිනා සිටින නිෂ්පාදන වේ.

සේයා රූ සටහන : පසුගියදා පැවති JASTECA සම්මාන උළෙලේදී Taiki Akimoto 5S සම්මානය හිමිකර ගත් S-lon ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය
Video Story