‘Sadaharitha Forestry Awards 2025’ හිදී සදාහරිත සමූහයේ විකුණුම් විශිෂ්ටයන්ට ඇගයුම්

    January, 26, 2026

    ‘Sadaharitha Forestry Awards 2025’, 2026 ජනවාරි 23 දින මොරටුව ‘Ramadia Grand’ හී දී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී සදාහරිත සමාගමේ විකුණුම් අංශය තුළ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ සාමාජික සමාජිකාව​න් ඇගයීමට ලක් වූහ. මෙම අවස්ථාවට සදාහරිත සමූහයේ සභාපති සතිස් නවරත්න මහතා ඇතුලුව අධ්‍යක්ෂ මණ්ඩලයේ හා කළමනාකාරීත්ව​ය මෙන්ම පසුගිය වසරේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සහ ආරාධිත අමුත්තන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    සදාහරිත සමාගමේ දියුණුව වෙනුවෙන් කැපීපෙනෙන ​දායකත්වයක් ලබාදෙමි​න් ඉහළම විකුණුම් දක්​ෂ​තා වාර්තා කළ විශිෂ්ටයන් ඇතුළුව එම සමාගමේ විකුණුම් අංශයේ තවත් අතිදක්ෂයන් පිරිසක් වෙත මෙහිදී සම්මාන පිරිනැමිණි. එම සම්මාන ඔවුන්ගේ දක්ෂතාවන්ට මෙන්ම උනන්දුවට හා කැපවීමට පිදුණු උපහාරයක් වූ අතර, එය සමාගමේ කාර්ය මණ්ඩලයේ සෙසු සාමාජික සාමාජිකාවන්ටද මහඟු ආදර්ශයක් විය. එමෙන්ම සම්මාන උළෙලේ සෑම සම්මානයක් තුළින්ම සදාහරිත සමාගමේ විශිෂ්ට ආයතනික සංස්කෘතිය​ද සංකේතවත් විය. සදාහරිත සමාගම වර්තමානයේ මෙරට අංක එකේ වාණිජ වන වගා කළමනාකරණ සහ හරිත ආයෝජන සමාගමයි.

    මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් සදාහරිත සමූහයේ සභාපති සතිස් නවරත්න මහතා මෙසේ පැවසී ය. අද රාත්‍රිය වෙන් වී ඇත්තේ, තමන් සතු ඉලක්කයන් නිරන්තරයෙන්ම සාර්ථක ප්‍රතිඵල බවට පත් කරන අපගේ විශිෂ්ටයින් ඇගයීම සඳහායි. අපගේ විකුණුම් කණ්ඩායම් හුදෙක් ඉලක්ක සපුරාගැනීමෙන් ඔබ්බට ගොස්, හරිත ආයෝජන කෙරෙහි විශ්වාසය ගොඩනැගීමටත්, තිරසාර වන වගා ක්ෂේත්‍රය තුළ අප සතු නායකත්වය තහවුරු කිරීමටත් සුවිශේෂී දායකත්වයක් ලබා දෙයි. ඔවුන් වසරින් වසර ආයතනයක් ලෙස අපව නව මානයන් කරා මෙහෙයවන අතර, අද දින ජයග්‍රාහකයින් විසින් පිහිටුවන ලද එම උසස් ප්‍රමිතීන් අප සැමට මහඟු ආදර්ශයකි. සදහරිත ආයතනය වර්ධනයේ මීළඟ අදියර කරා රැගෙන යන එම උත්සාහය තවදුරටත් ශක්තිමත් කිරීමට අපි සැමවිටම කැපවී සිටින්නෙමු.

    සදාහරිත සම්මාන උළෙල ​දී සමාගමට සිය අරමුණු ඉටුකර ගැනීමට නොමඳ දායකත්වයක් ලබා දුන් අලෙවි වෘත්තිකයන් ඇගයීමට අමතරව, සමාගමේ අනාගත සැලසුම් අනාවරණය කිරීම සහ ඉදිරි දැක්ම පිළිබඳව සහභාගී වූවන් දැනුවත් කිරීමක්ද සිදුවිය. වන වගා ක්ෂේත්‍රයේ පුරෝගාමි​යා ලෙස තමන් දිනාගෙන ඇති කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කරගන්නා අතරම තම ව්‍යාපාර කටයුතු ජාත්‍යන්තර තලය තුළද තවදුරටත් ව්‍යාප්ත කිරීම පිළිබඳවද අවධාරන​ය කෙරු​ණි.

    ලොව ප්‍රමුඛතම අගාවුඩ් සමාගම් 10 අතරින් එකක් ලෙස සැලකෙන සදාහරිත සමාගම සිය ප්‍රමුඛතම සන්නාමය වන “Sior Verde” යටතේ නිපදවන සුවඳ විලවුන් එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යය ඇතුළුව ලොව රටවල් රැසක අලෙවි කරයි. අගාවුඩ් ශාක ආමුකූලනය  සාර්ථක ලෙස වාණිජ මට්ටමින් කිරීම සඳහා සදාහරිත “SP Tech” තාක්​ෂන​ය මැලේසියාවේද භාවිතා කරනු ලැබේ. එමගින් වනාන්තර හෙළි කිරීම මගින් ඇති වන අහිතකර ප්‍රතිවිපාක වළක්වා ගැනීමට මෙන්ම ලොව ඉහළම තලයේ සුවඳ විලවුන් සඳහා භාවිතා වන වටිනාම අමුද්‍රව්‍ය අතරින් එකක් වන අගාවුඩ් තෙල් වඩාත් තිරසාර හා විශ්වාසනීය ලෙස සපයා ගැනීමට හැකියාව ලැබෙනු ඇ​ත.