Salesforce වෙතින් ශ්‍රී ලංකාවේ ව්‍යවසායක වපසරිය ශක්තිමත් කිරීම සඳහා නව වැඩසටහනක් දියත් කරයි

    January, 8, 2026

    ලොව අංක 1 AI CRM සමාගම වන Salesforce, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික පරිසරයක් වර්ධනයක් සහ නවෝත්පාදනය දිරිමත් කිරීම සඳහා "Salesforce Startup Program" වැඩසටහන් දියත් කරන බව අද නිවේදනය කළේය. 2026 ජනවාරි මස අවසානයේදී ක්‍රියාත්මක වීමට නියමිත මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාරවලට Salesforce සතු පුළුල් ජාලයට ප්‍රවේශ වීමේ අවස්ථාව හිමි වේ. මෙයට AI තාක්ෂණය පදනම් කරගත් නිෂ්පාදන, උපදේශන වැඩසටහන්, ඒකාබද්ධ වෙළඳපල අවස්ථා සහ ව්‍යාපාර වර්ධනය කර ගැනීමට අවශ්‍ය ප්‍රජා සහයෝගය ඇතුළත් වේ.

    ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් දියුණු වන ආරම්භක ව්‍යාපාරික ක්ෂේත්‍රය සහ ඉහළ වර්ධන හැකියාවන් සහිත නවෝත්පාදන ව්‍යාපාර හඳුනාගනිමින් Salesforce මෙම පියවර ගෙන ඇත. දකුණු ආසියානු කලාපය තුළ ඉන්දියාවට පසුව දෙවන ශක්තිමත්ම ආරම්භක ව්‍යාපාර පද්ධතිය ලෙස ශ්‍රී ලංකාව මේ වන විටත් ස්ථාපිත වී හමාරය. දේශීය ආරම්භක ව්‍යාපාරවලින් 60%ක්ම මෘදුකාංග සහ දත්ත පදනම් කරගත් නවෝත්පාදනයන් වීම Salesforce වැනි ගෝලීය දැවැන්තයෙකුගේ ආකර්ෂණය මෙරටට දිනා ගැනීමට ප්‍රධාන හේතුවක් වී ඇත.

    2021 දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ ආරම්භ කළ මෙම වැඩසටහන මේ වන විට ඉන්දියාවේ සහ සිංගප්පූරුවේ ආරම්භක ව්‍යාපාර 435කට අධික සංඛ්‍යාවකට (AI ක්ෂේත්‍රයේ ව්‍යාපාර 230කට වැඩි ප්‍රමාණයක් ඇතුළුව) සහය දක්වයි.

    Salesforce දකුණු ආසියානු කලාපයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී අරුන්ධතී භටාචාර්ය මහත්මිය මෙසේ අදහස් දැක්වීය. “ශ්‍රී ලංකාව දකුණු ආසියාව පුරා සහ ගෝලීය වශයෙන් දැකිය හැකි තාක්ෂණික කුසලතා සහ ව්‍යවසායක අභිලාෂයන් පිළිබඳ ශක්තිමත් පදනමක් ගොඩනගා ඇත. Salesforce හි ආරම්භක වැඩසටහන හරහා, ශ්‍රී ලංකාවේ නවෝත්පාදන මගෙහි පෙළඹවීමක් ඇති කරන කාර්යයක් ඉටු කිරීමට, ආරම්භක ව්‍යාපාරයෙහි පෙර පැවති සාර්ථකත්වයෙන් ඔබ්බට ගෝලීය මට්ටමින් තරඟ කළ හැකි සහ දිගුකාලීන ආර්ථික බලපෑමක් ඇති කළ හැකි සමාගම් ගොඩනැගීමට අපි කැපවී සිටිමු.”

    ශ්‍රී ලංකාව, Salesforce  සමාගමට ඉතා වැදගත් වෙළඳපලක් වන අතර, John Keells Holdings සහ Cinnamon Hotels වැනි ප්‍රමුඛ පෙළේ දේශීය සමාගම් දැනටමත් ඔවුන්ගේ සේවාවන් ලබා ගනී. මීට අමතරව, ඉදිරි වසර තුළ ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 1,000කට ආසන්න පිරිසකට ඩිජිටල් තාක්ෂණික පුහුණුව ලබා දීමට ද Salesforce  සැලසුම් කර ඇත.