September, 3, 2025
කෘතිම බුද්ධිය පිළිබඳ ගෝලීය සංවාදය බොහෝ විට අතිශයෝක්තිය සහ බිය අතර දෝලනය වෙමින් පවතී. එහෙත් ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාළ වන සත්‍ය සීමාව පවතින්නේ, AI වැඩසටහන් (AI Agents) වලට මිනිසුන් සමග, එක්ව වැඩ කිරීමට පුහුණු කිරීම, එහි ක්‍රියාකාරීත්වය මැන බැලීම සහ එය කෙරෙහි විශ්වාසය තැබිය හැක්කේ කෙසේද යන්න තීරණය කිරීම තුළය. Salesforce මගින් සිදුකර ඇති AI පර්යේෂණය එම සීමාව ඉදිරියට ගෙන යන්නක් වන අතර, එමගින් සමාගම් හා ආයතන ඩිජිටල් ශ්‍රමය භාවිතා කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරන නව්‍ය විසඳුම් යෝජනා කරයි.
මෙම වෙනසට පාදක වන එක් ප්‍රධානතම නවෝත්පාදනයක් වන්නේ, ව්‍යාපාර පරිසරයේ සංකීර්ණත්වය පිළිබිඹු කරන සුවිශේෂී හඳුන්වා දීමක් වන CRMArena-Pro විසඳුමයි. ගුවන් නියමුවන්, ශල්‍ය වෛද්‍යවරුන් හෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙර පුහුණුවීම්වල යෙදෙන ආකාරයටම, AI වැඩසටහන්ද සුරක්ෂිත පසුබිමක් තුළ නිවැරදිව පුහුණු කළ යුතුය. CRMArena-Pro මගින් ව්‍යාපාරවලට අසාර්ථක වීම තුළින් පැනනඟින පිරිවැය පිළිබඳ බියකින් තොරව, සැබෑ ලෝකයේ අභියෝග වන විකුණුම් පුරෝකථනය කිරීම, සේවා ඉල්ලීම් කළමනාකරණය කිරීම සහ සැපයුම් දාමයට ඇතිවන බාධා අවම කිරීම යනාදිය සම්බන්ධයෙන් නිසි පුහුණුවක් AI වෙත ලබාදීමට අවස්ථාව උදා කර දෙනු ලබයි. එමගින් පර්යේෂණාත්මක AI විසඳුම් නොව, නිවැරදි, කාර්යක්ෂම සහ විශ්වාසනීය AI වැඩසටහන් නිර්මාණය කළ හැකි වේ.
Agentic Benchmark for CRM යනු Salesforce මගින් යෝජනා කරනු ලබන, ඒ හා සමානව වැදගත් විසඳුමකි. මෙමගින් ප්‍රථම වතාවට අවිනිශ්චිත තොරතුරු මත රඳා පැවතීමෙන් තොරව, අදාළ AI විසඳුම ව්‍යාපාරයට සැබැවින්ම කෙතරම් ඵලදායී වන්නේද යන්න පරීක්ෂා කළ හැකි වේ. ඒ අනුව දැන් නිරවද්‍යතාව, පිරිවැය, වේගය, විශ්වාසය හා ආරක්ෂාව සහ තිරසාරත්වය යන ප්‍රධාන මිනුම් 5 යටතේ තම සූදානම මැන බැලීමට ව්‍යාපාරවලට අවස්ථාව හිමි වී ඇත. වත්මන් ලෝකය තුළ පරිගණක තාක්ෂණ භාවිතයේදී පාරිසරික බලපෑම් සම්බන්ධයෙන්ද දැඩි අවධානයක් යොමු කළ යුතු වන අතර, තිරසාරත්වයට ප්‍රමුඛත්වය දීම තීරණාත්මක අවශ්‍යතාවකි. AI තාක්ෂණය මගින් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත යුතු නමුත් අප එය කළ යුත්තේ පරිසරයට අවම බලපෑමක් ඇති වන පරිද්දෙනි.
මීට අමතරව MCP-Eval සහ MCP-Universe වශයෙන් තවත් විසඳුම් දෙකක් Salesforce මගින් හඳුන්වා දී තිබේ. එමගින් කෘත්‍රිම තත්වයන් මෙන්ම සැබෑ ලෝකයේ පවතින තත්වයන් යටතේ AI වැඩසටහන් පරීක්ෂාවට ලක්කරනු ලබයි. මෙම ද්විත්ව ප්‍රවේශය මගින් අදාළ AI ආකෘති සාර්ථක වන්නේ කුමන අවස්ථාවලද සහ අසාර්ථක වන්නේ කුමන අවස්ථාවලද යන්න මෙන්න, අනපේක්ෂිත තත්වයන් හමුවේ අනුගත වන්නේ කෙසේද යන්න තීරණය කළ හැකි වේ.
අවසන් වශයෙන්, Salesforce හි Account Matching සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු කළ යුතුය. එය කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ප්‍රධානතම දුර්වලතාවක් වන වැරදි දත්ත සම්බන්ධ ගැටලුව විසඳීමේ අරමුණින් හඳුන්වා දෙන ලද්දකි. මිලියන ගණනක් අනුපිටපත් හෝ නොගැළපෙන වාර්තා ස්වයංක්‍රීයව කළමනාකරණය කිරීම මගින් එය වඩාත් වඩාත් වේගවත් හා නිවැරදි තීරණ ගැනීම සඳහා AI වැඩසටහන්වලට අවස්ථාව උදා කර දෙයි.
මෙම හඳුන්වා දීම් හුදෙක් අධ්‍යාපනික හෝ පර්යේෂණ විසඳුම් නොවේ. ඒවා ප්‍රධාන තාක්ෂණ නිලධාරීන් සහ තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානීන් ඇතුළුව තොරතුරු තාක්ෂණ අංශවල වෘත්තිකයන්ට ප්‍රායෝගිකව භාවිතා කළ හැකි, AI Agents ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් බවට පත්වීමට නියමිත විසඳුම්ය. මෙවැනි විසඳුම් තුළින් AI හුදෙක් මිනිසුන්ට සහය වන තාක්ෂණයක් පමණක් නොව සක්‍රීයව රාජකාරි ඉටුකරන තාක්ෂණයක් බවට පත් කිරීමට හැකි වනු ඇත.