SEC සහ CSE ආයෝජක සම්මන්ත්‍රණය පානදුරේ දී

    March, 28, 2023

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් 2023 මාර්තු 18 වන දින පානදුර Jetwing Jie Jie Beach හි ආයෝජක සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.

    ආයෝජක අධ්‍යාපනයේ සහ ආයෝජකයන්ගේ ආරක්ෂාවේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර ඇත.

    දැනට සිටින සහ විභව ආයෝජකයින් ඇතුළුව සහභාගිවන්නන් 175 ක් මෙම සම්මන්ත්‍රණයට සහභාගී  විය. මෙම සම්මන්ත්‍රණය ආයෝජක අධ්‍යාපනය සහ ආයෝජකයන්ගේ ආරක්ෂාව පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දුන්නේය.

    SEC හි බාහිර සබඳතා සහ ප්‍රාග්ධන වෙළඳ‌පොළ අධ්‍යාපන අධ්‍යක්ෂ තුෂාර ජයරත්න මහතා විසින් ආයෝජන, ආයෝජනය කිරීමේ ක්‍රියාවලිය සහ කොටස් වෙළඳපොලේ ආයෝජනයේ වාසි සහ අවාසි පිළිබඳව මූලික දැනුමක් ලබා දෙන ලදී. CSE ජංගම යෙදුම (Mobile App) පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් CSE ජ්‍යෙෂ්ඨ විධායක (Digital Products), ශානිකා රාමනායක මහත්මිය විසින් පවත්වන ලදී.

    තවද, Softlogic Asset Management කළමනාකරිත්වයේ භාණ්ඩාගාර සහකාර උප සභාපති ශෂික වික්‍රමරත්න මහතා විසින් ආංශික කාර්ය සාධනය සහ වෙළඳපල අවස්ථා පිළිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලදී.

    තුෂාර ජයරත්න, ශෂික වික්‍රමරත්න, සහ CSE හි ශාඛා ජාලයේ කළමණාකාර නිශාන්ත බටගල්ල යන මහත්ම මහත්මින්ගේ සහභාගීත්වයෙන් විද්වත් සාකච්ඡාවක් පැවැත්විණි.

    කොටස් තැරැව්කාර සමාගම්වල ආයෝජන උපදේශකයින් සහ ඒකක භාර කළමනාකරණ සමාගම්වල නියෝජිතයින් හමුවීමට ද සහභාගිවන්නන්ට අවස්ථාව දෙන ලදී.

    මූල්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම හුවා දක්වමින් ආයෝජක අධ්‍යාපනය සහ ආරක්ෂාව හරහා දැනුවත් කිරීම සඳහා ත්‍රිකුණාමලය, කොළඹ, මීගමුව සහ මඩකලපුව වැනි ස්ථානවල තවත් ආයෝජක සම්මන්ත්‍රණ SEC සහ CSE විසින් සැලසුම් කර ඇත.