SEC සහ CSE ත්‍රිකුණාමලයේ ආයෝජක සම්මන්ත්‍රණයක් පවත්වයි

    March, 30, 2023

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින්  2023 මාර්තු 28 වන දින ත්රිකුණාමලයේ JKAB Beach Resort හි ආයෝජක සම්මන්ත්‍රණයක් පවත්වන ලදී.

    ආයෝජක අධ්‍යාපනයේ සහ ආයෝජකයන්ගේ ආරක්ෂාවේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුණි.

    ආයෝජක අධ්‍යාපනය සහ ආයෝජකයන්ගේ ආරක්ෂාව පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දුන්, 160 කට අධික පිරිසක සහභාගීත්වයෙන් පවත්වන ලද මෙම සම්මන්ත්‍රණට සහභාගීවූ බහුතරයක්, කොටස් වෙළඳපොළ ආයෝජනයන් සඳහා ප්රවිෂ්ට වීමට උනන්දුවක් දක්වන නවකයින් වීම විශේෂිතයි.

    SEC හි බාහිර සබඳතා සහ ප්‍රාග්ධන වෙළඳ‌පොළ අධ්‍යාපන අධ්‍යක්ෂ තුෂාර ජයරත්න මහතා විසින් ආයෝජන, ආයෝජනය කිරීමේ ක්‍රියාවලිය සහ කොටස් වෙළඳපොලේ ආයෝජනයේ වාසි සහ අවාසි පිළිබඳව මූලික දැනුමක් ලබා දෙන ලදී. CSE ජංගම යෙදුම (Mobile App) පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් CSE ජ්‍යෙෂ්ඨ විධායක (Digital Products), ශානිකා රාමනායක මහත්මිය විසින් පවත්වන ලදී.

    තවද, NDB සෙකියුරිටීස් පුද්ගලික සමාගමේ කළමනාකරු- පර්යේෂණ, නිරෝෂන් ද සිල්වා මහතා, විසින් ආංශික කාර්ය සාධනය සහ වෙළඳපල ආයෝජන අවස්ථා පිළිබඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලදී.

    තුෂාර ජයරත්න , නිරෝෂන් ද සිල්වා සහ CSE’ හි ජ්‍යෙෂ්ඨ උප සභාපති- අලෙවිකරණනිරෝෂන් විජේසුන්දර, යන මහත්වරුන්ගේ   සහභාගීත්වයෙන් විද්වත් සාකච්ඡාවක් ද පැවැත්විණි.

    ආශා සෙකියුරිටීස් සමාගම, ෆස්ට් කැපිටල් ඉක්විටිස් පුද්ගලික සමාගම, බාට්ලීට් රෙලිගෙයා සෙකියුරිටීස් පුද්ගලික සමාගම, LOLC සෙකියුරිටීස් සමාගම සහ NDB සෙකියුරිටීස් පුද්ගලික සමාගම යන කොටස් තැරැව්කාර සමාගම්වල ආයෝජන උපදේශකයින් හමුවීමට ද සහභාගිවන්නන්ට අවස්ථාව දෙන ලදී.

    මූල්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම හුවා දක්වමින් ආයෝජක අධ්‍යාපනය සහ ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම සඳහා, කොළඹ, මීගමුව සහ මඩකලපුව වැනි ස්ථානවල තවත් ආයෝජක සම්මන්ත්‍රණ ගණනාවක් ඉදිරියේදී පැවැත්වීමට SEC සහ CSE විසින් සැලසුම් කර ඇත.

    ඡායාරූප විස්තරය - (L-R)-SEC හි බාහිර සබඳතා සහ ප්‍රාග්ධන වෙළඳ‌පොළ අධ්‍යාපන අධ්‍යක්ෂ තුෂාර ජයරත්න, NDB සෙකියුරිටීස් පුද්ගලික සමාගමේ කළමනාකරු- පර්යේෂණ නිරෝෂන් ද සිල්වා සහ CSE’ හි ජ්‍යෙෂ්ඨ උප සභාපති- අලෙවිකරණනිරෝෂන් විජේසුන්දර.