Shah Rukh වෙනුවට Hrithik Roshan ලංකාවට

    July, 24, 2025

    අගෝස්තු මස 2 වනදා විවෘත කිරීමට නියමිත City of Dreams Sri Lanka හි සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් මින් පෙර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුනත් නොවැළැක්විය හැකි හේතුවක් මත එම අවස්ථාවට සහභාගී නොවන බව පසුගිය දා නිල වශයෙන් නිවේදනය කෙරුණි.

    නමුත් City of Dreams Sri Lanka යලිත් වරක් නිවේදනය කර සිටියේ එම අවස්ථාවට ජනකාන්ත ඉන්දීය සිනමා නළුනෙකු වන රිතික් රෝශන් සහභාගී වන බවයි.

    ඒ අනුව ‍රිතික් රෝශන් එළඹෙන අගෝස්තු 02 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර කොළඹ අලුතින්ම ඉදි වූ මෙම ව්‍යාපෘතිය ඔහුගේ සුරතින් විවෘත කිරීමට නියමිතයි.