Singer Fashion Academy සිය විලාසිතා ශිල්පීන් බල ගැන්වීම වෙනුවෙන් ‘En Vogue 2026’ ප්‍රදර්ශනය දියත් කරයි

    January, 29, 2026

    ශ්‍රී ලාංකික විලාසිතා ශිල්පීන්ගේ මීළඟ පරම්පරාව බල ගැන්වීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන Singer Fashion Academy, මෙරට විලාසිතා ක්ෂේත්‍රය ආශ්‍රිත නිර්මාණශීලීත්වය, ශිල්පීය හැකියාව සහ දක්ෂතා වර්ධනය කිරීම ඉලක්ක කර ගනිමින් සංවිධානය කළ 'En Vogue 2026' ප්‍රදර්ශනය පසු ගිය දා අති සාර්ථක ව පැවැත්විණි. දෙවන වරටත් පවත්වන ලද මෙම ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාවේ විලාසිතා අධ්‍යාපනය හා කුසලතා සංවර්ධනය වෙනුවෙන් Singer Fashion Academy විසින් ඉටු කරනු ලබන සුවිශේෂී කාර්යභාරයට උදාහරණයකි.

    වෘත්තීයමය භාවයට මූලිකත්වය ලබා දෙමින්  නිර්මාණය කර ඇති 'En Vogue 2026', Singer Fashion Academy තුළ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා හදාරන සිසු සිසුවියන්ගේ අද්විතීය නිර්මාණ එළිදැක්වීම සඳහා අවස්ථාව ලබා දී තිබුණි. මේ හරහා එම සිසු සිසුවියන්ට අධ්‍යාපනයට අමතර ව මෙරට විලාසිතා ක්ෂේත්‍රය වෙත පිවිසීමට අත්වැලක් ලබා දීම ද විශේෂත්වයකි.

    මේ පිළිබඳ ව අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා හි සමූහ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා පැවසුවේ, “Singer Fashion Academy, සිසු සිසුවියන්ට හුදෙක් අධ්‍යාපනය හා පුහුණුව පමණක් ලබා දීමෙන් පමණක් සෑහීමට පත් වන්නේ නැහැ. එහි දී ඔවුන්ගේ කුසලතා විශ්වාසයෙන් යුතු ව ඉදිරිපත් කරමින්  වෘත්තීය අවස්ථා කරා යොමු වීම සඳහා ව්‍යූහගත සහ කර්මාන්ත ඉලක්ක කර ගත් වේදිකාවක් නිර්මාණය කර දීම විශේෂත්වයක්. 'En Vogue 2026' මඟින් අපගේ සිසු සිසුවියන්ගේ කුසලතා සංවර්ධනය වෙනුවෙන් වගේ ම ශ්‍රී ලංකාවේ නිර්මාණාත්මක උරුමය ආරක්ෂා කිරීම සඳහා අපගේ අඛණ්ඩ ආයෝජනය පෙන්නුම් කරනවා. ඒ වගේ ම ශ්‍රී ලාංකේය විලාසිතා ක්ෂේත්‍රයට අවශ්‍ය වෘත්තිකයින් නිර්මාණය කිරීම වෙනුවෙන් Singer Fashion Academy  සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා.” යනුවෙනි.

    මෙම අවස්ථාවට Singer Fashion Academy ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසු සිසුවියන් 34 දෙනෙක් සහ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසු සිසුවියන් 7 දෙනෙක්  විවිධ තේමා අංශ නවයක් හරහා නිර්මාණ ඉදිරිපත් කළහ. ඊට අමතර ව, දිවයින පුරා පිහිටා ඇති Singer Fashion Academy සිසු සිසුවියන් 20 දෙනෙකු විසින් නිර්මාණය කරන ලද සාරි සහ උඩරට සාරි නිර්මාණ ද එහි දී ප්‍රදර්ශනය කෙරිණි.

    නිර්මාණශීලීත්වය, ශිල්පීය හැකියාව සහ සංස්කෘතිය ප්‍රදර්ශනය කරමින්, අනාගත නිර්මාණ කරුවන්ගේ කුසලතා සහ ශ්‍රී ලාංකික විලාසිතා ක්ෂේත්‍රය ආශ්‍රිත පොහොසත් උරුමය සැමරීම මෙම ප්‍රදර්ශනයේ මූලික අරමුණ විය. එමෙන් ම මෙම ප්‍රදර්ශනය,  සාම්ප්‍රදායික ආකෘති රැක ගනිමින් නව නිර්මාණ සඳහා අවස්ථාව සලසා දීම ද විශේෂත්වයකි.

    මේ පිළිබඳ ව අදහස් දක්වමින්, සිංගර් සමූහයේ ඇඟලුම් විසඳුම් සහ Singer Fashion Academy හි සාමාන්‍යාධිකාරී ටෙරන්ස් මාටින් මහතා මෙසේ පැවසීය. “'En Vogue 2026' ප්‍රදර්ශනය ශ්‍රී ලාංකේය විලාසිතා වෘත්තිකයන් පෝෂණය කිරීම සහ බල ගැන්වීම වෙනුවෙන් අපගේ කැපවීම පිළිබිඹු කරනවා. සිසු සිසුවියන්ට ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සහ තාක්ෂණික කුසලතා ප්‍රදර්ශනය කිරීම සඳහා වෘත්තීයමය වේදිකාවක් නිර්මාණය කිරීම හරහා ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමය මූලික කර ගනිමින්, විශ්වාසයෙන් යුතු ව ක්ෂේත්‍රය වෙත පිවිසීමට හැකි වන අයුරින් අපි ඔවුන් සූදානම් කරනවා.”

    මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය සහ නිර්මාණශීලීත්වය ඔප්නැංවීම සඳහා සිංගර් සමාගමේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරයි. දිවයින පුරා ශාඛා 52ක්  සහ මාර්ග ගත (Online) අධ්‍යන පහසුකම් සහිත  Singer Fashion Academy රට පුරා සිසු සිසුවියන්ට වෘත්තීය විලාසිතා අධ්‍යාපනික අවස්ථා ලබා දෙයි. එමෙන් ම Singer Fashion Academy, සිසු සිසුවියන්ගේ උසස් තත්ත්වයෙන් මෙන් ම නිර්මාණාත්මක බවින් සපිරි නිර්මාණ ඉදිරිපත් කිරීම සඳහා වෘත්තීය වේදිකාවක් ලබා දීම හරහා  ව්‍යවසායකත්වය පෝෂණය, නිර්මාණාත්මක ප්‍රකාශනය සහ ශ්‍රී ලාංකේය විලාසිතා ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.