Singer Wedding Registry – අන්තර්ජාලයෙන් තෑගි දෙන ක්‍රමයක් සිංගර් වෙතින්

    June, 9, 2016

    භාණ්ඩ වෙළඳ පොලේ මෙරට ප්‍රමුඛයා වන සිංගර් Singer Wedding Registry නමින් ශ්‍රී ලංකාවේ මුල් වරට අන්තර්ජාල ඔස්සේ තෑගි දෙන ක්‍රමයක් හඳුන්වාදෙයි. කොළඹ පැවති විශේෂ උත්සයකදී මෙම සුවිශේෂී සේවාව හඳුන්වා දෙන ලදී.

    විවාහප්‍රාප්ත වන නව යුවලට අත්‍යාවශ්‍ය වන ත්‍යාග තෝරා ගැනීමේ සහ එම ත්‍යාග නිවසටම ගෙන ගොස් භාරදීමේ සේවාව Singer Wedding Registry හරහා ලබාගත හැක. මෙම වෙබ් අඩවිය තුළ සිංගර් විසින් අලෙවි කරනු ලබන වෙළඳ නාම රැසකින් යුතු භාණ්ඩ 30 කට අධික ප්‍රමාණයක් අන්තර් ගත අතර විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින යුවළකට සිය කැමැත්ත පරිදි අවශ්‍ය භාණ්ඩ තෝරාගැනීමට මෙහිදී අවස්ථාව සැලසෙයි. මෙම භාණ්ඩ අතරට ගෘහ භාණ්ඩ සහ වෙනත් පාරිභෝගික භාණ්ඩ ද ඇතුළත් වෙයි.මේ අතරින් තමන්ට අවශ්‍ය භාණ්ඩ ලැයිස්තුගත කිරීමට මෙහිදී අවස්ථාව සැලසෙයි. මෙම අන්තර්ජාල සේවාව සඳහා මුලින් ලියාපදිංචි වන වාසනාවන්ත යුවළ 5 කට හැම්පර්ස් සහ තෑගි වවුචර් පිරිනැමීමට සිංගර් කටයුතු යොදා තිබේ.

    සිංගර් සමාගමේ නවතම සේවාව පිළිබදව අදහස් දක්වමින් සිංගර් හි මෙහෙයුම් අධ්‍යක්ෂ චන්දන සමරසිංහ මහතා සඳහන් කළේ වත්මන් සමාජය තුළ විවාහ උත්සවයකට සුදානම් වන යුවළ ඉතා කාර්ය බුහල වන අතර ඔවුන් නිරන්තරයෙන් අන්තර්ජාලය භාවිත කරමින් සිය ඉදිරි ජීවිතයට අවශ්‍ය භාණ්ඩ තෝරාගැනීම ආදිය සිදුකරන බවයි. මේ හේතුවෙන් මෙම Singer Wedding Registry සේවාව හරහා තමන් වෙත ත්‍යාග පිරිනැමීමට අපේක්ෂා කරන සිය හිත මිතුරන් වෙත තමන්ට අවශ්‍ය භාණ්ඩ පිළිබඳව දැන්වීම පහසු කරවන බවද හෙතෙම සඳහන් කළේය.

    විශේෂයෙන්ම ලොව ඕනෑම තැනක සිට මෙම සේවාව සමඟ ලියාපදිංචි වීමට හැකිවීම තවත් සුවිශේෂී පහසුකමක් ලෙස හදුන්වා දිය හැකි බවද ඒ මහතා පැවසීය. ඉතා පහසුවෙන් මෙම Singer Wedding Registry සේවාව සමඟ ලියාපදිංචි විය හැකි අතර වත්මන් කාර්ය බහුල ජීවන රටාවක් ගත කරන තරුණ තරුණියන්ට මෙම Singer Wedding Registry සේවාව මහත් අස්වැසිල්ලක් වනු ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.එමෙන්ම විවාහ මංගල්‍ය උත්සව සඳහා සහභාගි වන ආරාධිතයින්ටද මෙම සේවාව මඟින් සිය කාලය අපතේ නොයවා යුවළට අවශ්‍ය ත්‍යාගයය තෝරාගැනීමට හැකිවන බවද චන්දන සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

    දිවයිනේ මුල් වරට ක්‍රියාත්මක කෙරන මෙම සේවාව පිළිබඳව අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා හි තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ අජිත් පරණවිතාන මහතා සඳහන් කළේ විවාහ වීමට අපේක්ෂා කරන යුවළ සඳහා සිය විවාහ මංගල්‍යය උත්සවය ලියාපදිංචි කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ප්‍රථම අන්තර්ජාල සේවාව මෙය බවයි.මෙම සේවාව සඳහා ඉතා පහසුවෙන් ලියාපදිංචි වීමට හැකිවීමද විශේෂ තත්වයක් බව අජිත් පරණවිතාන මහතා පැවසීය. Singer online store වෙතින් තමන් කැමති භාණ්ඩයක් සිය අවශ්‍යතාව පරිදි තෝරාගෙන ලැයිස්තුගත කිරීමට හැකිවීම නිසා මෙම සේවාව ඉතා ප්‍රයෝජනවත් වනු ඇති බවද ඒ මහතා පැවසීය.මෙම නව සේවාව මඟින් විවාහ මංගල්‍යය උත්සව වලදී ත්‍යාග පිරිනැමීම ද පහසු වන අතර මේ නිසා බොහෝ දෙනෙකුට මෙම සේවාව ප්‍රයෝජනවත් වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය.

    Singer Wedding Registry සේවාව සඳහා සිය තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි වන යුවළ වෙත තහවුරු කිරීමේ ඊමේල් පණිවිඩයක් ලැබෙන අතර එමඟින් සිය ත්‍යාග ලැයිස්තුව ක්‍රියාත්මක කරගැනීමට අවස්ථාව උදාවෙයි.මෙම ත්‍යාග ලැයිස්තුව ක්‍රියාත්මක කරවාගැනීමෙන් පසු Singer online store හි සඳහන් භාණ්ඩ අතුරින් තමන් කැමති භාණ්ඩ තෝරා ලැයිස්තුගත කිරීමට අවස්ථාව හිමිවෙයි. මෙහි ඇතුළත් 50% ක් දක්වා වූ විශේෂ වට්ටම් ලබාදෙන “Hot Deals” පහසුකම යටතේ වන භාණ්ඩ ද ලැයිස්තුගත කළ හැකි වෙයි.මෙලෙස ලැයිස්තුගත කිරීමෙන් අනතුරුව ලැබෙන අංකය සිය විවාහ මංගල ආරාධනා පත්‍රය සමඟ ආරාධිතයින් වෙත යැවීමට හැකියාව ලැබේ.එම අංකය සමඟ Singer Wedding Registry සේවාවවේ URL ලිපිනයද යැවිය හැකි අතර එම ආරාධනා පත්‍රය ලබන්නාට ඉතා පහසුවෙන් එම යුවළ සඳහා වන ත්‍යාගය තෝරාගැනීම අවස්ථාව හිමිවෙයි.

    බොහෝ විට විවාහ මංගල්‍ය උත්සව වලදී එකම වර්ගයේ තෑගි භාණ්ඩ අමුත්තන් කිහිප දෙනෙකු විසින් ලබාදීම වැනි ගැටළු සාමන්‍යයෙන් මතුවෙයි. නමුත් මෙම Singer Wedding Registry සේවාව භාවිත කිරීමේදී එම දුර්වලතාවය මඟහැරී යයි. මේ නිසා නිකරුණේ මුදල් අපතේ යාම වළක්වා ගත හැකිය. Singer Wedding Registry මඟින් තමන් කැමතිම භාණ්ඩ තම කැමැත්ත පරිදි තෝරාගැනීමට හැකියාව ලැබෙන අතර ඔවුන්ට අත්‍යවශ්‍ය බවට නම් කර ඇති භාණ්ඩ රැසක් වුවද නම් කිරීමට ආරාධිත අමුත්තන්ට අවස්ථාව හිමිවෙයි. මෙහිදී විවාහ වන යුවළට සිය කැමැත්ත පරිදි තම ත්‍යාගය තෝරාගැනීමට අවස්ථාව හිමිවන අතර එම තෑගි භාණ්ඩ නිවසටම ගෙනගොස් භාරදීමේ වගකීම ද සිංගර් විසින් ඉටුකරනු ලබයි.