July, 4, 2025
Sinopec Energy Lanka (Pvt) Ltd සිය දෙවැනි සංවත්සර සැමරුම වෙනුවෙන් ආයතනයේ සේවක සේවිකාවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන්, සිනෝපෙක් මෙහෙයුම් මුල් වරට ආරම්භ කළ හම්බන්තොට දී විශේෂ සැමරුම් උත්සවයක් පවත්වනු ලැබීය. දින දෙකක් පුරා පැවති මෙම උත්සවය, සේවකයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් එක් කළ ආකර්ශනීය සැමරුමක් වූ අතර, මෙය සමාගමේ ජනතා කේන්ද්‍රීය සංස්කෘතිය, තිරසර වර්ධනය හා ප්‍රජාව ඒකාබද්ධ කිරීම සඳහා දක්වන කැපවීම මැනවින් පෙන්නුම් කළ අවස්ථාවක් ද විය.
2019 දී හම්බන්තොට කේන්ද්‍ර කරගනිමින් මෙරට ඉන්ධන බෙදාහැරීමේ මෙහෙයුම් ආරම්භ කිරීමේ සිට මේ දක්වාම සිනෝපෙක් සිය ගමන්මඟ ක්‍රමයෙන් පුළුල් කර ගනිමින් ජාතියේ බලශක්ති අවශ්‍යතාව වෙනුවෙන් සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. හම්බන්තොටින් ආරම්භ කළ මෙම සංවත්සර සැමරුම, අනාගතය උදෙසා සමාගමේ දැක්ම අඛණ්ඩව හැඩගස්වමින් යන ගමනේ තවත් එක් අර්ථවත් කඩඉමක් සේ සැලකිය හැකිය.
ආසන්න වශයෙන් සේවකයින් 75 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සහභාගී වූ මෙම සැමරුම් උත්සවය, කණ්ඩායම් ක්‍රියාකාරකම් හා ළමුන් සඳහා වෙන් වූ නිර්මාණ තරඟවලින් සමන්විත සුන්දර සති අන්තයක් වූ අතර, සමාගමේ අභිමානවත් ගමන්මගේ දෙවැනි කඩඉම උත්සවාකාරයෙන් යුතුව සමරන්නට මෙම පිරිස ඉමහත් උනන්දුවෙන් යුතුව සහභාගී විය. සමාගමේ සාර්ථකත්වය වෙනුවෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන සේවකයන්ගේ පවුල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් පවත්වන ලද මෙම උත්සවය මඟින් සේවකයන්ගේ අන්‍යෝන්‍ය බැඳීම් ශක්තිමත් කිරීමට මෙන්ම ශ්‍රම බලකායේ සාමූහික උත්සාහයන් ඇගයීමට ලක් කිරීමට සිනෝපෙක් සමාගම දක්වන කැපවීම ද ඉස්මතු කළ අවස්ථාවක් විය.
මෙම සංවත්සර සැමරුම මඟින් දේශීයකරණයට සිනෝපෙක් දක්වන කැපවීම මැනවින් පෙනෙන අතර, පසුගිය වසර දෙක තුළ, සමාගම ශ්‍රී ලාංකික සේවකයින්ගේ සහභාගීත්වය ක්‍රමයෙන් වැඩි කර, සමාගමේ සමස්ත ශ්‍රම බලකායෙන් 70%කට ආසන්න ප්‍රමාණයක් දේශීය සේවකයන්ගෙන් සමන්විත කර ඇත. ඔවුන් දිවයින පුරා පුළුල්ව පැතිර ඇති ඉන්ධන පිරවුම්හල් අලෙවි නියෝජිත ජාලය සමඟ මනා හවුල්කාරිත්වයකින් කටයුතු කරන අතරම, දේශීය ප්‍රජාව තුළ ගැඹුරින් මුල් බැසගත් ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීමට ද සමත්ව ඇත. මෙම ප්‍රවේශය මඟින් සිනෝපෙක් ආයතනය ‘බලශක්ති සැපයීමට එහා ගිය සේවාවක්’ යන දැක්ම මැනවින් පෙන්නුම් කිරීමට සමත්ව ඇත. මේ සියල්ල තුළින් සාමාජීය හා ආර්ථික සංවර්ධනයට දායක වන වගකිවයුතු ආයතනික පුරවැසියෙකු වීමට සිනෝපෙක් සමාගම උත්සාහ කරයි.
හම්බන්තොට පිහිටි සිනෝපෙක් ආයතනයේ පුරෝගාමී කණ්ඩායමේ සාමූහික උත්සාහයන් සහ දේශීය පිරවුම්හල් අලෙවිකරුවන්ගේ වර්ධනය වන ජාලය, පසුගිය වසර දෙක තුළ සිනෝපෙක් හි ස්ථාවර ප්‍රගතිය පෙන්වන මනා නිදසුනකි. සමාගමේ අඛණ්ඩ වර්ධනය වෙනුවෙන් කැප වූ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල දායකත්වය අගය කරන ශක්තිමත් සහ පරිපූර්ණ ආයතනික පරිසරයක් ගොඩනැගීමට සමාගම නිරන්තරයෙන් කටයුතු කරමින් සිටියි.
Sinopec Energy Lanka ආයතනය දූරදර්ශී දැක්මකින් යුතුව ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධනය සඳහා කැපවූ සමාගමකි. විවිධ ප්‍රජා සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම සහ ජාතියේ බලශක්ති සුරක්ෂිතතාව සඳහා දායක වීම සමාගමේ අභිමානවත් ගමන්මගේ ප්‍රධාන අංගයන් වේ. සංස්කෘතික ඒකාබද්ධතාවය සහ දේශීය හවුල්කාරිත්වය සමඟ ව්‍යාපාර වර්ධනය සමතුලිතව පවත්වා ගනිමින් කටයුතු කරන සිනෝපෙක්, ශ්‍රී ලංකාවේ වර්ධනය වෙමින් පවතින බලශක්ති ක්ෂේත්‍රයේ වැදගත් හවුල්කරුවෙකු බවට පත්ව සිටියි.
Video Story