January, 7, 2026
මෙරට උසස් අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයකු වන SITC Campusහි ප්‍රධාන විධායක නිලධාරී කාදර් රහ්මතුල්ලා මහතා දිත්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැළැසීමට රජය පිහිටවූ ‘Rebuild Sri Lanka’ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කරයි. රහ්මතුල්ලා මහතා ඊට අදාළ චෙක් පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී භාර දුන්නේය. ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ස්වාභාවික ව්‍යසයනයකට ගොදුරු වූ අවස්ථාවක විපතට පත් සහෝදර ජනතාව වෙනුවෙන් සහන සැළැසීමට කළ මෙම පරිත්‍යාගය තුළින් ජාතික වගකීම් ඉටු කිරීමට SITC Campus සතු කැපවීම යළි තහවුරු වේ.
පෞද්ගලික වශයෙන් ලැබූ අත්දැකීම් සහ ජනතාවගේ යහපත පිළිබඳව ඇති හැඟීම මුල් කර ගෙන මෙම පරිත්‍යාගය කළ බව රහ්මතුල්ලා මහතා සඳහන් කළේය. දිත්වා සුළි කුණාටුව සමග ඇති වූ ස්වාභාවික ආපදා ජන ජීවිත කෙරෙහි ඇති කළ බලපෑම සෘජුවම අත් විඳි ඔහු සඳහන් කළේ මෙය හුදු මූල්‍යමය පරිත්‍යාගයක් නොව විපතට පත් ජනතාව හෘදයාංගමව ආමන්ත්‍රණය කිරීමක් බවයි. "මෙය ජාතික වගකීමක්. සියලුම ව්‍යාපාර ආයතන සහ නායකයන් රට නැවත ගොඩ නැගීමේ ක්‍රියාවලියට ඉදිරිපත් විය යුතුයි. රටේ දරුවන්ට අධ්‍යාපනය දීමට අමතරව අර්ථාන්විත ලෙස ජාතිය ගොඩ නැගීමේ කාර්යභාරයට සහාය වීමට SITC Campus සතු කැපවීමත් මේ තුළින් තහවුරු වුණා" ඔහු පැවැසීය. SITC Campus නායකත්වය, සහකම්පනය සහ සමාජ වගකීම් යන අංශ කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරයි. අධ්‍යාපනය, වගකීම සහ ක්‍රියාත්මක වීම තුළින් තිරසාර ජාතික අභිවෘද්ධිය ඇති කිරීම එම ආයතනයේ දැක්ම වේ.
Video Story