• Ada Derana BIZ Sinhala
  • CINEC
  • SLASPA
  • sri lanaka

“SLASPA” සහ “CINEC” මෝටර් රථ කර්මාන්තයේ දැනුම සහ කුසලතා වඩාත් ඵලදායී ලෙස බෙදාගැනීමට එකඟ වෙයි

July, 12, 2022

ශී‍්‍ර ලංකා මෝටර් රථ සේවා සපයන්නගේ සංගමය "SLASPA" සහ "CINEC" කැම්පස් ශී‍්‍ර ලංකාවේ සිසුන් අතර මෝටර් රථ කර්මාන්තය පිළිබඳ දැනුම සහ කුසලතා වඩාත් ඵලදායී ලෙස බෙදා හැරීම සඳහා 2022 මැයි 27 වන දින මාළබේ කැම්පස් හිදී එකඟ විය.

දිවයින පුරා හයසීයයකට අධික ලියාපදිංචි වැඩමුළු මඟින් ශී‍්‍ර ලාංකිකයන්ට උසස්ම මෝටර් රථ නිෂ්පාදනය සහ සේවා පහසුකම් සැපයීමට SLASPA කැප වී සිටින අතර CINEC අධ්‍යාපන ආයතනය යනු තෘතියික සහ උපාධිධාරීන් බිහිකරන පෞද්ගලික අංශයේ කීර්තිමත් අධ්‍යාපන ආයතනයකි. ශී‍්‍ර ලංකාවේ තෘතියික අධ්‍යාපන පිළිබඳ පශ්චාත් උපධි අධ්‍යාපනය සහ පුහුණුව ලබාදනෙ අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය සහිතව මෝටර් රථ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධියක් පිරිනමන ශී‍්‍ර ලංකාවේ එකම උසස් අධ්‍යාපන ආයතනය වේ. මීට අමතරව එංගලන්තයේ Wolverhampton විශ්වවිද්‍යාලය සමඟ සහයෝගයෙන් මෝටර්රථ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ තවත් උපාධියක් පිරිනමයි.

මෙම සහයෝගීතාවය මත SLASPAහි කාර්ය මණ්ඩලයේ දායකත්වය හරහා CINEC හි සිසුන් මෝටර් රථ කර්මාන්තයට අවශ්‍ය වෘත්තීය නිපුණත්වය ලබාදීම සඳහා ඔවුන්ට දැනුම කුසලතා වර්ධනය කර ගැනීමට පුහුණුව ලබා දෙනු ඇත.

මේ අනුව මෙම හවුල්කාරීත්වයේ ප‍්‍රධාන පරමාර්ථය වන්නේ මෝටර් රථ ඉංජිනේරු ඩිප්ලෝමාව සහ උපාධිය හදාරන සිසුන්ගේ වෘත්තීය නිපුණත්වය වර්ධනය කිරීම සහ මෝටර් රථ කර්මාන්තයට ඇතුළත් වීමට ඔවුනට සුදුසුකම් ලබාදීමයි.

SLASPA මඟින් උපාධි අපේක්ෂයින් සහ උපාධිධාරී සිසුන් මෝටර් රථ නිෂ්පාදනය සහ නඩත්තු කිරීම සඳහා විශේෂිත යන්ත‍්‍ර සූත‍්‍ර කි‍්‍රයාත්මක කිරීම මඟින් ඔවුන්ට අවශ්‍ය නිපුණතා සංවර්ධනය කෙරේ.

මෙම සහයෝගීතාවය වැඩිදියුණු කිරීම මඟින් පාඨමාලා අන්තර්ගතය වැඩිදියුණු කිරීම ප‍්‍රායෝගික දැනුම වර්ධනය සහ හි සිසුන්ට SLASPA සහ CINEC හි කාර්ය මණ්ඩලයට කර්මාන්තයේ වෙනස්වන ඉල්ලුමට අනුව ආයතනික උපාය මාර්ගික මඟපෙන්වීමක් ලබාදෙනු ඇත.

මෙම ආයතන දෙකම එකිනෙකට ගැළපෙන පරිදි සකස්කරන ලද පුහුණු වැඩසටහන් සංවර්ධනය කිරීමට සහ විශේෂ අවශ්‍යතා මත SLASPA සඳහා පුහුණුව ලබා දෙනු ඇත. SLASPA විසින් සිදු කරනු ලබන පර්යේෂණ කටයුතු සඳහා CINEC සහය ලබාදෙනු ඇත. CINEC අධ්‍යාපන පීඨයේ සභාපති කපිතාන් අජිත් පීරිස් ඉංජිනේරු සහ තාක්ෂණ පීඨයේ පිඨාධිපති ආචර්ය ජනක ලියනගම SLASPA හි උපසභාපති සුරාජ් දන්දෙනිය ලේකම්, සුනිල් දේවසුරේන්ද්‍ර ආයතන ද්විත්වයේ සාමාජිකයන් සමඟ මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට සහභාගී වි සිටියහ.