January, 5, 2016
SLIIT උපාධි වැඩසටහන් පිරිනැමීමේ නිරත මෙරට ප්රමුඛපෙළේ උසස් අධ්‍යාපන ආයතනයකි. SLIIT උසස් අධ්‍යාපන ආයතනය මෙරට සිසුන්ව දැනුමින් සවිබල ගැන්වීමට දරන දායකත්වය තවදුරටත් පිළිබිඹු කරමින් නව පශ්චාත් උපාධි පාඨමාලාවන් හතක් මෙරට සිසුන් වෙනුවෙන් හඳුන්වාදී ඇත.
තොරතුරු තාක්ෂණය MSc උපාධිය (MSc in Information Technology), තොරතුරු කළමනාකරණය MSc උපාධිය (MSc in Information Management), තොරතුරු පද්ධති MSc උපාධිය (MSc in Information Systems) මෙම නව පශ්චාත් උපාධි පාඨමාලා අතරට අයත්ය. එමෙන්ම, එක්සත් රාජධානියේ ෂෙෆීල්ඩ් හලාම් විශ්වවිද්‍යාලය (SHU) මගින් පිරිනමන පාඨමාලාවන් වන ව්‍යවසාය යෙදවුම් පද්ධති නිර්මාණ MSc උපාධිය (MSc in Enterprise Application Development), විදුලිසන්දේශ හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව MSc උපාධිය (Msc in Telecommunication and Electronic Engineering), සයිබර් ආරක්ෂණය පිළිබඳ විශේෂවේදී වූ තොරතුරු තාක්ෂණ MSc උපාධිය (MSc in Information Technology (Specialization in Cyber Security)), ලොජිස්ටික්ස් හා සැපයුම් ක්රියාවලිදාම කළමනාකරණ MSc උපාධිය (MSc in Logistics & Supply Chain Management) යනාදී උපාධි වැඩසටහන් SLIIT වෙතින් හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමිවී ඇත. මෙම සියලුම පශ්චාත් උපාධි වැඩසටහන් සිසුන්ට SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ මෙට්‍රෝ පරිශ්‍රයේදී හැදෑරීමට හැකිය.
‘‘ඕනෑම වෘත්තීය ක්ෂේත්රයක දියුණුව කරා ගමන් කිරීමට නම් ඉහළ දැනුමින් හා වෘත්තීය සුදුසුකම් වලින් යුතු වෘත්තිකයින් සිටිය යුතු බව SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ විශ්වාසය වී ඇත. ඒ හේතුව නිසාම ක්ෂේත්රයේ අවශ්‍යතා හා වෘත්තීය අවශ්‍යතා වලට සරිලන අන්දමේ උපාධි වැඩසටහන් සිසුන්ට ප්රදානය කිරීමට අප කටයුතු කරනවා.’’ SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිළධාරි ලලිත් ගමගේ මහතා පැවසුවේය.
‘‘විවිධ ක්ෂේත්‍ර වලට අදාළ සුවිශේෂී දැනුම හිමිකරගැනීමට පවතින දැඩි වුවමනාව හේතුවෙන් බොහෝවිට වෘත්තිකයින් තවත් අමතර ක්ෂේත්‍ර කිහිපයක ප්‍රවීණතාව ලබාගැනීමට උත්සහ දරනවා. ඒ හේතුවෙන් වෘත්තිකයින්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන උපාධි වැඩසටහන් පිරිනමමින් ඔවුන්ට පුළුල් දැනුම ලබාදීමේ දැඩි අවශ්‍යතාව මේ වනවිට ඉස්මතු වී තිබෙනවා.’’ නව පශ්චාත් උපාධි වැඩසටහන් පිළිබඳ පැහැදිලි කළ SLIIT උසස් අධ්‍යාපන ආයතනයේ පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ පීඨාධිපති, මහාචාර්ය කිත්සිරි ලියනගේ මහතා පැවසුවේය.
SLIIT උසස් අධ්‍යාපන ආයතනය මගින් පිරිනමන මෙම විවිධ උපාධි වැඩසටහන් වලට අදාළ දේශන සති අන්ත දිනවලදී SLIIT මෙට්‍රෝ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. SLIIT සිසුන්ට ඒ ඒ ක්ෂේත්රයන් වල මෙන්ම මනා වෘත්තීය දැනුමින් යුතු ප්‍රවීණයින් වෙතින් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව ද මෙමගින් හිමිවනු ඇත. එපමණක් නොව සිසුන් හදාරන විෂය ක්ෂේත්‍ර වලට අදාළ සුවිශේෂී පර්යේෂණ සිදුකිරීමේ අවස්ථාව ද හිමිවනු ඇත.
SLIIT වෙතින් MSc උපාධිය හදාරන සිසුන්ට ඔවුන් අධ්‍යයනය කරන විෂය ක්ෂේත්රයන්ට අදාළව පවතින ගැටලූ විසඳීමේ අවස්ථාව හිමිකරදෙමින් සෘජුවම සුවිශේෂී අත්දැකීම් හිමිකරගැනීමට හැකිය. එමෙන්ම, SLIIT සිසුන් ලබාගන්නා දැනුම ප්‍රායෝගිකව අත්හදාබැලීමේ අවස්ථාව ද උදාවනු ඇත. ෂෙෆීල්ඩ් හලාම් විශ්වවිද්‍යාලයේ MSc උපාධිය වැනි පශ්චාත් උපාධි වැඩසටහන් හඳුන්වාදෙමින් මෙරට ශ්‍රම බලකාය දැනුමින් සවිබල ගැන්වීමට SLIIT උසස් අධ්‍යාපන ආයතනය දායක වෙයි. වෘත්තීය ක්ෂේත්රයේ අවශ්‍යතා වලට මනාව ගැළපෙන පශ්චාත් උපාධි වැඩසටහන් තුළින් විවිධ ව්‍යාපාරයන්ට සරිලන දක්ෂ වෘත්තිකයින් බිහිකිරීමට ද SLIIT උසස් අධ්‍යාපන ආයතනය කටයුතු කරයි.
Video Story