January, 15, 2025
SLIIT විසින් තම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ අපරමිත කැපවීම සහ ඔවුන්ගේ දායකත්වය ඇතිව ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණ ඇගයීමට ලක් කරමින්, වාර්ෂිකව පවත්වනු ලබන SLIIT Awards Night 2024 සම්මාන රාත්‍රිය කොළඹ, Shangri-La හෝටලයේ දී පසුගියදා විචිත්‍රවත් අයුරින් සාර්ථකව පැවැත්විය. එම සම්මාන රාත්‍රියට සමගාමීව SLIIT හි වසර 25ක උසස් අධ්‍යාපන විශිෂ්ටත්වය කරා පැමිණි ජයග්‍රාහී ගමන් මග උත්කර්ෂවත් අයුරින් සමරනු ලැබූ අතර, එම අවස්ථාව සඳහා SLIIT ප්‍රජාව නියෝජනය කරමින් සාමාජිකයින් 500 කට වැඩි පිරිසක් සහභාගී වූහ.
මෙහිදී ප්‍රධාන වශයෙන් 2023 වසර වෙනුවෙන් අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය අත්කර ගනු ලැබූ කැපී පෙනෙන ජයග්‍රහණ ඇගයීමට ලක් කිරීම විශේෂත්වයක් විය. ඔවුන් සතුව ඇති කැපවීම හා නවෝත්පාදන හැකියාවන්ගෙන් SLIIT හි අධ්‍යාපනික අත්දැකීම් වර්ධනය කිරීම සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් සහ අනාගත වෘත්තිකයින් සෘජුව හැඩගස්වා ගනිමින්, SLIIT හි අධ්‍යයන විශිෂ්ටත්වය අඛණ්ඩව තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙනයාම සඳහා ඔවුන් අගය කරමින් මෙම සම්මාන ප්‍රධානය කරනු ලැබීය.
ඒ අනුව අධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා මෙසේ සම්මාන ප්‍රධානය කෙරිණි:
A කාණ්ඩය :
B කාණ්ඩය :
C කාණ්ඩය :
අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා ද ඔවුන්ගේ විශේෂ දක්ෂතාවයන් වෙනුවෙන් කාණ්ඩ තුනක් යටතේ මෙසේ සම්මාන ප්‍රධානය කළේය.
A කාණ්ඩය :
B කාණ්ඩය :
C කාණ්ඩය :
වර්ෂ 2020 සහ 2024 අතරේ, වසර 10 සිට වසර 25 ක් දක්වා වූ කාලයක් ආයතනය වෙනුවෙන් සේවය කළ SLIIT හි දිගුකාලීන සේවකයින් මෙම සම්මාන රාත්‍රියේදී ඇගයීමට ලක් කෙරිණි. SLIIT අධ්‍යාපන විශිෂ්ටත්වය කරා යන ගමනේදී, කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් ඉතාමත් කැපවීමකින් යුතුව ඉටු කරන ලද වටිනා කාර්යභාරය මෙම ඇගයීම මගින් මනාව පිළිබිඹු විය.
මෙම සම්මාන උළෙලේදී SLIIT ආයතනයේ මූලාආරම්භක වසරවලදී ආයතන දියුණුව සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දුන් පුද්ගලයින් වෙනුවෙන්ද විශේෂ උපහාර පිළිගැන්වීමේ සම්මාන ප්‍රධානයක් ද පැවැත්විණි. SLIIT, ශක්තිමත් ආයතනයක් ලෙස ස්ථාපිත කිරීම සඳහා අති මහත් කැපවීමක් කරමින්, උපාය මාර්ගික වශයෙන් මග පෙන්වීමක් කරනු ලැබූ අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන්ද මෙහිදී සම්මාන ප්‍රධානය කරනු ලැබිණි.
මෙම සම්මාන රාත්‍රිය නර්තනය, සජීවී ගීත ගායනය ඇතුළත් ප්‍රාසංගික සංගීතමය අත්දැකීමකින් ද වර්ණවත් වූ අතර වටිනා ත්‍යාග සමගින් සිත් ඇදගන්නාසුළු දිනුම් වාර ඇදීමක්ද මීට සමගාමීව පැවැත්විණි.
SLIIT හි ගමන් මග අරුත් ගැන්වී ඇත්තේ එහි වර්ධනය, සාර්ථකත්වය සහ කාර්ය මණ්ඩලයේ සහ සිසුන්ගේ නොසැලෙන කැපවීම තුළිනි. අධ්‍යාපනය තුළින් දීප්තිමත් අනාගතයක් ගොඩනගා ගැනීම සඳහා දිගු කාලීන බලපෑමක් සහ විශිෂ්ට වූ කැපවීමක් කිරීමේ හැකියාව සමගින්, ඒ සඳහා ශක්තිමත් දායකත්වයක් ලබා දීමට SLIIT කටයුතු කරයි. එය ආයතනය විසින් වැඩිදුරටත් අඛන්ඩව කරනු ලබන පෙළඹවීම් හා නව්‍යකරණයන් තුළින්ද, රිදී ජුබිලි සංවත්සර සැමරුම සනිටුහන් කිරීම හරහා ද මැනවින් පිළිබිඹු වේ.
Video Story