SLITAD සම්මාන උළෙලේදී CDB රනින් දිදුළයි

    February, 3, 2016

    මෙම වසර පුරා සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) ආයතනය හිමිකරගත් ජයග‍්‍රහණ අතරට තවත් සුවිශේෂී ජයග‍්‍රහණයක් එක්කරමින් ශ‍්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනය මගින් සංවිධානය කළ SLITAD සම්මාන උළෙලේදී රන් සම්මානය දිනාගැනීමට CDB ආයතනය සමත්විය.

    CDB ආයතනය මෙම වසර පුරා හිමිකරගත් සුවිශේෂී ජයග‍්‍රහණ තුළින් මූල්‍ය සේවා ක්ෂේත‍්‍රය තුළ මෙන්ම ආයතනික ක්ෂේත‍්‍රය තුළ ද ඔවුන් සතු ශක්තිය හා සහයෝගය මනාව පෙන්නුම් කෙරුණි. සැබෑ ජයග‍්‍රහණ හිමිකරගන්නා කණ්ඩායමක් ගොඩනගා ගනිමින් CDB සිය සේවක මණ්ඩලය සතු කුසලතා, දැනුම, ප‍්‍රතිභාව හා නිපුණත්වය මනාව තෝරාගනිමින් මනා පුද්ගල සංවර්ධන සැලසුමක් මත පදනම් වෙමින් කටයුතු කරයි.

    CDB ආයතනය 2013 වසරේදී ශ‍්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනය මගින් සංවිධානය කළ SLITAD සම්මාන උළෙලේදී මානව අභිවර්ධනය වෙනුවෙන් ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබීය. 2014 වසරේදී CDB ආයතනයට මෙම උළෙලේදීම රිදී සම්මානය හිමිවූ අතර මෙම වසරේදී රන් සම්මානයෙන් පිදුම් ලැබීමට CDB ආයතනයට හැකිවිය. CDB ආයතනය අඛණ්ඩව වසර තුනක් පුරා හිමිකරගත් මෙම සුවිශේෂී සම්මාන තුළින් පිළිබිඹු වන්නේ ආයතනික ප‍්‍රජාව සංවර්ධනය කිරීමට CDB පුරෝගාමී දායකත්වය ලබාදී ඇති බව හා එමගින් අඛණ්ඩ වර්ධනයක් සිදුවී ඇති බවයි.

    ''CDB නිරන්තරයෙන්ම පුද්ගලයින් පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමුකළ ආයතනයකි. මූල්‍ය සේවාවන් ලබාදෙන ආයතනයක් ලෙස අප ව්‍යාපාරික සාර්ථකත්වයට ප‍්‍රමුඛතම දායකත්වය ලබා දුන් පිරිස වූයේ අප කණ්ඩායමයි. විශේෂයෙන්ම මේ කණ්ඩායම හඳුනාගැනීම හා අප ලබාදෙන සේවාවන්හි උපරිම කිරීම අප විශේෂ අවධානයට ලක්කළ වගකීමක් වුණා.'' CDB සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි රෝෂන් අබේගුණවර්ධන මහතා පැවසුවේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රෝෂන් අබේගුණවර්ධන මහතා පැහැදිලි කළේ CDB ආයතනයේ පුහුණු හා සංවර්ධන ප‍්‍රවේශය සංවෘත වූවක් වන බවයි. ආයතනික අරමුණු හා දැක්ම මෙන්ම එකිනෙකාගේ වෘත්තීය අපේක්ෂාවන් සමඟ මනාව සබැඳෙමින් මෙම ප‍්‍රවේශය නිර්මාණය වී ඇති බවද ඔහුගේ අදහස විය.

    ''CDB ආයතනයෙන් අප කණ්ඩායම් සාමාජිකයින්ට ලබාදෙන පුහුණුව මගින් ඔවුන්ට මෙන්ම අප ව්‍යාපාරයට හිමිවන ප‍්‍රතිලාභ පිළිබඳ විශ්ලේෂණ හා ඇගයීම් සිදුකරමින් මේ වසරේදී තවත් ඉදිරි පියවරක් තැබීමට අපට හැකිවිය. මෙවැනි සැලසුමක් මගින් එළඹෙන වසරේදී මීට වඩා දියුණු වූ මනා පුහුණු වැඩසටහනක් හා සංවර්ධන ක‍්‍රමෝපායක් දියත් කිරීමට අපට හැකිවනු ඇත. CDB ආයතනය නිවැරදි මග ගමන් කර ඇති බව නැවත වරක් පෙන්නුම් කරමින් අප පාර්ශ්වකරුවන් වෙතින් සුවිශේෂී ප‍්‍රතිචාර ලබාගැනීමේ සාකච්ඡාවට ද මෙම ඇගයීම හේතුවනු ඇත.''

    CDB ආයතනයට මෙවර SLITAD සම්මාන උළෙලේදී රන් සම්මානය පිරිනැමීමේ දී මනාව සකස් වූ CDB කාර්යසාධන කළමනාකරණ පද්ධතිය හා කාර්යසාධනය මත පදනම් වූ හානිපූරන ක‍්‍රියාවලියට අවශ්‍ය පසුබිම විශේෂයෙන් අවධානයට ලක්කෙරුණි. මීට අමතරව CDB ආයතනය මගින් විවිධ කණ්ඩායම් මට්ටම් වල පුද්ගලයින් සතු සුවිශේෂී කුසලතා ඇතුළුව ඔවුන්ගේ අඛණ්ඩ මැදිහත්වීම ආදිය සම්පූර්ණ කරමින් ඒ බව සහතික කරන පුහුණු සංවර්ධන වැඩසටහන් දියත් කරයි. මෙමගින් CDB සංවිධානාත්මක උපායමාර්ග අරමුණු හා පරමාර්ථ වල සාමූහික හිමිකම සහතික කිරීම සිදුවෙයි. ''උදාහරණයක් ලෙස ආයතනයේ විධායක සංවර්ධන කටයුතු CDB සැලැසුම අනුව බැඳෙමින් සම්පාදනය වී ඇත. ඊට හේතුවී තිබෙන්නේ මෙවැනි සැලසුම් CDB ආයතනය මගින් කල්තබා සූදානම් වී සිටිය යුතු සිද්ධීන් වීමයි.'' රෝෂන් අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

    ''මූල්‍ය සේවාවන් ක‍්‍රමිකව වර්ධනය විය යුත්තක් මෙන්ම සේවා සැපයීමේ සෑම අදියරක් තුළදීම විශිෂ්ටතම සේවා සම්පාදනයක් සැලසීමට වගබලා ගැනීම අතිශයින්ම වැදගත් වේ. මේ වසර තුළදී CDB ආයතනයේ ඉදිරිපෙළ සේවාවන් වල වර්ධනය ද විශේෂ අවධානයට ලක්කර ඇත. මේ කරුණු දෙකම CDB ආයතනය මේ වසරේදී SLITAD සම්මාන උළෙලේදී සම්මානයට පාත‍්‍ර වීමට හේතු වූ සුවිශේෂී කරුණු වන අතර මෙය නිසැකවම CDB ආයතනයට හිමිවූ සම්මානයට වටිනාකමක් එක්කළ ප‍්‍රධාන කරුණු දෙකක් වේ.'' SLITAD සම්මාන උළෙලේදී CDB ආයතනයට හිමිවූ සුවිශේෂී ජයග‍්‍රහණය පිළිබඳ පැහැදිලි කළ රෝෂන් අබේගුණවර්ධන මහතා පැවසුවේය.

    CDB ආයතනය, මේ වසර තුළදී සුවිශේෂී සම්මාන හිමිකරගත් මෙරට මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම වෙළඳ නාමයක් ලෙස හිතවත් පාරිභෝගික සැම තුළ තම අනන්‍යතාව ගොඩනඟා ගැනීමට හැකිවී ඇත.

    ''CDB මූල්‍ය සේවා ක්ෂේත‍්‍රය තුළ ක‍්‍රමයෙන් අඛණ්ඩව විකාශනය වන ආයතනයකි. අද වන විට මූල්‍ය සේවා ක්ෂේත‍්‍රය දැඩි තරගකාරීත්වයෙන් යුක්ත වූවක් බව දැකගත හැකියි. මින් අදහස් කෙරෙන්නේ මූල්‍ය ආයතනයක් ලෙස අප වැනි සමාගම් මූල්‍ය ක්ෂේත‍්‍රය තුළ මෙන්ම දේශීය හා ගෝලීය වශයෙන් ද ඇතිවිය හැකි සෘජු හා වක‍්‍ර අභියෝගයන් වලට සූදානම් වී සිටිය යුතු බවයි. මූල්‍ය සේවා ක්ෂේත‍්‍රය තුළ පවතින අභියෝග හා අවස්ථා ආදියට මනාව මුහුණදීමට හැකිවන පරිදි CDB කණ්ඩායම් සාමාජිකයින් මනාව සංවිධානය කිරීම තුළින්, ව්‍යාපාරික තිරසාර බව මෙන්ම, ව්‍යාපාර මෙහෙයුම් කටයුතු වලදී වෘත්තීමය නිපුණත්වය ප‍්‍රදර්ශනය කරනු ලබන අතිවිශිෂ්ට සේවා කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ අනාගත සංවර්ධනයට අගනා දායකත්වයක් සපයනු ඇත.'' රෝෂන් අබේගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේය.

    සේයා රූ සටහන - ශ‍්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනය මගින් සංවිධානය කළ මෙවර SLITAD සම්මාන උළෙලේදී හිමිකරගත් රන් සම්මානය අතැතිව සිටින රෝෂන් අබේගුණවර්ධන මහතා ඇතුළු CDB මානව සම්පත් අංශයේ සාමාජිකයින්