May, 7, 2019
මෙරට ප‍්‍රමුඛතම විදුලි සංදේශ සේවා සැපයුම්කරු වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් (SLT) සමාගමේ ක‍්‍රිකට් කණ්ඩායම ඉකුත්දා මැලේසියාවේ පැවැති ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත්වූහ. මෙම තරගාවලිය මැලේසියාවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ජාතික දිනයට සමගාමීව පවත්වන ලදි.
මෙහිදී ශූරතාව වෙනුවෙන් SLT ක‍්‍රිකට් කණ්ඩායම පකිස්තාන, ඉන්දීය, මාලදිවයින් සහ බංගලිදේශ ක‍්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් මැලේසියානු ඒකාබද්ධ කණ්ඩායම සමගින් තරග වැදුණි. එම පන්දුවාර 20 තරගයේදී ඒකාබද්ධ කණ්ඩායම විසින් පළමුවෙන් පන්දුවට පහරදෙමින් අදාළ පන්දුවාර 20 තුළ ලකුණු 127කන් ලැබූ අතර ීඛඔ කණ්ඩායම පන්දුවාර 13.2කදී කඩුලූ 3ක් දැවී ලකුණු 128ක් ලබාගනිමින් කඩුලූ 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කළේය.
SLT ක‍්‍රිකට් කණ්ඩායම 2018 වෙළෙඳ සේවා ක‍්‍රිකට් තරගාවලියේ ‘ජී’ කාණ්ඩයේ ශූරයන් ද වේ.
Video Story