August, 7, 2025
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවැත්වුණු 2025 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී [National Business Excellence Awards (NBEA)] සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි.
මෙම සම්මාන උළෙලේදී තිරසර ව්‍යාපාරික ක්‍රමවේදයන් සහ ප්‍රජා සත්කාර වැඩසටහන් වෙනුවෙන් SLT-MOBITEL වෙත ‘Excellence in ESG’ කාණ්ඩයේ කුසලතා සම්මානයක් පිරිනමන ලදී. SLT-MOBITEL හි පාරිසරික, සමාජයීය හා ආයතනික යහපාලන (ESG) ක්‍රියාකාරකම්වල සාර්ථකත්වය මෙන්ම එම ක්‍රියාකාරකම් මගින් ඇති වූ සාධනීය බලපෑම් මෙම සම්මානය SLT-MOBITEL වෙත හිමි වීමට බලපෑ ප්‍රධානතම හේතු විය. අඛණ්ඩව මෙබඳු ක්‍රියාකාරම් SLT-MOBITEL හි මෙහෙයුම්වල අනිවාර්ය අංගයක් වී තිබේ.
මීට අමතරව ‘Infrastructure and Utilities’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමටද SLT-MOBITEL සමත් විය. ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම ඩිජිටල් පරිවර්තන වැඩසටහන් වෙනුවෙන් SLT-MOBITEL ලබාදෙන සුවිශාල දායකත්වය ඇගයීමක් වශයෙන් මෙම සම්මානය පිරිනමන ලදී.
SLT-MOBITEL තම දුරකථන සන්නිවේදන සේවාවන් විශිෂ්ටතම මට්ටමින් පවත්වාගෙන යන අතරම තිරසර ව්‍යාපාරික ක්‍රමවේදයන් අනුගමනය කිරීමට සෑම විටම උත්සාහ කරයි. SLT-MOBITEL වෙත මෙබඳු සම්මාන හා ඇගයුම් නිරන්තරයෙන් හිමි වන්නේ ඒ හේතුවෙනි. මෙරට යටිතල පහසුකම් සම්පාදනයෙහි ප්‍රමුඛයෙකු මෙන්ම වගකීම්සහගත ආයතනික පුරවැසියෙකුද වන SLT-MOBITEL, ඉරිදියටත් රටේ ඩිජිටල් පරිවර්තනය මෙන්ම පාරිසරික හා සමාජයීය යහපත වෙනුවෙන් කැපවීමට සූදානමින් සිටී.
ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ 20 වන වරටය. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ රටේ සමාජ-ආර්ථික ප්‍රගතියට දැවැන්ත දායකත්වයක් ලබාදෙන සමාගම් හා ආයතන ඇගයීමට ලක්කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

Video Story