SLT-MOBITEL ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රියතම දුරකථන සන්නිවේදන සේවා සන්නාමය බවට පත්වෙයි

    October, 16, 2025

    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL පසුගියදා PepperCube Tracker මගින් 2025 අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවේ අංක 1 දුරකථන සන්නිවේදන සේවා සැපයුම්කරු ලෙස නම්කරන ලදී.

    මෙය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සේවා සන්නාමයක් ලෙස SLT-MOBITEL සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරන ජයග්‍රහණයකි. එමෙන්ම පාරිභෝගිකයන් SLT-MOBITEL කෙරෙහි තබා ඇති විශ්වාසයද මෙමගින් මැනැවින් නිරූපණය වන අතර, ඒ වෙනුවෙන් SLT-MOBITEL සිය පාරිභෝගිකයන්ට සිය හෘදයාංගම ස්තූතිය පළකර සිටී.

    ඉදිරියටත් පාරිභෝගිකයන්ට උසස්ම ප්‍රමිතියෙන් යුත් නව්‍ය සේවාවන් හඳුන්වා දෙමින්, ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ගේ ප්‍රමුඛතම තේරීම ලෙස තමන් දිනා සිටින කීර්තිය තවදුරටත් ශක්තිමත් කරගැනීම SLT-MOBITEL හි අරමුණ වී තිබේ.