January, 8, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම මුදල් පදනම (Mobile Money Platform) වන SLT-MOBITEL mCash සිය 12 වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සැමරීය. දශකයකට අධික කාලයක් පුරා නවෝත්පාදනය හා විශ්වාසය ඔස්සේ මෙරට ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් බවට පත්වීමට SLT-MOBITEL mCash සමත් වී තිබේ.
2013 වසරේදී ආරම්භ වූ mCash සේවාව බිල්පත් සහ වෙනත් ගෙවීම් සම්බන්ධ හවුල්කරුවන් රාශියක් සම්බන්ධ කරගනිමින් රටේ ජංගම මුදල් සේවා ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකිරීමට සමත් විය. මේ වන විට mCash එම ක්ෂේත්‍රයේ වෙළඳපොළ ප්‍රමුඛයා බවට පත් වී සිටී.
වර්තමානයේදී mCash සේවාව මඟින් ව්‍යාපාර හා පාරිභෝගිකයන් අතර (B2C) මෙන්ම ව්‍යාපාර අතර (B2B) ගෙවීම් පහසුකම් සලසා දී ඇති අතර, පාරිභෝගිකයන් මිලියන ගණනක් තම උපයෝගීතා සේවා බිල්පත්, රක්ෂණ වාරික, ලීසිං වාරික, බැංකු සේවා, ප්‍රවාහන ගාස්තු සහ කාර්යසම්පාදන ගාස්තු ආදිය ගෙවීම සඳහා mCash සේවාව භාවිතා කරති. දිවයින පුරා mCash සේවා සම්පාදක ස්ථාන 30,000 කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන අතර, ව්‍යාපාරික හවුල්කරුවන් 100 කට වැඩි පිරිසක් mCash සමග අත්වැල් බැඳගෙන සිටිති. මේ සියල්ල ඔස්සේ රටේ ඩිජිටල් ගනුදෙනු ක්ෂේත්‍රය ශක්තිමත් කරන ප්‍රමුඛතම සේවා සම්පාදකයෙකු බවට පත් වීමට mCash සමත් වී තිබේ.
එපමණක් නොව වසර 12 කට වැඩි කාලයක් mCash මෙරට මූල්‍ය අන්තර්කරණය සහ නවෝත්පාදනය සඳහා නායකත්වය දෙමින් සෑම වසරකම ගනුදෙනු මිලියන ගණනක් සඳහා පහසුකම් සලසන විශ්වාසනීය ජංගම මුදල් ගෙවීම් පදනමක් බවට විකාශනය වී ඇත. මේ ඔස්සේ වසරින් වසර ස්ථාවර වර්ධනයක් වාර්තා කරමින් සහ ව්‍යාපාර හා පාරිභෝගිකයන් එක සේ සවිබල ගන්වමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් සඳහා පහසුකම් සපයන ප්‍රමුඛතම සේවාවක් ලෙස කීර්තියක් දිනාගැනීමට mCash සමත් වී තිබේ.
“වසර 12 ක් තිස්සේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටීමට අපට හැකියාව ලැබුණා. මෙම සංවත්සරය අප මෙතෙක් ලැබූ ජයග්‍රහණ අභිමානයෙන් සමරන අතරම සුරක්ෂිත, සැමට විවෘත හා නව්‍ය විසඳුම් ඔස්සේ ප්‍රජාවන්, ව්‍යාපාර සහ දේශය සවිබල ගැන්වීම සම්බන්ධ අපගේ දැක්ම යළි තහවුරු කිරීමට ලැබුණු අවස්ථාවක් ලෙස අප දකිනවා.” Mobitel සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (නිෂ්පාදන අලෙවිකරණ) සහ eChannelling PLC හි ප්‍රධාන වාණිජ නිලධාරී ඉසුරු දිසානායක මහතා පැවසීය.
mCash හි සේවා එකතුවට Mobile Money Wallets සේවා, බිල්පත් ගෙවීම් සේවා, මුදල් කළමනාකරණ සේවා, LankaQR ගෙවීම් භාරගැනීම, අභ්‍යන්තර ප්‍රේෂණ සේවා, නියෝජිත බැංකුකරණ සේවා, නියෝජිත විසඳුම් වැනි අගය එකතු කළ සේවා සහ සම-සන්නාමගත සේවා ඇතුළු සේවාවන් රාශියක් ඇතුළත් වී තිබේ. එමෙන්ම මෙරට ක්ෂුද්‍ර, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ බැංකු සේවාවන් භාවිතා කිරීම අවම ප්‍රජාවන් වෙනුවෙන් අඩු වියදම් මූල්‍ය යටිතල පහසුකම් හඳුන්වා දෙමින් ඔවුන් ආර්ථික ක්‍රියාවලියට දායක කරගැනීම සඳහාද mCash කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටී.
පසුගිය දශකය තුළ සම්මාන සහ වෙනත් ජයග්‍රහණ රාශියක් හිමිකර ගැනීමට mCash සමත් වී ඇත. 2023 වසරේ Asian Fintech Academy සම්මාන උළෙලේදී ‘Outstanding Innovations in Digital Payments & Collections in Sri Lanka’ කාණ්ඩය යටතේ සම්මානයට පාත්‍ර වූ mCash, 2019 වසරේ LankaPay Technovation සම්මාන උළෙලේදී ‘Most Popular FinTech App’ කාණ්ඩයේ රිදී සම්මානය හිමිකර ගැනීමට සමත් විය. එම වසරේ SLIM Brand Excellence Awards හිදී for ‘Online Brand of the Year’ කාණ්ඩයේ රන් සම්මානය mCash වෙත හිමි වූ අතර, 2017 වසරේ SLIM Brand Excellence සම්මාන උළෙලේදී ‘Online Brand of the Year’ කාණ්ඩයේ රිදී සම්මානය mCash වෙත හිමි විය.
මෙම සුවිශේෂී ජයග්‍රහණවලට අමතරව, 2022 වසරේදී Brand Finance සහ LMD විසින් mCash ශ්‍රී ලංකාවේ තුන්වන වඩාත්ම ආදරය දිනූ FinTech සන්නාමය ලෙස නම්කරන ලද අතර, 2018 වසරේදී ‘Most Innovative Digital Financing Product’ කාණ්ඩය යටතේ International Business Magazine සම්මාන හිමි කර ගැනීමටද mCash සමත් විය.
මෙම සුවිශේෂී සන්ධිස්ථානය සමරන අතරම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ දියුණුව වෙනුවෙන් අඛණ්ඩව කැපවීමට mCash සූදානමින් සිටී. ඉදිරියේදී සිය B2B විසඳුම් තවදුරටත් පුළුල් කිරීම, මූල්‍ය ආයතන සමග පවතින සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ පාරිභෝගිකයන්ගේ හා ව්‍යාපාරවල වෙනස් වන අවශ්‍යතාවන්ට ගැළපෙන නවීනතම මූල්‍ය තාක්ෂණික විසඳුම් හඳුන්වා දීම ඇතුළු අනාගත සලසුම් රැසක් mCash සතුය.
Video Story