SME සංවර්ධනයට ADB ඩොලර් මිලියන 100 ක් දෙයි

    December, 11, 2015

    ආසියානු සංවර්ධන බැංකුව විසින් මෙරට සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක් ලබා දීමට එකඟ වී ඇත.

    මෙහිදී ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට පියවර ගැනෙනු ඇත. එසේම මෙම අංශයේ රැකියා අවස්ථා පුළුල් කිරීමත් මෙම ව්‍යාපෘතිය යටතේ අරමුණු කර ගනී.

    මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා කොට ගිවිසුම්ගත වීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.