S&P ශ්‍රී ලංකා 20 දර්ශකයෙන් ඩිස්ටිලරීස් යයි. සෙන්ට්‍රල් ෆිනෑන්ස් එයි

    June, 20, 2025

    S&P Dow Jones Indices විසින් 2025 අර්ධ වාර්ෂික සමාලෝචනයෙන් පසු දර්ශක සැකසීමට අනුව S&P Sri Lanka 20 දර්ශකයට අදාළව පහත වෙනස්කම් සිදු කළ බවට කොළඹ කොටස් හුවමාරුව (CSE) මෙලෙස නිවේදනය කරයි.

    2025 ජුනි 23 සිට බලපැවැත්වෙන පරිදි, 2025 ජුනි 20 වන දින කොටස් වෙළඳපොළ ගනුදෙනු අවසන් වීමෙන් පසුව, S&P Dow Jones Indices විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි දර්ශකයට අලු‌තෙන් ඇතුළත් වීම් හා දර්ශකයෙන් බැහැර වීම් පහතින් දක්වා ඇත.

    දර්ශකයෙන් බැහැර වන සමාගම්; 

    ඩිස්ටිලරීස් කම්පනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී

    දර්ශකයට අලුතෙන් ඇතුළත් වන සමාගම්;

    සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පනි පීඑල්සී

    S&P SL 20 දර්ශකයට CSE හි ලැයිස්තුගත කර ඇති ද්‍රවශීලතා සහ මූල්‍ය ශක්‍යතා සීමාවන් සපුරාලන සහ වෙළඳපල ප්‍රාග්ධනීකරණය අනුව විශාලතම සමාගම් 20 ඇතුළත් වේ.

    මෙම සමාගම් 20 චලිත වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය (Float adjusted market capitalization) මඟින් බර තබා ඇත්තේ තනි සමාගමක නියෝජනය 15%ක උපරිමයකට යටත් කිරීම හරහා ආයෝජන කළඹෙහි විවිධාංගීකරණය තව දුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණෙනි.

    S&P ශ්‍රී ලංකා 20 දර්ශකය අන්තර්ජාතික පිළිවෙත් හා සම්මත වලට අනුකූලව නිර්මාණය කර ඇත. සියලූම කොටස් S&P Dow Jones Indices සහ MCSI යන ආයතන එක්ව සංවර්ධනය කරන ලද ගෝලීය කර්මාන්ත වර්ගීකරණ ප්‍රමිතීන්ට (Global Industry Classification Standard) (GICS) අනුව වර්ගීකරණය කර ඇති අතර එය ලොව පුරා සිටින වෙළෙඳපොළ සහභාගීකරුවන් විසින් බහුලව භාවිත කරනු ලැබේ.

    S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට ඇතුළත් වීම සඳහා එක සමාගමක් සතුව අවම වශයෙන් රුපියල් මිලියන 500ක චලිත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක් තිබිය යුතු අතර, මාස 6ක මධ්‍යස්ථ දෛනික ගනුදෙනු වටිනාකම රුපියල් මිලියන 0.25කට අඩු නොවිය යුතුය. එමෙන්ම නැවත සංසන්දනය කිරීම සිදුකරන දිනයට පෙර මාස 12ක කාලය තුල ලාභ උපයා තිබීම අවශ්‍ය වේ. වැඩි විස්තර හා සම්පුර්ණ ගණනය කිරීමේ ක්‍රමවේදය සඳහා www.spindices.com වෙබ් අඩවිය වෙත පිවිසිවෙන්න.

    2025 ජුනි 23 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි S&P ශ්‍රී ලංකා 20 දර්ශකයේ කොටස් ඉංග්‍රීසි හෝඩියේ අකාරාදී පිළිවෙලට පහත පරිදි වේ.

    අංකය සමාගම CSE Ticker
    1 සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පනි පීඑල්සී CFIN.N
    2 සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී CCS.N
    3 ‌චෙව්රොන් ලුබ්රිකන්ට්ස් පීඑල්සී LLUB.N
    4 කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී COMB.N
    COMB.X
    5 DFCC බැංකුව DFCC.N
    6 ඩයලොග් ආසියාටා පීඑල්සී DIAL.N
    7 හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී HNB.N
    HNB.X
    8 හේලීස් පීඑල්සී HAYL.N
    9 හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී HHL.N
    10 ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH.N
    11 ලංකා IOC පීඑල්සී LIOC.N
    12 LB ෆිනෑන්ස් පීඑල්සී LFIN.N
    13 LOLC ෆිනෑන්ස් පීඑල්සී LOFC.N
    14 LOLC හෝල්ඩින්ග්ස් පීඑල්සී LOLC.N
    15 මෙල්ස්ටාකෝප් පීඑල්සී MELS.N
    16 ජාතික සංවර්ධන බැංකුව NDB.N
    17 නේෂන්ස් ට්‍රස්ට් බැංකුව NTB.N
    18 රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL.N
    19 සම්පත් බැංකුව SAMP.N
    20 වැලිබල් වන් පීඑල්සී VONE.N