December, 16, 2014
විශාලත්වය සහ ද්‍රවශීලතාවය අතින් කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කර තිබෙන ප්‍රමුඛතම සමාගම් 20 යොදා ගනිමින් සකස් කළ S&P SL 20 දර්ශකයේ තිබූ සමාගම් තුනක් ඉවත් කරමින් නව සමාගම් තුනක් එයට ඇතුළත් කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ පියවර ගෙන තිබේ.
මේ අනුව, Asian Hotels & Properties PLC, C T Holdings PLC සහ Hayleys PLC යන සමාගම් මෙම දර්ශකයෙන් දෙසැම්බර් 22 වනදා සිට ඉවත් කර එයට Access Engineering PLC, People’s Leasing & Finance PLC සහ Sri Lanka Telecom PLC යන සමාගම් තුන ඇතුළත් කර තිබේ.
මෙම දර්ශකය සෑම වසරකම දෙසැම්බර් මාසයේ තුන්වන සිකුරාදා දිනය වනවිට සංශෝධනය කරමින් ඒ වනවිට ද්‍රවශීලතාවය සහ විශාලත්වය අතින් ප්‍රමුඛතම සමාගම් 20 එයට ඇතුළත් කරයි.
2014 දෙසැම්බර් 22 වනදා සිට මෙම දර්ශකයට ඇතුළත් වන සමාගම් 20 මෙන්න.