S&P Sri Lanka 20 දර්ශකයෙන් සෙලින්කෝ ඉවතට, ටීජේ ඇතුළට

    December, 16, 2016

    වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය, ද්‍රවශීලතාවය හා මූල්‍යමය වශයෙන් වඩා වැදගත් වීම යන සාධක අනුසාරයෙන් සකස් කරනු ලබන S&P Sri Lanka 20 දර්ශකය සඳහා යොදා ගන්නා නවතම සමාගම් ලැයිස්තුව කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් එළිදක්වා තිබේ.

    මේ අනුව 2016 දෙසැම්බර් 19 වන දින සිට බලපැවැත්වෙන පරිදි S&P Sri Lanka 20 දර්ශකය සකස් කිරීම සඳහා මෙතෙක් යොදා ගත් සමාගම් 20 අතුරින් සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී සමාගම ඉවත් කර ඇත. එහිදී එම ස්ථානය පූරණය කර ඇත්තේ ටීජේ ලංකා පීඑල්සී සමාගමයි.

    S&P Sri Lanka 20 දර්ශකය සඳහා සුදුසුකම් ලැබීමට සමාගමක් හට රුපියල් මිලියන 500 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් ගැළපිය හැකි අවම පංගුවක්, මාස 6 ක් තුළ එක් දිනක ගනුදෙනු රුපියල් මිලියන 1 ක ගනුදෙනු සාමාන්‍යයක්, සමාලෝචිත දිනට මාස 3 කට පෙර සෑම මාසයක දීම අවශම වශයෙන් දින 10 ක කොටස් ගනුදෙනු සිදුව තිබීම, සමාලෝචිත දිනට මාස 12 ක කාලයක් තුළ ධනාත්මක ශුද්ධ ආදායමක් වාර්තා කර තිබීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කරනු ලැබේ.