March, 13, 2026
2026 වසරේ කාන්තා දිනයට සමඟාමීව Spa Ceylon විසින් "Her Business Matters" නමින් කරන මේ වැඩසටහන් මාලාවේ කාන්තා ව්‍යාපාරයන්ට සහයෝගයක් ලබාදීමේ අරමුණින් මාර්තු මාසය පුරාවටම මෙය දියත් කරනු ලබනවා.
අපේ රටේ කාන්තාවන් විසින් ශක්තිමත් ආර්ථිකයක්, සමාජයක් සහ පවුලක් ගොඩනැඟීමට දායක වෙනවා යන අදහස මූලික කරගෙන ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන අදියර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. මාර්තු මාසය පුරාවටම සතියකට වරක් අපේ රටේ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර 5ක් තෝරාගෙන Spa Ceylon social media platforms ඔස්සේ ඔවුන්ගේ brand එකට feature කරන්න අවස්ථාව වගේම ලංකාවේ ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ දායකත්වයෙන් ඔවුන්ගේ social media platforms වලත් කාන්තා ව්‍යාපාරිකාවන්ගේ brands feature කරන්න අවස්ථාව ලබාදෙනවා. ඒ වගේම මාර්තු 16 වෙනිදා කාන්තා ව්‍යාපාරිකාවන්ගේ, ව්‍යාපාර ලෝකෙටම අරගෙන යන්න අවශ්‍ය අලෙවිකරණ දැනුම ලබාදෙන්න Spa Ceylon marketing team එකේ දැනුම සහ external expert දැනුම ඔවුන් එක්ක බෙදාගන්න වටිනා වැඩමුළුවක් කොළඹ දී පවත්වනු ලබනවා. මේ වැඩමුළුව ඔස්සේ social media platforms වල ව්‍යාපාරයක් නිසි විදිහට ගොඩනගා ගන්න ආකාරය, influencer marketing, email marketing ගැන දැනුම වගේම අලෙවිකරණයට අවශ්‍ය සෑම පැතිකඩක් ගැනම මූලික දැනුම කාන්තා ව්‍යාපාරිකාවන්ට ලබාදෙනවා.
මෙවර කාන්තා දිනය වෙනුවෙන් දියත් කරන මෙම වැඩසටහන ගැන අදහස් දැක්වූ Spa Ceylon හී සම-නිර්මාතෘ සහ සමූහ අධ්‍යක්ෂ ශලින් බාලසූරිය පැවසූවේ "මෙවර කාන්තා දිනය වෙනුවෙන් සිදු කරන මේ වැඩසටහන මටත් ගොඩක් සුවිශේෂී ඒකට හේතුව Spa Ceylon ආරම්භ වුණෙත් ලංකාවේ හිටපු අති දක්ෂ කාන්තා ව්‍යවසායිකාවකගේ දරුවන් දෙදෙනෙකු විසින් නිසා. මගේ අම්මා කාන්තාවක් විදිහට ව්‍යාපාරය කරපු විදිහ මට හොඳට අත්විඳින්න ලැබුණා. ඇයගේ ව්‍යාපාරය නිසා පවුලට වගේම සමාජයට වුණ සේවාව අපි දැක්කා, ඒ වටා ගොඩක් පවුල්වලට රැකියා අවස්ථා නිර්මාණය වුණා. ඒ දේවල් ආදර්ශයකට අරන් අපිට පුළුවන් වුණා ලංකාවේ වගේම ලෝකයේ පිළිගත් Spa Ceylon කියන brand එක ගොඩනගන්න. කාන්තාවක් විසින් මෙහෙයවන ව්‍යාපාරයකට හොඳ සහයෝගයක් ලබාදුන්නොත් ඔවුන්ට කළ නොහැක්කක් නැහැ. ඒ නිසා මෙවර කාන්තා දිනය සැමරීමකට එහා ගිහින් "Her Business Matters" වැඩසටහන හරහා ලංකාවේ දක්ෂ කාන්තා ව්‍යාපාරිකාවන්ට අලෙවිකරණය පැත්තෙන් සහයෝගයක් ලබාදෙන්න හොඳ අවස්ථාවක් බවට අපි පත් කරනවා. ගිය වසරේ අපි කාන්තා දිනය වෙනුවෙන් කරපු "Act for Win" වැඩසටහන හරහා අපි මානසික හා කායික පීඩාවන්ට ලක්වුණ කාන්තාවන් වෙනුවෙන් උදව් කරන Women In Need (WIN) ආයතනයට මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන්න කටයුතු කළා. ඉතින්, ඉදිරියේදීත් අපේ සමාජයට අර්ථවත් දිගු කාලීන බලපෑමක් ඇති කරන වැඩසටහන් දියත් කරන්න කටයුතු කරනවා."
"Her Business Matters" වැඩසටහන සඳහා අයදුම්පත් 2026 මාර්තු මාසය පුරාවටම භාරගනු ලබන අතර, Spa Ceylon නිල සමාජ මාධ්‍ය පිටු වල තියෙන Google Form Link එක හරහා අයදුම්පත් යොමු කරන්න පුළුවන්. මේ සඳහා අයදුම්පත් යොමු කළ හැක්කේ කාන්තා ව්‍යාපාරිකාවක් විදිහට business එකක් ආරම්භ කරපු, ලංකාවේම නිෂ්පාදනය කරන ව්‍යාපාරයක් හෝ සේවාවක් නම් සහ ලංකාවේ කාන්තාවක් විදිහට brand එක දියුණු කරගන්න මහන්සි වෙන කෙනෙක් නම් පමණයි. මේ සඳහා ලැබෙන සියලුම අයදුම්පත් නිසි තෝරාගැනීමේ ක්‍රියාවලියකට යොමු කරනු ලබන අතර, වැඩමුළුව සඳහා ඕනෑම කාන්තා ව්‍යාපාරිකාවකට ලියාපදිංචි වීමේ හැකියාව තිබෙනවා. මේ වැඩමුළුව සඳහා Spa Ceylon සමඟ අත්වැල් බැඳගන්නට Simple Books (Finance & Compliance Partner), RoarAdX (Digital Growth Partner), Surge, Celeste, PickMe එක්ව තිබෙනවා.
Spa Ceylon පිළිබඳව: 2009 මැයි මස ශිවන්ත ඩයස් සහ ශලින් බාලසූරිය සහෝදරයන් දෙදෙනා එක්ව ආරම්භ කළ Spa Ceylon, Global Luxury Wellness අංශයේ නමගිය බලවේගයක් බවට පත්ව ඇති අතර ඉන් Luxury Ayurveda සන්නාමය ලොවට ගෙන යාමට සමත් වී තිබෙනවා. රටවල් 33ක් පුරා අලෙවිසැල් 140කට වැඩි පුළුල් අන්තර්ජාතික ව්‍යාපාරයකට හිමිකම් කියන Spa Ceylon, ලොව විශාලතම Luxury Ayurveda දාමය ලෙස ද හඳුන්වනවා. Spa Ceylon අපේ රටේ පුරාණ ආයුර්වේද දැනුම ග්‍රහණය කර ගනිමින් සම්බාහන චාරිත්‍ර මාලාවක් සහ ගත, සිත, මනස සන්සුන් කෙරෙන රාජකීයත්වය පිරි නිෂ්පාදන පෙළක් නිර්මාණය කරන අපේ රටෙන් ජාත්‍යන්තරයට ගිය සන්නාමයක් ලෙස නම් දරන අතර Spa Ceylon නිෂ්පාදන තිරසාර පැවැත්ම සඳහා අඛණ්ඩ කැපවීමකින් මෙන්ම ප්‍රජාවන්ගේ යහපැවැත්ම පිළිබඳව ද සැලකිලිමත් වන සන්නාමයක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වී තිබෙනවා. Spa Ceylon නිෂ්පාදන සත්ත්ව හිංසනයෙන් තොර, සදාචාරාත්මකව මූලාශ්‍ර කරගත් තිරසාර ව්‍යාපාරික භාවිත සඳහා එහි අඛණ්ඩ කැපවීම සහ ප්‍රජාවන්ගේ යහපැවැත්ම සඳහා සවිගන්වන්නට සැලකිලිමත් වන සන්නාමයක් ලෙස සඳහන් කරන්නට හැකිවනවා.
Video Story