Spa Ceylon සහ Shangri-La Colombo එක්ව ‘SleepCation’ නමින් Luxury Sleep Experience එකක් හඳුන්වාදෙයි

    October, 15, 2025

    Spa Ceylon සහ Shangri-La Colombo සමඟ එක්ව, Wellness කේන්ද්‍ර කරගත් සංචාර සඳහා ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාර දක්වමින් ගැඹුරු, සුවදායී නින්දක් ලබාගැනීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති අලුත්ම, Luxury Wellness Experience එකක් වන SleepCation හඳුන්වා දී තියෙනවා. SleepCation කාලය තුළ, ජාත්‍යන්තර සම්මාන ගණනාවක් ලබාගත් Spa Ceylon Sleep Intense Range එක සමඟින්, අමුත්තන්ට Sleep Meditation සහ ඉතාම උසස් මට්ටමේ සුවපහසු හෝටල් නවාතැනක පහසුකම ලබාදෙනවා. එයින් අමුත්තන්ට විවේක ගැනීමට, ශරීරයට සුවදායී ප්‍රාණවත් ගතියක් ලබාදෙන නින්දක් භුක්ති විඳීමට උදව් වීම මෙහි අරමුණ වනවා.

    SleepCation යනු සංචාරක, ව්‍යාපාරික, ආයතනික කණ්ඩායම් හෝ අඛණ්ඩ විවේකයක් සොයන ඕනෑම කෙනෙක්ට ඉතාම හොඳ  Wellness Experience එකක් විදියට හඳුන්වන්න පුළුවන්. මෙහි සුවිශේෂීම දේ වන්නේ Spa Ceylon හි අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමට ලක් වූ Sleep Intense Range එකයි. එහි ගත, සිත, මනස සන්සුන් කරන ආයුර්වේද ගුණ පිරුණු, ස්වභාවික ක්‍රියාකාරී අමුද්‍රව්‍ය අඩංගු වනවා. ස්නානය, විවේකය සහ නින්ද කේන්ද්‍ර කරගත් මේ Range එක ශරීරය සන්සුන් කර, මනස ලිහිල් කර සහ ගැඹුරු, සුවබර නින්දක් ලබාදෙන්නට උදව් වනවා.

    SleepCation හි විශේෂත්වය වන්නේ අමුත්තන් පැමිණීමට පෙර සිටම විවේකය කරා යන ගමන ආරම්භ වීමයි. වෙන්කරවා ගැනීම තහවුරු කළ පසු, Shangri-La Colombo හි Guest Experience Team එක ඔවුන්ව පෞද්ගලිකව සම්බන්ධ කරගෙන ඔවුන්ගේ කැමති අකමැති දෑ පිළිබඳ අසා දැනගැනීමයි. තමා කැමති වායු සමීකරණ උෂ්ණත්ව අගය සහ කොට්ටවල අවශ්‍යතාව සිට කැමැත්ත පරිදි ලබාදීමට කටයුතු කරනවා.

    පැමිණීමේදී, රැඳී සිටීමක් නැතිව ඉක්මනින්ම අමුත්තන් වෙනුවෙන් වෙන් වුණු කාමරවල නවාතැන් ගැනීමට ඉඩ සලසා ඇති අතරම මෙම කාමර, වැඩි පයින් ගමන් කරන, වාහන ශබ්ද හෝ වෙනත් ශබ්ද ඇති ප්‍රදේශවලින් ඈත්ව පිහිටා තිබෙනවා. නවාතැන් ගෙන සිටින කාලය පුරාවටම WhatsApp හරහා කැපවූ Guest Relations Ambassador කෙනෙක් ලැබෙන අතරම, ඔබගේ ඉල්ලුම මත සහාය ලබාගන්නටත් හැකියාව ලැබෙනවා.

    කාමර Spa Ceylon Sleep Intense Range එකෙන් සහ සන්සුන් සුවඳින් සමන්විත වනවා. Sleep Meditation සහ Spa Ceylon Sleep Therapy Music එක්ක වඩාත් සංසුන් වටපිටාවක් ඇති කරගන්නට හැකිවනවා. අමුත්තන්ට ඔවුන්ගේ නවාතැන් කාලය තුළ සම්පූර්ණ, අඛණ්ඩ විවේකයක් භුක්ති විඳීම වෙනුවෙන් Shangri-La Colombo විසින් තෝරාගත් කොට්ට, සියුම් ලිනන් රෙදි, කළු පැහැති තිර රෙදි සහ කාමරය තුළටම භෝජන සංග්‍රහ කිරීම සිදු කරනවා.

    "මම කොහේ ගියත්, මට ලෝකේ පුරා මුණ ගැහෙන මිනිස්සු මාත් එක්ක කියනවා, ඔවුන්ට ප්‍රමාණවත් නින්දක් ලැබෙන්නේ නැහැ කියලා. අද වේගවත් ලෝකයේ, විවේකය කියන්නේ එන්න එන්නම දුර්ලභ වෙමින් තියෙන දෙයක්. නමුත් ඒක යහපැවැත්ම වෙනුවෙන් අත්‍යවශ්‍ය දෙයක් විදියට සඳහන් කරන්න පුළුවන්. SleepCation මඟින්, අපි ගැඹුරු, සුවදායී නින්දකට සම්පූර්ණයෙන්ම Immersive Journey එකක් ලබාදෙන අතරම ආයුර්වේදයේ ගුණයෙන් වගේම ඉතාම උසස් මට්ටමේ හෝටලයක Luxury, සුවපහසු බව මුසු කරමින් වඩා සුවදායී නින්දක් ලබාදෙනවා. SleepCation ඕනෑම කෙනෙක්ට නැවුම්, Recharge Feeling එකක් ලබාදෙනවා විතරක් නෙවෙයි, ශ්‍රී ලංකාවේ Wellness Tourism කියන ක්ෂේත්‍රයට සහාය වන අතර, අමුත්තන්ට විවේකය, සුවය සහ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරන්නට උපකාරී වන බව අපි විශ්වාස කරනවා." යනුවෙන් මේ ගැන අදහස් දැක්වූ Spa Ceylon හි සම-නිර්මාතෘ සහ සමූහ අධ්‍යක්ෂ ශලින් බාලසූරිය  පැවසූවා.

    “Shangri-La Colombo හිදී, රටේ පළවෙනි නින්ද පිළිබඳ සංචාරක අත්දැකීම සමඟින් ශ්‍රී ලංකාවේ Wellness Journey එකේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙනවා. මන්දගාමී නොවන ලෝකයක, විවේකය කියන දේ දුර්ලභ සුඛෝපභෝගී දෙයක් බවට පත්ව තියෙනවා. SleepCation කියන්නේ නිශ්ශබ්දතාවය සහ නැවුම් බවක් ලබාදීම සඳහා අවකාශයක් නිර්මාණය කිරීමට විරාමයක් තැබීමට අපේ ආරාධනයක්. Spa Ceylon හවුල්කාරිත්වයෙන්, අපි අමුත්තන්ට සැබවින්ම නිදහස් වීමට, ගැඹුරු විවේකයක් ලබාගැනීමට සහ යථා තත්ත්වයට පත්වීමට උපකාර කිරීම සඳහා ඉඩ නිර්මාණය කර තිබෙනවා." යනුවෙන් Shangri-La Colomboහි සාමාන්‍යාධිකාරී හර්ව් ඩුබොස්ක් (Herve Duboscq) සිය අදහස් ප්‍රකාශ කළා.

    SleepCation, මෙම සතියේ Shangri-La Colombo හිදී නිල වශයෙන් දියත් කරන අතර, 2025 ඔක්තෝබර් 20 වන දින සිට වෙන්කරවා ගැනීම් ලබා ගත හැකියි. අමුත්තන්ට Bed & Breakfast යටතේ රාත්‍රී දෙකක නවාතැන් (එක් අයෙක්ට) හෝ එක් රාත්‍රියකට නවාතැන් (එක් අයෙක්ට) භුක්ති විඳිය හැකි අතර, නොමිලේ Spa Ceylon Sleep Intense Home Spa කට්ටලයක් ඇතුළුව, අමුත්තන්ට ඔවුන්ගේ නවාතැනෙන් ඔබ්බට Luxury Sleep Experience එකක් ලබාදෙන්නට ඉඩ සලසයි.

    Spa Ceylon පිළිබඳව: 2009 මැයි මස ශිවන්ත ඩයස් සහ ශලින් බාලසූරිය සහෝදරයන් දෙදෙනා එක්ව ආරම්භ කළ Spa Ceylon, Global Luxury Wellness අංශයේ නමගිය බලවේගයක් බවට පත්ව ඇති අතර ඉන් Luxury Ayurveda සන්නාමය ලොවට ගෙන යාමට සමත් වී තිබෙනවා. රටවල් 33ක් පුරා අලෙවිසැල් 140කට වැඩි පුළුල් අන්තර්ජාතික ව්‍යාපාරයකට හිමිකම් කියන Spa Ceylon, ලොව විශාලතම Luxury Ayurveda දාමය ලෙස ද හඳුන්වනවා. Spa Ceylon අපේ රටේ පුරාණ ආයුර්වේද දැනුම ග්‍රහණය කර ගනිමින් සම්බාහන චාරිත්‍ර මාලාවක් සහ ගත, සිත, මනස සන්සුන් කෙරෙන රාජකීයත්වය පිරි නිෂ්පාදන පෙළක් නිර්මාණය කරන අපේ රටෙන් ජාත්‍යන්තරයට ගිය සන්නාමයක් ලෙස නම් දරන අතර Spa Ceylon නිෂ්පාදන තිරසාර පැවැත්ම සඳහා අඛණ්ඩ කැපවීමකින් මෙන්ම ප්‍රජාවන්ගේ යහපැවැත්ම පිළිබඳව ද සැලකිලිමත් වන සන්නාමයක් ලෙස ලොව පුරා ප්‍රසිද්ධ වී තිබෙනවා. Spa Ceylon නිෂ්පාදන සත්ත්ව හිංසනයෙන් තොර, සදාචාරාත්මකව මූලාශ්‍ර කරගත් තිරසාර ව්‍යාපාරික භාවිත සඳහා එහි අඛණ්ඩ කැපවීම සහ ප්‍රජාවන්ගේ යහපැවැත්ම සඳහා සවිගන්වන්නට සැලකිලිමත් වන සන්නාමයක් ලෙස සඳහන් කරන්නට හැකිවනවා.