July, 24, 2016
කාර්මික පිරිසිදු කිරීමේ විසඳුම් ගෙන එන Spotless නිෂ්පාදන පෙළ අතරට ලබන මාසයේ සිට ලොව ජනප‍්‍රිය පිරිසිදු කිරීමේ සන්නාමයක් වන Unger යටතේ එන නිෂ්පාදනත් එක් වේ. Unger විසින් නිර්මාණය කරන ලද මේ නවීනතම නිෂ්පාදන පෙළ ජූලි මස 22 දින සිට 24 දින දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙන හෝටල් ක්ෂේත‍්‍ර ප‍්‍රදර්ශනයේදී නිල වශයෙන් දියත් කෙරෙනු ඇත.
Unger නිෂ්පාදන සඳහා මෙරට එකම බලයත් නියෝජිත ලෙස කටයුතු කරන්නේ Spotless වන අතර මේ හවුල්කාරීත්වය යටතේ පුළුල් පරාසයක පැතිරුණු නවීන පිරිසිදු කිරීමේ උපාංග පෙළක් වෙළඳපොළට පැමිණෙනු ඇත. වඩාත් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න ලෙස ගොඩනැගිලි පවත්වාගැනීම සඳහා වැදගත් වන උසස් තත්ත්වයේ උපාංග නිපදවීම සම්බන්ධයෙන් Unger ලොව පුරා ප‍්‍රසිද්ධියක් උසුලයි.
1964 දී ජර්මනියේදී වෙළඳපොළ අවශ්‍යතා මැනවින් හඳුනාගත් නව නිර්මාණකරුවෙකුගේ සංකල්පයක් ලෙස ආරම්භ වූ Unger, මේ වනවිට උසස් තත්ත්වයේ උපාංග මෙන්ම විශිෂ්ට පාරිභෝගික සේවාවක්ද සලසන සමාගමක් ලෙස කීර්තියක් දිනා සිටී. සමාගමේ නිර්මාතෘ හෙන්රි අන්ගර් මහතා වෘත්තියෙන් ජනෙල් පිරිසිදු කරන්නෙකු විය. තම වෘත්තිය සඳහා ගැළපෙන උපාංගවල හිඟයක් පවතින බව වටහාගත් ඒ මහතා තමන්ට අවශ්‍ය උපාංග තමන්ම නිපදවාගැනීමට තීරණය කළේ ය. ඔහු නිර්මාණය කළ සමාගම වේගවත් දියුණුවක් අත්පත් කරගනිමින් වෘත්තීය පිරිසිදු කිරීම් ක්ෂේත‍්‍රයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා බවට පත්විය. වර්තමානය වන විට Unger යනු ජාත්‍යන්තර සන්නාමයකි. එහි ප‍්‍රධාන කාර්යාලය ඇමරිකා එක්සත් ජනපදයේත්, නිෂ්පාදන කර්මාන්තශාලාව ජර්මනියේත් පිහිටා ඇති අතර, එය ලොව රටවල් 80 ක පමණ ව්‍යාපාරික හවුල්කරුවන් සමග සම්බන්ධතා ගොඩනගාගෙන ඇත.
පිරිසිදු කිරීමේ අවශ්‍යතා රැුසක් සඳහා නිෂ්පාදන නිපදවීමට ඹබටැර සමාගම මේ වනවිට සමත් වී තිබේ. ජනෙල්, ගොඩනැගිලි අභ්‍යන්තරය, සූර්ය පැනල ආදිය මෙන්ම එළිමහන පිරිසිදු කිරීමේ උපකරණ, කසළ එකතු කිරීමේ උපකරණ සහ ජලය පිරිසිදු කිරීමේ පද්ධති ආදියද ඊට අයත් ය. පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස භාවිතා කළ හැකි ලෙස සහ කල් පවතින ලෙස මෙම උපකරණ නිපදවා ඇත.
ඹබටැර නිෂ්පාදන අතරට එක්වන අලූත්ම නිෂ්පාදනය හඳුන්වා ඇත්තේ Stingray යන නමිනි. නවතම ආකාරයේ අභ්‍යන්තර පිරිසිදු කිරීමේ උපකරණයක් වන මෙය වීදුරු හා ජනෙල්, වීදුරු පාටිෂන්, ෂෝකේස්, කන්නාඩි, ශීතකරණවල වීදුරු දොරවල්, එලිවේටර්, සේදිය හැකි දොරවල්, මේස සහ තවත් බොහෝ දේවල් පිරිසිදු කිරීම සඳහා භාවිතා කළ හැකි වේ. පියවරෙන් පියවර පිරිසිදු කිරීමක් සඳහා Apply and Clean තාක්ෂණය, ජනෙල් හා රාමු එකවර පිරිසිදු කිරීමට Microfiber TriPad, සහ ආවරණය වූ ස්පේ‍්‍ර නොස්ල් එකක්ද සහිත Stingray උපාංගය අවශ්‍ය දේ වඩාත් පහසුවෙන් පිරිසිදු කරයි. එමෙන්ම එය සාමාන්‍ය ක‍්‍රමවේදවලට වඩා 39% ක් අඩුවෙන් රසායන ද්‍රව්‍ය භාවිතා කරමින් 25% ක් වැඩි වේගයකින් පිරිසිදු කිරීම් සිදුකිරීම තවත් විශේෂත්වයකි.
ඉදිරියේදී අනෙකුත් Stingray නිෂ්පාදන සමගින් Stingray නිෂ්පාදනයද මෙරට වෙළඳපොළට හඳුන්වා දීමට Spotless කටයුතු කරනු ඇත. ීSpotless යනු මෙරට සුප‍්‍රකට කුඩ, රේන්කොට් සහ මදුරුදැල් නිෂ්පාදන සමාගමක් වන රේන්කෝ සමාගම යටතේ පවතින්නකි. රේන්කෝ සමාගම සිය ක‍්‍රමෝපායික විවිධාංගීකරණය යටතේ Light & Shade, World of Outdoor සහ Millerholz යන අනුබද්ධ සමාගම් සමගින් මේ වනවිට වැසි ආවරණ, කැනපි, සන් විෂන්, ටෙන්ට්, අභ්‍යන්තර හා බාහිර ගෘහභාණ්ඩ සහ ගෙබිම් සැකසුම් ද්‍රව්‍ය යනාදී අංශ රැුසකට අයත් නිෂ්පාදන හඳුන්වා දීමට සමත් වී ඇත.
මේ පිළිබඳව උනන්දුවක් දක්වන අයට ජූලි මස 22 දින සිට 24 දින දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙන හෝටල් ප‍්‍රදර්ශනය වෙත පැමිණ, මෙම නිෂ්පාදන දැකබලාගන්නා ලෙස සමාගම ආරාධනා කර සිටී. වැඩිදුර විස්තර www.spotless.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක.
Video Story