March, 3, 2015
ස්වීඩනයේ සුප්‍රකට වෝල්වෝ මෝටර් රථ සමාගමේ නිෂ්පාදන බෙදාහැරීමේ සහ අලෙවියේ මෙරට නියෝජිතයා වන ස්වීඩිෂ් ට්‍රේඩිං කම්පනි ලිමිටඩ් සමාගම හැර වෙනත් පාර්ශවයක් නියෝජිතයා, බෙදාහරින්නා සහ පාර්ශවකරුවා ලෙස වෝල්වෝ මෝටර් රථ කෝපරේෂන් සමාගම විසින් පත්කිරීම වලක්වාලමින් වාරණ නියෝගයක් ස්වීඩිෂ් ට්‍රේඩිං කම්පනි ලිමිටඩ් සමාගම විසින් ලබාගෙන තිබේ.
මෙහිදී, ස්වීඩිෂ් ට්‍රේඩිං කම්පනි ලිමිටඩ් සමාගම පවසා තිබෙන්නේ වසර 30 කට අධික කාලයක් සිය සමාගම ලංකාවේ වෝල්වෝ කාර් කෝපරේෂන් සමාගමේ නියෝජිතායතනය ලෙස කටයුතු කළ හෙයින් මෙම සන්නාමය පිළිබඳව ලංකාවේ තිබෙන කීර්තිනාමය පිළිබඳව වගකීමක් තම සමාගමට තිබෙන බවයි.
මේ නිසා, වෝල්වෝ කාර් කෝපරේෂන් සමාගමට සිය වෝල්වෝ නියෝජිතායතනය අවසන් කිරීමට හැකියාවක් නොමැති බව ස්වීඩිෂ් ට්‍රේඩිං කම්පනි ලිමිටඩ් සමාගම අධිකරණයට පවසා ඇත.
මේ පිළිබඳව සලකා බැලූ මහාධිකරණය විසින් ස්වීඩිෂ් ට්‍රේඩිං කම්පනි ලිමිටඩ් සමාගම හැර වෙනත් පාර්ශවයක් ලංකාවේ වෝල්වෝ නියෝජිතායතනය ලෙස පත්කිරීම වලක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.
Video Story