December, 28, 2022
ශ්රී ලංකාවේ ආහාාරයට ගත හැකි තෙල් හා මේද නිෂ්පාදනය, පිරිපහදු කිරීම සහ අපනයනය සම්බන්ධ ප්රමුඛතම සමාගමක් වන SMR Consolidated (Sena Mills and Refineries Pvt Ltd) සමාගම, පසුගියදා පැවති 30 වන NCE වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. 2022 දෙසැම්බර් 02 දින කොළඹ ෂැංග්රි-ලා හෝටලයේදී මෙම සම්මාන උළෙල පැවැත්වුණු අතර, එහිදී සමාගම වෙනුවෙන් එහි ප්රධාන විධායක නිලධාරී අමල් ඉන්ද්රජිත් මහතා විසින් සම්මානය පිළිගන්නා ලදි.
“මෙවැනි ගෞරවණීය සම්මානයකින් පිදුම් ලැබීමට හැකි වීමට අපට මහත් සතුටක්. ආරම්භයේ පටන්ම අප උසස් ප්රමිතිය සම්බන්ධයෙන් විශාල උනන්දුවක් දැක්වුවා. අපගේ නිෂ්පාදන අපනයන වෙළඳපොළ තුළ විශාල ජනප්රියත්වයක් දිනාගත්තේ ඒ නිසයි. අද වනවිට ලොව රටවල් රැසක අපගේ නිෂ්පාදන ඒවායෙහි ප්රමිතිය වෙනුවෙන් ඇගයීමට ලක්වෙනවා. අප ඇත්ත වශයෙන්ම ළඟා කරගැනීමට උත්සාහ කළ ඉලක්කය එයයි. 1960 වසරේදී කුඩා පොල්තෙල් නිෂ්පාදනාගාරයක් ලෙස ආරම්භ වූ අපගේ සමාගම, අඛණ්ඩව දියුණු වෙමින් පැමිණ පසුව එළවලු තෙල් වර්ග නිෂ්පාදනයට යොමු වුණා. 1997 වසරේදී, අපි ශ්රී ලංකාවේ ප්රථම වරට අඛණ්ඩ පිරිපහදු පහසුකම් සහිත එළවලු තෙල් පිරිපහදුවක් ස්ථාපිත කළා. එදා පටන් මේ දක්වාම ගුණාත්මකභාවය සම්බන්ධයෙන් අප කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටිනවා. මෙම සම්මානය අප වෙත පිරිනැමීම සම්බන්ධයෙන් මෙම සම්මාන උළෙල සංවිධානය කළ ජාතික අපනයන වාණිජ මණ්ඩලයටත්, අපගේ නිෂ්පාදන කෙරෙහි අඛණ්ඩව විශ්වාසය තැබීම පිළිබඳව අපගේ පාරිභෝගිකයන්ටත් අපගේ ස්තූතිය මෙසේ පිරිනමනවා.” SMR Consolidated සමාගමේ ක්රමෝපායික ව්යාපාර සංවර්ධන ප්රධානී දිමන්ත නානායක්කාර මහතා පැවසී ය.
ජාතික අපනයන වාණිජ මණ්ඩලය (National Chamber of Exporters - NCE) මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අපනයන සම්මාන උළෙලේ අරමුණ වන්නේ, ශ්රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ ඉහළම සාර්ථකත්වයක් පෙන්නුම් කරන අපනයනකරුවන් ඇගයීමට ලක්කිරීම ය. ස්වාධීන විනිශ්චය මණ්ඩලයක් විසින්, ඉතා දැඩි තේරීම් ක්රියාවලියකින් අනතුරුව මෙහි ජයග්රාහකයන් තෝරාගනු ලබයි. මෙම තේරීම් නිර්ණායකවලදී පෙර වසර 3 තුළ මූල්ය ක්රියාකාරීත්වය, අපනයන ක්රියාකාරීත්වය, අගය එකතු කිරීම, විදේශ විනිමය ඉපැයීම්, ඵලදායී කළමනාකරණය, සන්නාමකරණය සහ පර්යේෂණ හා සංවර්ධන කටයුතු ආදිය සැලකිල්ලට ගැනේ.
ගුණාත්මකභාවය සම්බන්ධයෙන් SMR Consolidated සමාගම දක්වන කැපවීම හේතුවෙන් එම සමාගම BRC, FSSC 22000, ISO, SEDEX, SMETA, FAIRTRADE Organic සහ Kosher ඇතුළු සහතිකකරණයන් රාශියක් හිමි වී තිබේ. 2022 වසරේදී සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මහද්වීප 6 ක රටවල් 35 ක් වෙත තම නිෂ්පාදන අපනයන කිරීමට සමාගම සමත් විය.
ජනතාවගේ යහපත අරමුණු කරගත් සහ තිරසාර ලෙස ව්යාපාර කටයුතු සිදුකරන සමාගමක් වශයෙන්, උසස් ප්රමිතියෙන් යුත් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට අමතරව, ශ්රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් තවත් නොයෙක් අයුරින් දායක වීමට SMR Consolidated සමාගම කටයුතු කර ඇත. දේශීය හිමිකාරීත්වයක් යටතේ පවතින සමාගමක් වන එහි සෘජු රැකියා අවස්ථා හිමි වී ඇති සංඛ්යාව 1,000 ඉක්මවන අතර, තවත් 5,000 කට අධික පිරිසකට වක්ර ජීවනෝපාය අවස්ථාවන් උදාකර දෙමින් සමාගම මෙරට ග්රාමීය පවුල් 6,000 කට අධික සංඛ්යාවකට අත්වැලක් වී තිබේ. එමෙන්ම ගෝලීය වෙළඳපොළට උසස් තත්ත්වයේ නිෂ්පාදන හඳුන්වා දෙමින් එය ශ්රී ලංකාවේ කීර්තිනාමය වර්ධනය කිරීමට කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙයි.
ඡායාරූප විස්තරය : SMR Consolidated සමාගමේ ප්රධාන විධායක නිලධාරී අමල් ඉන්ද්රජිත් මහතා NCE වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී සමාගම වෙත හිමි වූ සම්මානය පිළිගත් අවස්ථාව
December, 28, 2022
2021 දෙසැම්බර් 31 දින වන විට විදේශිකයින් 208 දෙනෙකු ශ්රී ලංකාවේ සරණාගත තත්ත්වය ඉල්ලුම්කර ඇති බව ආගමන හා විගමන දොපර්තමේන්තුව පවසයි. මෙයින් 149 දෙනෙකුම පාකිස්ථානු ජාතිකයින් බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර 2021 දෙසැම්බර් 31 දින වන විට සරණාගතයන් පිළිබඳ කටයුතු කිරීමේ ඒකකයේ අධීක්ෂණය යටතේ සරණාගත තත්ත්වය ලබා මෙරට තුළ රැඳී සිටින විදේශිකයින් සංඛ්යාව 912 ක් බව ආගමන හා විගමන දොපර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී. මෙම සංඛ්යාවෙන් 709 දෙනෙකුම පාකිස්ථානුවන් වේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ 2021 වාර්ෂික කාර්යසාධන වාර්තාවෙහි මේ බව සඳහන්ව ඇත.


December, 28, 2022
සියලුම රාජ්ය ව්යාපාර විසින් සිය සේවකයන්ට ඉතිරි කර ගත් නිවාඩු මත දීමනා ගෙවීම කොන්දේසි කිහිපයකට යටත්ව සිදු කළ හැකි බව භාණ්ඩාගාර ලේකම් කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතා පවසයි.
සියලුම අමාත්යාංශ ලේකම්වරුන්, රාජ්ය සංස්ථා, ව්යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් වෙත විශේෂ චක්රලේඛයක් නිකුත් කරමින් භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව දැනුම් දී ඇත.
ඒ අනුව, එකී රාජ්ය ව්යාපාරයේ සේවකයන්ට ඉතිරි කර ගත් නිවාඩු ගණනය කිරීම සාප්පු හා කාර්යාල සේවක පනතේ විධිවිධානයන්ට අනුකූල විය යුතු බවත්, එකී රාජ්ය ව්යාපාරය ප්රාග්ධන හා/හෝ පුනරාවර්තන වියදම් සඳහා මහා භාණ්ඩාගාරයෙන් අරමුදල් ලබා නොගත යුතු බවත් අදාළ චක්රලේඛයේ සඳහන් වේ.
මීට අමතර ගෙවීම් සඳහා සලකා බලන වර්ෂයට පෙර වසරට අදාළව මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු ලාභාංශ/ අයබදු ගෙවා තිබිය යුතු බවට ද භාණ්ඩාගාර ලේකම්වරයා අවධාරණය කර සිටී.

December, 27, 2022
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, දේශයේ උන්නතිය වෙනුවෙන් තබන තවත් පියවරක් වශයෙන්, හැටන් නැෂනල් බැංකුවේ රට දිනන සිඟිත්තෝ වැඩසටහන සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. විදේශ රැකියා වල නියුතු පුද්ගලයන්ගේ දරුවන් සවිබල ගැන්වීමේ අරමුණින් හැටන් නැෂනල් බැංකුව මෙම සුවිශේෂී වැඩසටහන දියත් කර තිබේ.
ශ්රී ලංකාව මේ වනවිට ආර්ථික හා සමාජයීය අභියෝග ඇතුළු අභියෝග රාශියකට මුහුණ දී සිටී. මෙම අභියෝග ජයගනිමින් රටේ ආර්ථික තත්ත්වය යහපත් කිරීම සඳහා විදේශ සේවා නියුක්තිකයෝ අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකරමින් සිටිති. මෙම පිරිස ඉටුකරන මෙහෙවර සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ කැපවීම අගය කරමින් හැටන් නැෂනල් බැංකුව, HNB Assurance සහ SLT-MOBITEL ප්රධාන හවුල්කරුවන් ලෙස සම්බන්ධ කරගනිමින්ිරට දිනන සිඟිත්තෝ වැඩසටහන දියත් කළේ ය. මෙම වැඩසටහනට මගපෙන්වීම සඳහා අධ්යාපන අමාත්යාංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්යාංශය සහ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක් වී සිටී.
විදේශ රැකියා නියුක්තිකයන්ගේ දරුවන් චිත්ර කලාව, නර්තනය, ගායනය සහ ලේඛනය සම්බන්ධයෙන් දක්වන දක්ෂතා අගයමින්, ඔවුන්ට ත්යාග පිරිනමමින්, ඔවුන් තවදුරටත් දිරිමත් කිරීම අරමුණු කරගත් දීප ව්යාප්ත වැඩසටහනක් වශයෙන් ිරට දිනන සිඟිත්තෝ වැඩසටහන ක්රියාත්මක වේ.
ජාතික තලයේ වැඩසටහන් වලට අත්වැලක් වීමට සෑම විටම ඉදිරිපත් වන සන්නාමයක් වශයෙන්, ඉදිරියේදීත් මෙවැනි වැඩසටහන් වලට තම දායකත්වය ලබාදීමටත්, ඒ ඔස්සේ ශ්රී ලංකාව ඩිජිටල්කරණයේ මීළඟ අදියර වෙත රැගෙන යාමේ මෙහෙවර තුළ අඛණ්ඩව පෙරමුණ ගැනීමටත් SLT-MOBITEL කටයුතු කරමින් සිටී.
December, 27, 2022
එක් එක් වී ගොවියා හට වෙන්කර ඇති පොහොර ප්රමාණය, 2023 ජනවාරි 5 දින දක්වා ගොවිජන සේවා මධ්යස්ථාන වල ප්රදර්ශනය කෙරෙයි
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් ජාත්යන්තර සංවර්ධනය සදහා වූ එක්සත් ජනපද නියෝජිතානතනයේ (USAID) ලබාදෙන අරමුදල් හරහා ශ්රී ලංකාවේ සියලූම වී ගොවීන් වෙත කෘෂිකර්ම අමාත්යාංශය සහාය ඇතිව ටි්රපල් සුපර් ෆොස්ෆේට් (Triple Super Phosphate - TSP) ටොන් 36,000ක් බෙදා දෙනු ඇත. 2022/2023 මහ කන්නයේ දී වගා කරනු ඇති භූමි ප්රමාණය මත පදනම්ව එක් එක් වී ගොවියා වෙත ලබාදෙන TSP ප්රමාණය තීරණය කරනු ඇත.
එක් එක් වී ගොවියා වෙත වෙන්කර ඇති පොහොර ප්රමාණය තීරණය කිරීමේ දී යොදා ගන්නා ලද, මේ වර්ෂයේ මහ කන්නයේ වගා කරන ලද භූමි ප්රමාණය පිළිබඳ විස්තරය, බෙදා හැරීමේ ලැයිස්තුව ද සමග ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් සියලූම ගොවිජන සේවා මධ්යස්ථාන වල ප්රකාශයට පත්කර ප්රදර්ශනය කිරීමට කටයුතු කර ඇත. අදාළ ගොවිජන සේවා මධ්යස්ථාන වෙත ගොස් තම තමන්ගේ විස්තර එකී ලැයිස්තුවට ඇතුළත් කර ඇතිදැයි විමසා බලන ලෙස සුදුසුකම් ලත් සියලූ වී ගොවීන් වෙතින් FAO ඉල්ලා සිටියි. බෙදා හැරීමේ ලැයිස්තුව 2023 ජනවාරි 5 දින දක්වා සියලූ ගොවිජන සේවා මධ්යස්ථාන වල ප්රදර්ශනය කෙරෙනු ඇති අතර, පොහොර බෙදා දෙන දිනය ගොවිජන සේවා මධ්යස්ථාන වෙත දැනුම්දෙනු ඇත.
December, 27, 2022
ඩිස්නිලන්තය වැනි Theme park එකක් ලංකාව තුළ ඉදිකිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විටත් සිදු කරමින් පවතින බව සංචාරක රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.
ඇය මේ බව පවසා සිටියේ ඊයේ (26) "දෙරණ 360" වැඩසටහනට එක් වූ අවස්ථාවේදී ය.
"ඩිස්නිලෑන්ඩ් එකක්ම නෙවෙයි වෙන්න පුළුවන්. theme parks කියන්නේ ඩිස්නි ලෑන්ඩ්ම නෙවෙයිනේ. ඩිස්න් ලෑන්ඩ්වල එනවා ගොඩක් theme parks. මම ඩිස්නි ලෑන්ඩ් කියන වචනේ පාවිච්චි කළේ නැහැ. මම කිව්වේ ඕක ප්රවෘත්ති සාකච්ඡාවක. මම කිව්වා අපි theme park එකක් , ඩිස්නි ලෑන්ඩ් වගේ theme park එකක් ලංකාවට ගේන්න සාකච්ඡාවක් යනවා මගේ දැනට. තාමත් ඒක යනවා. Walt Disney එකත් එක්කත් වෙන්න පුළුවන්. ඒගොල්ලොත් එක්කත් යනවා. තවත් theme parks කරන කීප දෙනෙක් එක්කම සාකච්චා යනවා දැනට. මොකද අපිට අවශ්ය කොහොමද ඒගොල්ලොන්ට අවශ්ය, ඒගොල්ලෝ බලන්නේ කෙහොමද මේ රටට ආයෝජනය කොච්චරක් ගේන්න පුළුවන්ද? ලෑන්ඩ් එක කොහොමද, අපි මේවා කරන්නේ කොහොමද, මොකක්ද අපි ඒ ගොල්ලෝ එක්ක ගහන agreement එක. මොනවද අපිට ඒගොල්ලෝ දෙන්න පුළුවන් facilities. මේ දේවල් ඔක්කොම අපි ක්ලියර් කරගන්න ඕන. එතකොට ඒ තත්ත්වය උඩ තාමත් මේ සාකච්ඡා යනවා. නැත්තේ නැහැ. නමුත් මම එදා ඒක කියපු වෙලාවේ ඉඳලා මේක ලොකු අර හැමදේම නැට්ටෙන් අල්ලගන්නවා වගේ හැමදේම අල්ලගන්නේ නැට්ටෙන්නෙ. අල්ලගෙන දුවනවා වටේ. ඊට පස්සේ ඕක මහ විශාල මේකක් හදලා මේක බොරුවක් මේක මෙහෙමයි අපි කතා කළා, ඩිස්නිලන්තෙට කතා කළා. මම දන්නෑ කවුරු එක්ක ඩිස්නි ලන්තේ කවුරු කතා කරනව ද කියලා. කොහොම හරි ඕක ලොකු විහිලුවක් බවට පත් කරගෙන ගියා.“
“මේක Walt Disney ඒගොල්ලෝ එක්කයි, තව ඒගොල්ලන්ගේ තියනවා theme parks හදන තැන්. වැඩිය ඕනේ නැහැ. මම දැන් මාසෙකට විතර කලින් ලංකාවට ඇවිල්ලා සාකච්ඡා කළා ඇත්තටම ඒ ගොල්ලෝ ජැපනීස්. ඒ ගොල්ලොත් theme parks හදන, ඒ කියන්නේ මෙහේ sentosa, සිංගප්පූරුවේ හදලා ඒවා ඔක්කොම හදපු ඒගොල්ලෝ. ඒගොල්ලොත් ලංකාවට ආපු වෙලාවේ මාත් එක්ක කතා කළා. හැබැයි දැන් මම ගොඩක් දේවල් කියන්නේ නැහැ. කියන්න ගියාම අපි කරන්න තියන දේවල් ඒක මහා විශාල විහිලුවක් බවට පත් කරගෙන මහ බොරුවක් කියාගෙන මේවා කරනවා."
December, 27, 2022
ළමා හා තරුණ කණ්ඩායම් සඳහා ශ්රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයේ ගුවන් යානා නඩත්තු අංශය නැරඹීට සහ ගුවන් යානයක ඇතුළත දැකගැනීම සඳහා අවස්ථාව ලබා දීමට 'A Day with a Plane' යනුවෙන් ව්යාපෘතියක් ගුවන් සමාගමේ ආයතනික සමාජ වගකීම් අංශය වන ශ්රීලංකන් කෙයාර්ස් දියත් කර ඇත.
ඒ අනුව වල්පොල ශ්රී රතනසාර ප්රාථමික විද්යාලයේ, සීදූව වෘත්තීය පුහුණු ආයතනයේ සහ හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ සිසු දරු දැරියන් පසුගියදා ඒ සඳහා සහභාගී වූ අයුරු ඡායාරූපවලින් දැක්වේ.








December, 27, 2022
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL අනුග්රහයෙන් පැවැත්වුණු 2022 නුවරඑළිය ගොල්ෆ් ශූරතා තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්විය. ශ්රී ලංකාවේ ක්රීඩාවන්ගේ සහ ක්රීඩක ක්රීඩිකාවන්ගේ යහපත වෙනුවෙන් දීර්ඝකාලයක පටන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටින SLT-MOBITEL මෙම තරගාවලියේ එකම දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු ලෙස කටයුතු කළේ ය.
නුවරඑළිය ගොල්ෆ් ක්රීඩාංගණයේදී පැවති මෙම තරගාවලියේ දින දෙකේදී ලකුණු 157 ක් රැස්කරගත් කුසල් ජෝන්පිල්ලේ එහි ශූරතාව දිනාගැනීමට සමත් විය. තවත් ප්රවීණ ගොල්ෆ් ක්රීඩකයෙකු වන සුහයිබ් සංගානි ලකුණු 164 ක් සමගින් එහි අනුශූරතාව දිනාගත් අතර, පළමු දිනයේදී Best Gross score සඳහා පිරිනැමෙන වාර්ෂික රන් පදක්කම දිනාගන්නා ලද්දේ කුසල් ජෝන්පිල්ලේ විසිනි.
තරගකරුවන් 80 කට අධික පිරිසක් මෙවර තරගාවලිය එක්වී සිටි අතර සංගානි (A), ජෝන්පිල්ලේ (B), රොහාන් අමීර්තයියා (C) සහ ආචාර්ය ඒ. අමුණුගම (Masters) Nett ඉසව් වලදී තම කාණ්ඩ වල ජයග්රහණ හිමිකර ගැනීමට සමත් වූහ. දින තුනක් පුරා පැවති මෙම තරගාවලිය ග්රැහැම් සින්ක්ලෙයාර් කුසලානය සමගින් ආරම්භ වූ අතර, ඉන් අනතුරුව වාර්ෂික රන් සම්මාන තරගද, අවසානයේදී ප්රධාන ශූරතා තරගාවලියද පැවැත්විණි.
ක්රීඩාව ප්රවර්ධනය කිරීමේ උත්සාහය යටතේ ගොල්ෆ් ක්රීඩාවේ උන්නතියට දායක වීමේ මෙහෙවරෙහි එක් පියවරක් වශයෙන් SLT-MOBITEL විසින් මේ ආකාරයට 2022 නුවරඑළිය ගොල්ෆ් ශූරතා තරගාවලියට අනුග්රාහකත්වය ලබාදෙන ලදි. මෙම වසරේ මීට පෙර ප්රථම වරට පැවැත්වුණු Eagles’ Quadrangle Cup ගොල්ෆ් කුසලාන තරගාවලියට අනුග්රහය ලබාදීමටද SLT-MOBITEL කටයුතු කළේ ය.

December, 27, 2022
යම් ප්රජාවක් තුළ ජීවත්වන පාර්ශ්වයන් දෙකක් අතර ඇතිවන සුළු ආරවුල් එම ප්රජාව තුළම ජීවත්වෙන උගත්, බුද්ධිමත්, අපක්ෂපාතී, මධ්යස්ථ පිරිසකගෙන් සමන්විත තුන්වන පාර්ශ්වයන් මැදිහත්වීමෙන් විසඳීමේ අදහස පෙරදැරි කරගෙන 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත ස්ථාපිත කරන ලද්දේ ය. අධිකරණ අමාත්යාංශයේ ප්රතිපත්ති සහ පරිපාලනමය සහයෝගයෙන්, සමථ මණ්ඩලය කොමිෂන් සභාව විසින් සමථකරණ වැඩසටහන මෙහෙයවනු ලබන අතර මහජනතාවගේ ගැටළු විසඳා දීම සඳහා ස්වේච්ඡාවෙන් තමන්ගේ කාලය කැපකරන සමථකරුවන්ගෙන් එය වඩාත් ශක්තිමත්වී ඇත.
1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත ‘සමථකරණය’යන්න නිර්වචනය කරන්නේ මෙසේ ය.
“සමථකරණය යනු, නිත්යානුකුල මාර්ගවලින් ආරවුල්කරුවන් අතර සුහද නිරවුල් කිරීමක් ඇති කිරීම පිණිස උත්සාහ කිරීම ද ඔවුන්ගේ කැමැත්ත ඇතිව සහ ක්රියාත්මක කළ හැකි සෑම අවස්ථාවකම ඒ ආරවුල හෝ වරද නැවත සිදුවීම වැළැක්වීම පිණිස ඔවුන්ගේ දුක්ගැනවිල්ලේ නියම හේතුව ඉවත් කිරීමේ ක්රියාවලියකි.”
සමාජයේ ගැටුම් අවම කිරීම, ගැටුම් බිම් මට්ටමින් විසඳා ගැනීමට අවශ්ය පහසුකම් සපයා ගැනීම සහ ජන සමාජය තුළ සාමය හා සහජීවනය පවත්වා ගැනීම සමථ මණ්ඩල පිහිටුවීමේ මූලික අරමුණු වී ඇත. සමථ මණ්ඩල පිහිටුවා තිබෙන්නේ දිවයින පුරා පිහිටි ප්රාදේශීය ලේකම් කාර්යාල කේන්ද්ර කර ගනිමිනි. මේ අතරෙන් 'කාන්තාව' මුල් කර ගනිමින් සමථ මූල මණ්ඩල තුළින් සිදුවන කාර්යභාරය ඉතා වැදගත් ය.
විශේෂයෙන් කාන්තා ඔබ, සමථ මණ්ඩලය ඔබ වෙනුවෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ දැනුවත් විය යුතු ම ය.
සෑම කාන්තාවකටම තමාගේ ජීවිතය සම්බන්ධයෙන් අයිතියක් තිබේ. එසේම සමානාත්මතාව, නිදහස පිළිබඳව ද අයිතීන් උරුමව පවතී. පිරිමි පාර්ශවයට මෙන් ම කාන්තා පාර්ශවයට ද ස්වච්ඡන්දතාවක් නිදහසක් පැවතිය යුතු ය. එසේ ම රටක නීතිය යටතේ සමාන ආරක්ෂාවක් පැවතිය යුතු ය. සෑම අගතිගාමී ක්රියාවකින් ම, වෙනස් කොට සැලකීමකින් ම නිදහස් වීමට අයිතියක් පැවතිය යුතු ය. වධ හිංසාවලට හෝ වෙනත් අමානුෂික සැලකිල්ලකට, දඬුවමකට ලක් නොවී සිටීමට අයිතිවාසිකමක් පැවතිය යුතු ය. නමුත් වර්තමානය වන විට ලෝකයේ විවිධ සංවර්ධිත රටවලත් විශේෂයෙන් ශ්රී ලංකාව වැනි දකුණු ආසියානු කලාපයේ රටවලත් කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය සංකීර්ණ සමාජීය ගැටළුවක් මෙන් ම මූලික මානව අයිතිවාසිකම් පිළිබඳ ගැටළුවක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම ශ්රී ලංකාවේ මේ ගැටළුව හා බැඳි මූලික කාරණාවක් වන්නේ බහුතර ලාංකේය කාන්තාවන් අතර, කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය යනු කුමක් ද? එය ක්රියාත්මක වන්නේ කෙසේ ද? එහි ප්රතිවිපාක කවරේ ද? එය වැළැක්වීමේ ක්රමවේද මොනවා ද? නීතිමය ක්රියා මාර්ග කවරේ ද? ප්රශ්නය යොමු කළ යුතු නිවැරදි ස්ථානය කුමක් ද? යන්න සම්බන්ධයෙන් ඇති අල්ප දැනුමයි. එසේ ම බොහෝ කාන්තාවන් සඳහා පවතින මූලික ගැටළුව නම්, 'රහස්යභාවය' පිළිබඳ ගැටළුවයි. නමුත්. කාන්තා ඔබගේ ප්රශ්නය කිසිඳු ගැටළුවකින් තොරව පෞද්ගලිකව ම වුව ද 'සමථ මණ්ඩලයට’ ඉදිරිපත් කළ හැකි බව ඔබ දැනුවත් ද? අතිශය රහස්යභාවයෙන් යුතු ව ඔබගේ ප්රශ්නය සමථකරණය මෙහි දී සිදු වේ.
මෙහි දී සමථ මණ්ඩල ක්රමය යටතේ සමාජයේ ඇතිවන විවිධ ආරවුල් හෝ ගැටළු සමථ මූල මණ්ඩලයක් වෙත යොමු කෙරේ. අනතුරුව මූල මණ්ඩලයේ සභාපතිතුමන් විසින් අදාළ ගැටළුව හෝ ආරවුල සාකච්ඡා කිරීම සඳහා එම මූල මණ්ඩලයට අනුයුක්ත කර සිටින සමථකරුවන් අතරින් තිදෙනකුගෙන් යුත් සමථ මණ්ඩලයක් ඔබගේ කැමැත්ත අනුව පත් කෙරේ. එම තිදෙනාගෙන් කෙනෙකු ප්රධාන සමථකාරක වන අතර අනෙක් දෙදෙනා එහි සාමාජිකයන් ය. පැමිණිල්ල යොමු කර ඇති පැමිණිලිකරු පළමු පාර්ශවය සේ සැලකෙන අතර අනෙක් පාර්ශවය, දෙවන පාර්ශවය සේ සැලකේ. අදාළ ගැටළුව හෝ ආරවුල සාකච්ඡා වන්නේ මෙම දෙපාර්ශව දෙක අතර හා තුන්වන පාර්ශවය සේ සැලකෙන සමථකාරවරු තිදෙනා අතර වීම සමථකරණයේ විශේෂත්වයකි. මෙහි දී ඔබ කාන්තාවක් නම් ඔබගේ ගැටළුව ඉදිරිපත් කිරීමේ දී යම් අපහසුතාවක් මතු වුවහොත් ඔබට, අවම වශයෙන් එක් කාන්තා සමථකාරවරියක ඉල්ලා සිටිය හැකි ය. එසේ ම ගැටළුව සෘජුව ම එක මොහොතක දී පැවසිය නොහැකි නම් වෙනත් වෙලාවක දී ඉදිරිපත් කිරීමේ හැකියාව පැවතී ම ද සුවිශේෂ ය.
එසේ ම සමථ මණ්ඩල ක්රියාවලියේ දී ඔබට මුදල් වැය වන්නේ නෑ. ඔබ පෞද්ගලික ව පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ නම් පමණක් රු. 05ක මුදලක් වැය වේ. නමුත් පොලිසිය මාර්ගයෙන් හෝ උසාවිය හරහා ඉදිරිපත් කරයි නම් ඔබට එම මුදලවත් වැය නොවේ. සමථ මණ්ඩල ක්රියාවලියේ සුවිශේෂ ම ලක්ෂණයක් වන්නේ ඔබට තමන්ගේ ආරවුල, ගැටළුව තමන්ට ම ප්රකාශ කිරීමේ හැකියාවයි. අධිකරණ ක්රියාවලියක දී නම් බොහෝවිට අපගේ ගැටළුව ඉදිරිපත් කරන්නේ අපගේ නියෝජිතයෙකි. එසේ ම සමථ මණ්ඩලය වෙත ඔබගේ හැඟීම්, දුක්ඛ දෝමනස්සයන් ඔබට ම ප්රකාශ කළ හැකි ය. එමඟින් ඔබගේ මානසික පීඩනය අවම කර ගත හැකි ය. මන්ද මෙය ඉතාම රහස්ය ක්රියාවලියකි. මෙහි රහස්යභාවයේ ආරක්ෂාව කෙසේ ද යත්, ඔබ පවසන ප්රකාශ, අධිකරණයකට හෝ සාක්ෂියක් ලෙස ලබා නොදීමට සමථ මණ්ඩලයට පනත මඟින්ම බලය ලැබී ඇත. එමෙන්ම අවසානයේ පාර්ශව අතර සාක්ච්ඡාවෙන් විකල්ප විසඳුම් ගණනාවකින් යෝග්යම, නිවැරදිම, සාධාරණම එකඟතාවය කරා ළඟා විය හැකි ය. සමථකරණ ක්රියාවලියේ දී පාර්ශවකරුවන්ට සවන් දෙන ආකාරය ද ඇතුළත් සන්නිවේදන ශිල්පීය උපක්රම මෙන්ම ගැටළු විශ්ලේෂනය හා පාර්ශවයන්ට සහය විය යුතු ආකාරය සමථකරුවන්ට පුහුණු කර ඇති අතර එමගින් වඩා ගුණාත්මක සේවාවක් ඔවුන්ගෙන් ඔබට ලැබෙනු ඇත.
ඔබට, ඔබගේ ප්රදේශයේ සමථ මණ්ඩලය පිළිබඳ තොරතුරු ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ ග්රාම නිළධාරී කාර්යාලයෙන් හෝ සමථ මූල කොමිෂන් සභාව හරහා ලබා ගත හැකි ය. කාන්තා ඔබ, අද ම දැනුවත් වන්න. ඔබගේ ගැටළු ආරවුල් සමථ මණ්ඩලයට යොමු කරන්න. කාලය, ශ්රමය, මුදල් ඉතුරු කර ගනිමින් සාර්ථක, සාධාරණ, අපක්ෂපාතී සමථකරණයක් වෙත යොමු වන්න.
December, 26, 2022
ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම Nonvoice LLC සමග සහයෝගීතාවයෙන්, ශ්රී ලාංකිකයින්ට Augmented Reality (AR) සහ Virtual Reality (VR) අත්දැකීමක් සමඟින් ශ්රී ලංකාවේ ප්රථම 5G Ready Gaming, අධ්යාපනික හා විනෝදාස්වාද Metaverse මාධ්ය හඳුන්වාදීමට කටයුතු කරන ලදී.
ඩයලොග් විසින් බලගන්වන Nonvoice Metaverse හරහා සෑම මසකම නොමිලේ NFT (Non-fungible Token) ලබාගැනීමට අවස්ථාව මෙන්ම, මසකට රු.289 ක් + බදු මිලකට Metaverse Apps 10කට ප්රවේශවීමට ඉඩ සලසයි. එහි දී පාරිභෝගිකයන්ට games, වැඩිදියුණු කළ Esports සහ උසස් ඉගෙනුම් අත්දැකීම්ක් සඳහා අවස්ථාව ලැබේ. ඊට ඇතුළත් Apps ලෙස අධ්යාපනය ලැබිය හැකි ලොව විශාලතම 3D/AR පුස්තකාලය වන Bookfull, AR වලින් භාෂා කුසලතාවය වැඩිදියුණු කිරීමට අවස්ථාව සලසන LearnX මෙන්ම මිතුරන් සමඟ AR තාක්ෂනය සමගින් හොකී ක්රීඩා කළ හැකි SCOAAR, ලොව සොකර් ක්රීඩා සමාජ සමඟ එක්විය හැකි World League Live Soccer, InvadARsX නමැති AR අභ්යවකාශ යානා සම්බන්ධ Game එකක් ඇතුළු තවත් Game රැසක් මීට අන්තර්ගත කර ඇත. Dialog විසින් සියලුම නව ග්රාහකයින්ට දෙසැම්බර් 31 දක්වා Nonvoice Metaverse නොමිලේ අත්හදා බැලීමේ කාල සීමාවක් ලබා දී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය.“‘අනාගතය අදයි’ යන අපගේ තේමාවට අනුව Nonvoice LLC සමඟ ඇතිකරගත් සහයෝගීතාවයෙන් ශ්රී ලංකාවේ පළමු 5G-ready AR සහ VR සහිත Gaming, අධ්යාපනික හා විනෝදාස්වාදයෙන් පිරි මෙම මාධ්ය අපි හඳුන්වා දෙන්නේ ඉමහත් ආඩම්බරයෙන්. දකුණු ආසියාවේ පළමු වරට 5G අත්හදා බැලීමේ ජාලයක් හඳුන්වා දුන් අපි එතැන් පටන්ම අපගේ ජාල හැකියාව සහ තාක්ෂණය පුළුල්ව ස්ථාපිත කරමින් නවෝත්පාදනයෙන් යුත් යුගයක් නිර්මාණය කරන්නට උත්සාහ කළා.ඩයලොග් විසින් බලගන්වන ලද Nonvoice Metaverse, ඒ උත්සාහය තවදුරටත් තහවුරු කරනවා. එමගින් අපගේ පාරිභෝගිකයන්ට කිසිදා අත් නොවිඳි තාක්ෂණයක් නව මුහුණුවරකින් ලබාගන්න පුළුවන් වෙනවා.”
වැඩි විස්තර සඳහා හෝ සේවාව ලබාගැනීමට dialog.nonvoice.com වෙත පිවිස, ඔබේ ඩයලොග් මොබයිල් අංකයෙන් ලියාපදිංචි වන්න.
Video Story