December, 24, 2022
ප්රීතිය හා සතුට රැගත් අසිරිමත් නත්තල සමරමින්, ශ්රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් ‘This is Christmas to me’ යන තේමාව යටතේ සිය වාර්ෂික කැරොල් ගී ප්රසංගය පසුගියදා HNB ටවර්ස් හිදී පැවැත්විණි.
මෙම උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස Divine Retreat Center හි අධ්යක්ෂ, ගරු. ඔගස්ටින් වැල්ලූරන් පියතුමා සහභාගී වූ අතර ජෝබි ජෝර්ජ් පියතුමා, HNB ප්රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්යක්ෂ, ජොනතන් අලස්, HNB අධ්යක්ෂ/ප්රධාන මෙහෙයුම් නිළධාරී, ඩිල්ෂාන් රොද්රිගෝ යන මහත්වරු ඇතුළුව ආයතනික සහ ජ්යෙෂ්ඨ බැංකු නිලධාරීන්, කාර්ය මණ්ඩලය සහ පවුල්වල සාමාජිකයින් හැට්නා පවුලේ ගීතිකා කණ්ඩායම විසින් ඉදිරිපත් කළ කැරොල් ගී රස විඳීමට එක්ව සිටියහ.


(වමේ සිට) HNB ප්රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්යක්ෂ, ජොනතන් අලස්, Divine Retreat Center හි අධ්යක්ෂ, ගරු. ඔගස්ටින් වැල්ලූරන් පියතුමා, ජෝබි ජෝර්ජ් පියතුමා සහ HNB අධ්යක්ෂ/ප්රධාන මෙහෙයුම් නිළධාරී, ඩිල්ෂාන් රොද්රිගෝ ඡායාරූපයේ වෙති.
December, 23, 2022
“Silver Spirit“ අධිසුඛෝපභෝගී මගී නෞකාව අද (23) දින කොළඹ වරායට සේන්දු වී තිබේ.
මෙම නෞකාව ශ්රී ලංකාවට පැමිණීමේ දී එහි සියලු සම්බන්ධීකරණ සහ සංවිධාන කටයුතු සිදුකරනු ලද්දේ මෙරට ප්රමුඛතම සංචාරක ගමනාන්ත කළමනාකරණ සමාගමක් වන Aitken Spence Travels විසිනි.
මෙය අද (23) දින කොළඹ වරායට පැමිණීමෙන් අනතුරුව එළඹෙන දෙසැම්බර් 26 වන දා ත්රිකුණාමලය වරාය වෙත යාත්රා කිරීමට නියමිතය.
මගීන් 648 ක උපරිම ධාරිතාවයකින් යුුතු මෙම නෞකාවෙන් පැමිණෙන මගීන් හට මෙකී කාලසීමාව තුළ දී කොළඹ නගරය, කැලණි විහාරය ඇතුළු ශ්රී ලංකාවේ විවිධ ප්රදේශවල සංචාරය කිරීම සඳහා අවශ්ය සියලු සැලසුම් Aitken Spence Travels විසින් සම්පාදනය කර ඇත.
Silver Spirit යනු 2022 වසරේ දී එයිට්කන් ස්පෙන්ස් හි සම්බන්ධීකරණයෙන් ශ්රී ලාංකීය තොටුපළක නැංගුරම් දමනු ලබන සිව්වැනි මගී නෞකාවයි. පසුගිය නොවැම්බර් 16 වන දා සිට මේ දක්වා සුඛෝපභෝගී මගී නෞකා 4 ක මගීන් 5,000 කට අධික සංඛ්යාවක් වෙනුවෙන් ආගන්තුක සත්කාරක සේවාවන් ලබා දීමට එයිට්කන් ස්පෙන්ස් සමත් වී ඇත.









December, 23, 2022
2023 ජනවාරි 01 සිට පුද්ගල ආදායම් බදු ගෙවිය යුතු ආකාරය මේ වන විට නිවේදනය කර තිබේ.
ඒ අනුව මාසිකව රු. ලක්ෂයකට වඩා අඩු වැටුපක් ලබන අය මෙම පුද්ගල බදු සඳහා අයත් වන්නේ නැත.
රු. 150,000 ක වැටුපක් ලබන්නෙකුට රු. 3,500 ක් බදු මුදලක් ගෙවිය යුතු වන අතර ඔබ රු. ලක්ෂ 3 ක වැටුපක් ලබන්නේ නම් ඔබ ගෙවිය යුතු ආදායම් බදු මුදල රු. 35,000 කි. 2020-22 වකවානුවේ දී සිදුකරන ලැබූ බදු කප්පාදු සමඟ රු. 300,000 ක වැටුපක් ලබන්නෙකුට ගෙවිය යුතුව තිබුණේ රු. 3,000 ක බද්දක් පමණි. නමුත් ඊට පෙර එනම් 2018-19 කාලයේ දී ඔහු රු. 20,000 ක බද්දක් ගෙවිය යුතු විය.
මේ අතර රු. මිලියනයක හෙවත් ලක්ෂ 10 ක මාසික වැටුපකට හිමිකම් කියන්නෙකු නව බදු සංශෝධනවලට අනුව 2023 ජනවාරි 01 සිට මාසකව ගෙවිය යුතු බදු ප්රමාණය රු. 286,500 ක් වේ. 2020-2022 කාලයේ දී රු. මිලියනයේ වැටුප් සීමාවට අදාළ බදු මුදල රු. 90,000 ක් වූ අතර 2018-19 කාලයේ දී එම අගය දැක්වුණේ රු. 186,000 ක් ලෙසයි.
මේ පිළිබඳ පූර්ණ සටහනක් පහතින් දැක්වේ.

December, 23, 2022
ලෝකාන්තය නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා පට්ටිපොළ සහ බොරලන්ද අතර කේබල් කාර් ව්යාපෘතියක් ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. ඒ ඊයේ (22) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවති නුවරඑළිය දිස්ත්රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි.
කෙසේවෙතත් මෑත කාලයේ දී කේබල් කාර් ව්යාපෘති කිහිපයක් සඳහාම මුලපුරනු ලැබූවද ඒ කිසිදු කේබල් කාරයක අත්දැකීම විඳගැනීමට මෙතෙක් ශ්රී ලාංකිකයන් හට අවස්ථාව උදා වී නැත.
2018 සැප්තැම්බර් 25 දා එවකට සබරගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ප්රකාශ කළේ, සමනලවැව ජලාශය ආසන්නයේ බෙලිහුල්ඔය සිට ලෝකාන්තය දක්වා කේබල් කාර් සේවයක් ඩුබායි රජයේ ආධාර ඇතිව ආරම්භ කරනු ලබන බවයි. තමන් ආණ්ඩුකාර ධූරයේ සිටින කාලය තුළ එම ව්යාපෘතිය ආරම්භ කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගනු ලබන බව ඇය එහිදී අවධාරණය කළාය.
ශ්රී ලංකාවේ ප්රථම කේබල් කාර් ව්යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම 2019 ඔක්තෝබර් 13 දා නුවරඑළිය මහ නගරසභා පරිශ්රයේදී සිදුවිය. ඒ එවකට වැවිලි කර්මාන්ත අමාත්ය නවින් දිසානායක මහතාගේ ප්රධානත්වයෙනි.

දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහළ ආකර්ෂණයක් සහිත නුවරඑළිය ප්රදේශය මෙරට උච්ඡත්වයෙන් ඉහළම ස්ථානයක පිහිටා තිබීම හා සුන්දර පරිසරයකට හිමිකම් කීම හේතුවෙන් එම ප්රදේශය සඳහා වන සංචාරක ආකර්ෂණය තවදුරටත් ඉහළ නැංවීමේ පියවරක් ලෙස නානුඔය සිට සිංගල් ට්රී කන්ද හා ග්රෙගරි වැව දක්වා කේබල් කාර් ව්යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සීමාසහිත අවුට්ඩෝර් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගම හා එහි විදේශීය හවුල්කරුවන් වන ඩොපෙල්මේ කේබල් කාර් සමාගම විසින් මෙම ව්යාපෘති යෝජනාව ඉදිරිපත් කර තිබුණි.
ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 50 ක පමණ ආයෝජනයක් යටතේ නානුඔය දුම්රිය ස්ථානය, නුවරඑළිය තුරඟ තරඟ පිටිය හා සිංගල් ට්රී කඳු මුදුන යා කරමින් කුළුණු 21 ක් මක ගොඩනැගීමට යෝජිත මෙම ව්යාපෘතිය, මගීන් 10කට ගමන් කළ හැකි කුටි 86කින් සමන්විත එහි පළමු අදියර යටතේ කුටි 43ක් ස්ථාපිත කිරීමට සැලසුම් කරනු ලැබ තිබුණි.
මේ අතර 2020 සැප්තැම්බර් මස 08 වන දා එවකට සංචාරක අමාත්ය ප්රසන්න රණතුංග මහතා කියා සිටියේ, ජාතික නාමල් උයන හා රෝස තිරිවානා කන්ද ආශ්රිතව කේබල් කාර් ව්යාපෘතියක් ඇරඹීමේ යෝජනාවට රජයේ අවධානය යොමු වී ඇති බවයි.

මෙය නාමල් උයනේ භාරකාරීත්වය දරණ වනවාසී රාහුල හිමියන්ගේ යෝජනාවක් බවත්, එම යෝජනාව සම්බන්ධයෙන් මධ්යම සංස්කෘතික අරමුදල, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, පුරාවිද්යා දෙපාර්තුමේන්තුව, සංචාරක සංවර්ධන අධිකාරිය වැනි ආයතන සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවත් සංචාරක ඇමති ප්රසන්න රණතුංග මහතා එහි දී කියා සිටියේය.
ශ්රී ලංකාවේ කේබල් කාර් ව්යාපෘති ගැන මෙරට මාධ්ය පමණක් නොව ජාත්යන්තර මාධ්ය පවා පසුගිය සමයේ දී අනාවරණයන් සිදුකර තිබුණි.
2020 නොවැම්බර් මාසයේ දී Korean Herald පුවත් සේවය වාර්තා කර සිටියේ 71 හැවිරිදි කොරියානු ව්යවසායකයෙකු වන Yoo Sun-ha විසින් මහනුවර කේබල් කාර් ව්යාපෘතියේ ව්යාපාරික අයිතිය හිමිකර ගැනීමට සමත්ව ඇති බවයි.
මහනුවර නගරය හා හන්තාන කඳුමුදුන යා කරමින් ඉදිවෙන මෙම කේබල් කාර් ව්යාපෘතිය කිලෝමීටර 2.2ක දුරකින් යුක්ත වන අතර ඒ සඳහා ආයෝජනය කිරීමට නියමිතව තිබූ මුදල ඩොලර් මිලියන 35 කි.

ඡායාරූපයෙන් දැක්වෙන්නෙ Sky Asia හි සභාපති Yoo Sun-ha කොරියාවේ සෝල් නුවර දී Korean Herald පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මහනුවර කේබල් කාර් ව්යාපෘතියට අදාළ ලේඛන පෙන්වන ආකාරයයි.
නුවරඑළිය පදනම් කර ගත් තවත් කේබල් කාර් ව්යාපෘතියකට ගිවිසුම් අත්සන් කිරීම 2021 දෙසැම්බර් මාසයේ දී සිදුවිය. ස්විඩන් විදේශීය ආධාර ක්රමය යටතේ සම්පූර්ණව ක්රියාත්මක වන මෙම ව්යාපෘතිය 30 අවුරුදු බදු පදනමක් මත ඇමෙරිකානු ඩොලර් මිලියන 55 ක මුදලකින් සංවර්ධනය කෙරෙන බව ගිවිසුම් අත්සන් කරන අවස්ථාවේ දී ප්රකාශ වුණි.

මේ පිළිබඳ වන අවබෝධතා ගිවිසුම නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශයේ ශ්රවණාගාරයේ දී අත්සන් කරනු ලැබූ අතර එම අවස්ථාව සඳහා එවකට වනජීවී සහ වන සංරක්ෂණ අමාත්ය සී.බී. රත්නායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්රාමික මේජර් ජනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පී ප්රසාද් රණවීර, ස්විඩන්හි අවුට්ඩෝර් ඉංජිනියරින් සමාගමේ සභාපති හා අවුට්ඩෝර් ඉංජිනියරින් ලංකා පෞද්ගලික සමාගමේ අධ්යක්ෂක ඔස්බෝල් ගාබර් යන මහත්වරු සහභාගී වී සිටියහ.
නානුඔය සිට නුවරඑළිය දක්වා අදියර 02 කින් කිලෝමීටර් 04 ක් දුරට දිවෙන මෙම කේබල් කාර් ව්යාපෘතිය තුළින් පරිසරයේ චමත්කාරය විඳ ගැනීමටත් ඉහළ අහසේ සිට අවට ප්රදේශ විවිධ කෝණවලින් නැරඹීමටත් අවස්ථාව උදාකර දීම මූලික අරමුණ බව එම අවස්ථාවේ දී සඳහන් වුණි.

සිංගප්පූරුවේ Sentosa දිවයින සහ මැලේසියාවේ Genting Highlands පදනම් කරගනිමින් ක්රියාත්මක කේබල් කාර් සේවාවන් ආසියානු කලාපය තුළ වඩාත් ඉහළ සංචාරක ආකර්ෂණයක් ලබාගත් කේබල් කාර් සේවාවන් වේ. ඒවා ආරම්භ වී මේ වන විට ගෙවී ඇත්තේ වසර ගණනාවක් නොව දශක ගණනාවකි.
එහෙත් එවැනි ව්යාපෘතීන් සඳහා ඉහළ විභයක් සහ මනා භූගෝලීය පිහිටීමක් ශ්රී ලංකාව සතු වුවද, ඒවා තවමත් ශ්රී ලංකාවේ දේශපාලකයින්ගේ සහ බලධාරීන්ගේ සාකච්ඡාවන්ට පමණක් සීමා වී ඇති මාතෘකාවන් වීම අභාග්යයට කරුණකි.
- සිසිර කන්නන්ගර විසිනි
December, 23, 2022
#ResponsibleMe Covid-19 පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනට ඇගයුම්
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා පැවති ‘Dragons of Asia Effective Marketing Awards 2022’ සම්මාන උළෙලේදී රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. ආසියාවේ සියලුම රටවල සමාගම් වල සහ සේවාදායකයන්ගේ සාර්ථක අලෙවිකරණ වැඩසටහන් ඇගයීමට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ මූලික අරමුණ වී තිබිණි.
COVID-19 රෝග ව්යාප්තිය පැවති කාලසීමාව තුළ ශ්රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් සෙලාන් බැංකුවේ සංකල්පයකට අනුව ආරම්භ කළ #ResponsibleMe වැඩසටහනට මෙම සම්මාන උළෙලේ ‘Best Cause, Charity Marketing or Public Sector Campaign’ කාණ්ඩයේ රිදී සම්මානය හිමි විය. මෙම කාණ්ඩය යටතේ සම්මාන දිනාගැනීමට සමත් වූ එකම බැංකුව සෙලාන් බැංකුව වීම විශේෂත්වයකි.
2021 වසරේ COVID-19 රෝගය බරපතළ ලෙස ව්යාප්ත වෙමින් පැවති අවස්ථාවේදී, එය පාලනය කිරීම සඳහා සමාජයට නිසි මගපෙන්වීමක් අවශ්ය බව සෙලාන් බැංකුවට වැටහිණි. රෝගයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්ය අංශ මගින් නිර්දේශ කරන ලද ආකාරයන්ට අනුව කටයුතු කිරීමට ජනතාව මැළිකමක් දක්වන බවක්ද (pandemic fatigue) මෙම කාලය තුළ නිරීක්ෂණය විය.
මෙම තත්ත්වය තුළ ජනතාවට මුහුණු ආවරණ පළඳින මෙන් හෝ සමාජ දුරස්ථභාවය පවත්වාගන්නා මෙන් ඉල්ලා සිටීම පමණක් ප්රමාණවත් නොවන බව පෙනී ගිය නිසා, වඩාත් නිර්මාණශීලී ලෙස මෙම මූලික පණිවිඩ ජනතාව අතරට රැගෙන යාමේ අරමුණින් ‘සුහද හදෙන්, ටිකක් සැරෙන්’ යන තේමාව යටතේ සෙලාන් බැංකුවේ COVID-19 පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කරන ලදි.
මෙහිදී තමන්ටම ආවේණික රටාවන්ට අනුව තම සමාජ මාධ්ය අවකාශයන් ඔස්සේ #ResponsibleMe පණිවිඩය ජනතාව අතරට රැගෙන යාමේ වගකීම සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලය ඉතාමත් උනන්දුවෙන් භාරගත්හ. සමාජයේ කැපීපෙනෙන පුද්ගලයන් රැසක්ද ඉන් අනතුරුව මෙම උත්සාහය සමග අත්වැල් බැඳගත් අතර #ResponsibleMe වැඩසටහන සමාජ මාධ්ය තුළ කැපීපෙනෙන රැල්ලක් බවට පත්විය.
දීර්ඝකාලීනව ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා, රෝගය වළක්වා ගැනීමේ ක්රමවේදයන් මූලික කරගනිමින්, තමන්ම වගකීම භාරගෙන කටයුතු කිරීමට ජනතාව යොමුකරවීමේ ප්රවේශයක් අවශ්ය බව සෙලාන් බැංකුවට වැටහිණි. ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ මේ සම්බන්ධ මාධ්ය හමුවක් සංවිධානය කරන ලද අතර, ඩිජිටල් මාධ්යන් තුළ ක්රියාකාරී ලෙස කටයුතු කළ මාධ්යවේදීන් පිරිසක් මේ සඳහා එක්වූහ. මෙහි ඉදිරි පියවරක් ලෙස, වගකීම්සහගත ලෙස කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා, සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය සමග එක්වී සම්මුඛ සාකච්ඡා මාලාවක්ද පවත්වන ලදි.
“#ResponsibleMe යනු අතිශය කාලෝචිත වැඩසටහනක්. එහිදී සමාජයක් ලෙස අප එකට එක් වී මෙම COVID-19 උවදුරෙන් මිදිය යුතු බවත්, ඒ සඳහා අප සියලුම දෙනාට වගකීමක් පැවරී ඇති බවත් අවබෝධ කරගෙන, ව්යාපාරකරණයේ සීමාවන්ගෙන් ඔබ්බට යමින් අප එම වැඩසටහන ක්රියාවට නැංවූවා. එම කාලයේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගැනීමට හැකියාව තිබුණේ එවැනි ප්රවේශයක් තුළින් පමණයි.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්යාධිකාරී (අලෙවි හා විකුණුම්) ගාමික ද සිල්වා මහතා පැවසී ය.
“වසංගත රෝග ව්යාප්තිය වැඩි වශයෙන්ම සිදුවෙමින් පැවති අවස්ථාවක මෙවැනි වැඩසටහනක් ක්රියාත්මක කිරීම පහසු කටයුත්තක් වුණේ නැහැ. ඵලදායීතාවට සහ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට බාධා එල්ල කරන යම් යම් සාධක තිබියදී පවා, මෙය සාර්ථක කරගැනීමට සියලුම දෙනා තම උපරිම දායකත්වය ලබාදුන්නා. අප සමග අත්වැල් බැඳගත් Boutique Agency Network, Third Shift සහ Ogilvy PR යන සමාගම් #ResponsibleMe සාර්ථක කරගැනීමට ලබාදුන් සහයෝගය සුළුපටු නැහැ. එමෙන්ම වැඩසටහන පුරාම සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් අප ඔවුන්ට ස්තූතිවන්ත වනවා. සමස්තයක් ලෙස, රෝගය පැතිරීම වැළැක්වීම සඳහා කෙනෙකු තම ක්රියාවන් සම්බන්ධයෙන් වගකීම භාරගෙන කටයුතු කළ යුතු බවට වන පණිවිඩය සමාජගත කිරීම සඳහා අප දැරූ උත්සාහය සාර්ථක වුණා.” ගමික ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ ය.
COVID-19 රෝග ව්යාප්තිය පාලනය කිරීම සඳහා සෙලාන් බැංකුව කෙතරම් වැදගත් මෙහෙවරක් ඉටුකර තිබේද යන්නේ, මෙවැනි ජාත්යන්තර සම්මානයක් හිමිවීම මගින් මනාව පැහැදිලි වේ. එමෙන්ම මෙය රටට ජාත්යන්තර කීර්තියක් අත්කර දුන් ජයග්රහණයක් ලෙසද හැඳින්විය හැක.
December, 23, 2022
2022 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලෙ හි දී වසරේ හොඳ ම නව පිවිසුම් සන්නාමය සඳහා වන ලෝකඩ සම්මානය, මෙරට ප්රමුඛයන් අතර සිටින ගෘහස්ථ රෙදි සෝදන දියර සහ කුඩු සන්නාමයක් වන Diva Power හිමිකර ගැනීමට සමත් විය.
2020 දී හඳුන්වා දුන් Diva Power රෙදි සෝදන ඩිටර්ජන්ට් කුඩු සහ දියර ඉතා කෙටි කලක් තුළ දී මෙරට ඩිටර්ජන්ට් නිෂ්පාදන ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් සිදු කරමින්, ශ්රී ලාංකික හදවත් දිනා ගැනීමට සමත් විය. ඇඳුම්වලට ආරක්ෂාවක් හා සුපිරිසිඳු බවක් ලබා දෙන Diva Power දැරිය හැකි මිලකට මෙන් ම වර්ග කිහිපයකින් ලබා ගත හැකි ය. Diva Power Germ Guard ඇඳුම්වල විෂබීජ 99.9% ක් ඉවත් කරන අතර, Diva Power Colour Guard මගින් ඇඳුම් දුර්වර්ණ වීම අවම කරයි.
ලබා ගත් මෙම ජයග්රහණය පිළිබඳ ව අදහස් දක්වමින් හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් හි ගෘහස්ථ නිෂ්පාදන කාණ්ඩ කළමනාකාරිණී අනුෂ්කා සබනායගම් මහත්මිය පැවසුවේ, " Diva Power නිෂ්පාදනය හඳුන්වා දී වසර දෙකක් වැනි කෙටි කාලයක දී මෙවැනි ජයග්රහණයක් ලබා ගැනීමට හැකි වීම ගැන අපි ආඩම්බර වෙනවා. වෙළෙඳපොළ වෙත අලුතින් පැමිණි සන්නාමයක් විදියට තරඟකාරීත්වය තුළින් ජය ලැබීමට හැකි වීම ඇත්ත වශයෙන් ම සතුටට කරුණක්. මෙම සම්මානය Diva Power සන්නාමය වටා එක් වී සිටින විශ්වාසවන්ත පාරිභෝගික ජනතාව වෙත උසස් තත්ත්වයන් යුත් රෙදි සෝදන නිෂ්පාදන ලබා දීමට අප දරන උත්සාහය ඇගයීමක් විදියට මා දකිනවා." යනුවෙනි.
Diva යනු සෑම ආර්ථික මට්ටමක ම පාරිභෝගිකයින්ගේ විශ්වාසය හා ආකර්ෂණය දිනාගෙන සිටින, තත්ත්වයෙන් උසස් ගෘහස්ථ නිෂ්පාදන සන්නාමයක් වන අතර, එය Diva Power රෙදි සෝදන කුඩු සහ දියර, Diva සබන්, Diva Fresh රෙදි සෝදන කුඩු ආදී වශයෙන් විවිධ ප්රභේදවලින් හා ඇසුරුම් ප්රමාණවලින් යුත් නිෂ්පාදන පෙළකින් සමන්විත වේ.
පාරිභෝගික කේන්ද්රීය සන්නාමයක් වන Diva Power කෙරෙහි විශ්වාසය තබමින්, ජයග්රාහී ගමනේ කොටස් කරුවෙකු වීම පිළිබඳ ව හේමාස් කන්සියුමර් බ්රෑන්ඩ්ස් සමාගම පාරිභෝගික ජනතාව වෙත සිය කෘතඥතාව පළ කරයි.
December, 23, 2022
ශ්රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, නත්තලේ ප්රීතිය ආර්ථික දුෂ්කරතා ඇති ප්රජාවන් සමඟ බෙදාගැනීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "සබැදියාවේ නත්තල" ප්රජා සවිබලගැන්වීමේ වැඩසටහනේ තවත් අදියරක් වශයෙන් දිවයින පුරා සිටින ආර්ථික අපහසුතා ඇති පාසල් දරුවන් හට ඊලග අධ්යන වර්ෂය සඳහා අවශ්ය පාසල් උපකරණ බෙදාදීම සිදු කරන ලදී.
ප්රජා උන්නතිය හා සවිබලගැන්වීම අරමුණු කරගත් "සබැදියාවේ නත්තල", SLT-MOBITEL පාරිසරික සමාජ පාලන (Environmental Social Governance - ESG) වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් වශයෙන් ක්රියාත්මක වේ. මෙම වැඩසටහන හරහා ශ්රී ලංකාව පුරා දරුවන් හට නත්තලේ සතුට විඳීමට සහය වීමට හා නව අධ්යයන වර්ෂය සඳහා සුදානම් වීමට අවශ්ය පාසල් උපකරණ සමඟින් වෙනත් ත්යාග බෙදාදීම සිදුකරනු ලබයි.
ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, තාක්ෂණික දියුණුව හා අර්ථවත් සමාජ සත්කාරක සේවා හරහා ප්රජා උන්නතිය සඳහා කටයුතු කරමින් ශ්රී ලංකාව තාක්ෂණික දියුණුවේ මීළඟ අදියර දක්වා සමීප කරවීමට කැප වී සිටී.
December, 22, 2022
එළඹෙන දෙසැම්බර් 26 වන සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට රාජ්ය පරිපාලන අමාත්යාංශය අද (22) දින තීරණය කළේය.
2022 දෙසැම්බර් 26 සඳුදා බැංකු සහ කොටස් වෙළෙඳපොළ නිවාඩු දිනයක් ලෙස කලින්ම තීරණය වී තිබුණි.
කෙසේවෙතත් සඳුදා දිනය (26) පුද්ගලික අංශයට නිවාඩු දිනයක් ද යන්න මේ වන විට බොහෝ දෙනා විමසන කරුණකි. නත්තල් දිනය යෙදී තිබෙන දෙසැම්බර් 25 වන දා ඉරිදා දිනයක් වීම ඊට ප්රධානතම හේතුවයි.
සේවක නිවාඩු සම්බන්ධයෙන් බලපත්වන ප්රධනතම නීතිමය අණපනත් දෙක වනුයේ සාප්පු හා කාර්යාල සේවක පනත හා පඩිපාලක සභා ආඥා පනතයි. ඊට අනුව වර්ෂයක් තුළ විශේෂ වෙළෙඳ නිවාඩු 08 කට පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් හිමිකම් කියනු ලැබේ. එනම්,
• ජාතික නිදහස් දිනය
• දෙමළ තෛපොන්ගල් දිනය
• මිලා-දුන් නබි තුමාගේ උපන් දිනය
• සිංහල සහ දෙමළ අළුත් අවුරුදු දිනට පෙර දිනය
• සිංහල සහ දෙමළ අළුත් අවුරුදු දිනය
• මැයි 01 දින කම්කරු දිනය
• වෙසක් පුර පසළොස්වක දිනට පසු දිනය
• නත්තල් දිනය
ඒ අනුව නත්තල් දිනය යනු ව්යවස්ථාපිත නිවාඩු දිනයකි (Statutory holiday).
ඉහත සදහන් ව්යවස්ථාපිත නිවාඩු සති නිවාඩු දිනයකට යෙදී තිබුණි නම් එම දිනයට හිලව් ලෙස නිවාඩු දිනයක් හෝ දින ½ ක් ලබාදිය යුතුය (පඩි පාලක සභා පණත යටතට ගැනෙන සේවක සේවිකාවන්ට අදාල නොවේ.)
යම් ව්යවස්ථාපිත නිවාඩු දිනයක් සති අන්තයක යෙදී තිබුණු අවස්ථාවක එම නිවාඩුව ඊට ආසන්නතම සතියේ වැඩකරන දිනයක ගැනීමේ හැකියාව සේවකයින්ට ලැබී තිබේ. නැතහොත් එය වෙනත් වැඩකරන දිනයක ගනු ලබන නිවාඩුවක් හා හිලව් කර ගැනීමට අවස්ථාව හිමිවේ. කෙසේ වෙතත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය හැරෙන්නට සෙසු පුර පසළොස්වක පොහොය දිනයන් ව්යවස්ථාපිත නිවාඩු දින නොවන බැවින් එවැනි පොහොය දිනයක් සති අන්තයක යෙදුණහොත් ඒ සඳහා සතියේ දිනයක නිවාඩු ලබා ගැනීමට හැකියාවක් නොමැත.
සේවක නිවාඩු හිමිකම් පිළිබඳ පූර්ණ විග්රහයක් පහත දැක්වේ.
ව්යාපාරයක් පවත්වාගෙන යාමේදී එහි කටයුතු වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට සේවක සේවිකාවන් යොදවා ගැනීම සිදුවේ. මෙහිදී ආයතනයක සේවයේ යෙදෙන්නා සේවාදායකයා (Employee) ලෙස සැලකෙන අතර සේවාවෙහි යොදවන්නා සේවා යෝජකයා (Employer) ලෙසද හැදින්වේ.
මෙම ලිපිය මගින් රාජ්ය නොවන අනෙකුත් ආයතනවල සේවයේ යෙදෙන සේවක සේවිකාවන් සදහා බලපානු ලබන නිවාඩු සම්බන්ධව ඉතා වැදගත් කරැණු රැසක් ඉදිරිපත් කෙරේ. මෙම කරැණු සම්බන්ධව සලකන විට ප්රධාන වශයෙන් නීතිමය පණත් දෙකක් අදාල වේ. එනම්,
1. සාප්පු හා කාර්යාල සේවක පණත
2. පඩිපාලක සභා ආඥා පණත
සාප්පු හා කාර්යාල පණතට අදාලව ගත්කල සාප්පු වශයෙන් සැලකෙන්නේ තොග සහ සිල්ලර වෙළද ව්යාපාර, ආහාරපාන අලෙවි සැල්, බේකරි, සිනමා ශාලා, කොණ්ඩා කපන සහ රෑපලාවන්යාගාර, නේවාසික හෝටල්, ඇදුම් මසන සාප්පු, ඛණ්ජ තෙල් විකුණුම් ස්ථාන, විවිධ අලෙවිසැල් සහ ගනුදෙනුකරුවන් සදහා භාණ්ඩ හෝ සේවා සපයන ගබඩා හෝ මධ්යස්ථාන සදහන් කල හැක.
කාර්යාල ලෙස සැලකෙනුයේ ව්යාපාරික කාර්යයන් සදහා පවත්වාගෙන යනු ලබන කාර්යාල, හෝටල්, සමාජශාලා, සිනමා ශාලා, පාසැල්, කර්මාන්තශාලා ආදිය වේ.
ඉහත සදහන් කල පනත් දෙකට අනුව සේවක සේවිකාවන් සදහා බලපානු ලබන නිවාඩු මොනවාද යන්න පිළිබඳ විග්රහයක් පහතින් දැක්වේ.
ව්යවස්ථාපිත නිවාඩු (Statutory Holidays)
ඉහත දැක්වු පනත් දෙකම යටතට අයත් සේවක සේවිකාවන් රජය විසින් වර්ෂයක් සදහා ප්රකාශයට පත්කල විශේෂ වෙළද නිවාඩු 08 කට හිමිකම් ලබයි. මේ යටතේ සැලකෙන නිවාඩු වනුයේ,
• ජාතික නිදහස් දිනය
• දෙමළ තෛපොන්ගල් දිනය
• මිලා-දුන් නබි තුමාගේ උපන් දිනය
• සිංහල සහ දෙමළ අළුත් අවුරැදු දිනට පෙර දිනය
• සිංහල සහ දෙමළ අළුත් අවුරැදු දිනය
• මැයි 01 දින කම්කරු දිනය
• වෙසක් පුර පසළොස්වක දිනට පසු දිනය
• නත්තල් දිනය
ඉහත සදහන් ව්යවස්ථාපිත නිවාඩු සති නිවාඩු දිනයකට යෙදී තිබුණි නම් එම දිනයට හිලව් ලෙස නිවාඩු දිනයක් හෝ දින ½ ක් ලබාදිය යුතුය (පඩි පාලක සභා පණත යටතට ගැනෙන සේවක සේවිකාවන්ට අදාල නොවේ.)
පුර පසලොස්වක පොහොය දින නිවාඩු (Full Moon Poya Holidays)
සෑම පුර පසළොස්වක පොහොය දිනයක්ම නිවාඩු දිනයක් ලෙස සලකා නිවාඩු ලබාගැනීමට ඉහත පණත් දෙක යටතට අයත් සේවක සේවිකාවන්ට හැකියාව පවතී.
වාර්ෂික නිවාඩු (Annual Leave)
සෑම කැලැන්ඩර් වර්ෂයකටම අදාලව මෙම වාර්ෂික නිවාඩු දින 14 ක් සේවක සේවිකාවන්ට ලබා ගැනීමට හැක. මෙම අනුමත වාර්ෂික නිවාඩු දින 14 න් 07 ක් අඛන්ඩව ලබා ගත යුතුය. කෙසේ වෙතත් වාර්ෂික නිවාඩු ලබාගැනීමේදී දෙපාර්ශවයේ එකගතාවෙන් සිදු කල යුතුය.
අළුතින් සේවයට බැදුණු සේවක සේවකාවන් සදහා මෙම වාර්ෂික නිවාඩු හිමිවනුයේ දෙවැනි ලිත් වර්ෂයේ සිට වන අතර නිවාඩු ගණන සේවයට බැදුණු කාලය අනුව වෙනස් වේ.
සේවයට බැදුණු කාල වකවානුව 2වැනි ලිත් වර්ෂයේදී හිමි වාර්ෂික නිවාඩු ගණන
• ජන. 01 සිට මාර්තු 31 දක්වා 14
• අප්රේල් 01 සිට ජුනි 30 දක්වා 10
• ජුලි 01 සිට සැප්. 30 දක්වා 07
• ඔක්. 01 සිට දෙසැ. 31 දක්වා 04
අනියම් නිවාඩු (Casual Leave)
සේවකයා හෝ සේවිකාවකගේ හදිසි අවශ්යතා සදහා ලබා ගැනීමට ඉඩ ප්රස්තා පවතී. එක් ලිත් වර්යක් වෙනුවෙන් දින 07 අනියම් නිවාඩු ලෙස ලබාගත හැක. නමුත් සේවයට බැදුණු පළමු ලිත් වර්ෂය තුලදී එක් මාසයකට දින ½ ක් වශයෙන් ලබාගත හැක.
උදාහරණ වශයෙන් A නමැති තරැණයා එක්තරා වෙළද ආයතනයකට රැකියාව සදහා 2021 වසරේ ජුනි මස 10 දින ඇතුළු විය. ඔහුට නිවාඩු ලබා ගැනීමට හැකිවනුයේ මෙම ලිත් වර්ෂය තුළදී සෑම වැඩකරන මාසයක් සදහාම දින ½ බැගින් හෝ දෙමසකට වරක් 01 දිනක් බැගින් අනියම් නිවාඩු වේ. ඔහු සාර්ථකව සේවා කටයුතු ඉදිරි ලිත් වර්ෂයේදී (2022 වර්ෂය) ද සිදුකරන්නේ නම් එම 2 වැනි ලිත් වර්ෂය සදහා වාර්ෂික නිවාඩු 10 ක් සහ අනියම් නිවාඩු 07 ක්ද ලබාගත හැක.
සති (අන්ත) නිවාඩු (Weekly Holidays)
සාප්පු හා කාර්යාල සේවක පණත යටතට ගැනෙන සේවක සේවිකාවන් සාමාන්ය සේවයේ එක් සතියක් තුළදි අවම පැය 28 ක් වැඩ කර ඇත්නම් සතියකට දින 1 ½ ක ගෙවීම් සහිත සති නිවාඩු හිමිවේ. නමුත් පඩි පාලක පනත යටතට ගැනෙන සේවක සේවිකාවන් සදහා මෙය දින 01 කි. බොහෝමයක් පඩි පාලක සභා යටතේ පාලනය වන ක්ෂේත්රවල දී ඉරිදා දිනය මෙලෙස නිවාඩු දිනය ලෙස සැලකේ. නමුත් සමහර ක්ෂේත්ර සදහා මෙය සතියේ වෙනත් ඕනෑම දිනයක් විය හැකි අතර උදාහරණ වශයෙන් සිනමාශාලා සේවකයින් සදහා මෙය සදුදා සිට සිකුරාදා දක්වා වන ඕනෑම දිනයකින් එකක් විය හැක.
වැඩිදුර තොරතුරු උපුටා ගැනීම - ව්යාපාර සංවර්ධන කේන්ද්රය
December, 22, 2022
අලියාන්ස් ලයිෆ් සමාගමේ යාපනය තිරුනෙල්වේලි ශාඛාව සම්පූර්ණයෙන්ම නවීකරණය කර විවෘත කිරීම පසුගියදා සිදු විය. පාරිභෝගික භවතුන් වෙත වඩාත් හොඳ සේවාවක් ලබාදීම සඳහා තම ශාඛාවන්හි පවතින පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් අලියාන්ස් ලංකා සමාගම ආරම්භ කර ඇති වැඩසටහනක එක් අදියරක් වශයෙන් මෙම ශාඛාව නවීකරණය කරන ලදි. තම ශාඛාවන්හි යටිතල පහසුකම් පූර්ණ විශ්ලේෂණයකට ලක්කරමින්, එම පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ක්රමෝපායික ආයෝජනයන් සිදුකිරීමට අලියාන්ස් ලංකා සමාගම කටයුතු කරමින් සිටී.
ජීවිත, සෞඛ්ය, ආයෝජන සහ විශ්රාම යන රක්ෂණ විසඳුම්ද ඇතුළුව නවීන සුවපහසු ස්ථානයක වඩා පුළුල් පරාසයක සේවාවක් පාරිභෝගික භවතුන් හට මෙහිදී ලබා ගැනීමට හැකියාව ඇත. මෙම ශාඛාව තුළින් අලියාන්ස් ජීවිත රක්ෂණ මිල දී ගැනීම, රක්ෂණ ඔප්පුවල තත්ත්වය තොරතුරු පරික්ෂා කිරීම, වාරික ගෙවීම් සහ අතිරේක ඔප්පු සේවාවන් වන ඔප්පු යාවත්කාලීන කිරීම, පවුලේ නව සාමාජික සාමාජිකාවන් ඔප්පුව සඳහා ඇතුළත් කිරීම සහ අදාළ ලේඛන කටයුතු මෙන්ම වන්දි හිමිකම් ඉදිරිපත් කිරීම වැනි සේවාවන් ගණනාවක් ලබා ගැනීමේ හැකියාව ඇත.
යාපනය ශාඛාව නැවත විවෘත කිරීමේ අවස්ථාව සඳහා සහභාගී වූ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්රධාන විධායක නිලධාරි ජයලාල් හේවාවසම් මහතා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ "තිරුනෙල්වේලි ප්රදේශයේ පිහිටි අපගේ යාපනය ශාඛාව පූර්ණ නවීකරණයකට ලක් කිරීමෙන් අනතුරුව නැවතත් ව්යාපාරික කටයුතු සඳහා විවෘත කිරීමට හැකි වීම පිළිබඳ ඉතා සතුටට පත් වන බව සහ මෙම වැඩි දියුණු කළ පහසුකම් සමගින් අපගේ පාරිභෝගික භවතුන් වෙත වඩා අනුකූලතාවයෙන් යුතු, සුචල්යවත් සහ ප්රවේශ්යවත් සේවා අත්දැකීමක් ලබා දීම අරමුණ වන බවය. එබැවින් ඔබගේ ජිවිතයේ බොහෝ සෙයින් වටින දෑ උදෙසා රැකවරණය ලබා දීම සඳහා අපට සහය විය හැක්කේ කෙසේද යන්න සාකච්ඡා කිරීම උදෙසා අලියාන්ස් ලයිෆ් වෙත පැමිණෙන මෙන් ප්රදේශයේ සිටින සියලුම පාරිභෝගික භවතුන් සහ මහජනතාව වෙත අප ඇරයුම් කරන්නෙමු." යනුවෙනි.
අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා (Allianz Life Insurance Lanka Ltd.) ජාත්යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්රියාත්මක වේ. ප්රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්ර වල ක්රියාත්මක වන ජාත්යන්තර සමූහ ව්යාපාරයක් වන Allianz SE හි ප්රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්යන්තර අලියාන්ස් සමූහ ව්යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.
December, 22, 2022
ශ්රි ලංකාවට වටිනා විදේශ විනිමයක් ඉතිරි කරනු ලබන ප්රමුඛතම දේශිය කිරි සන්නාමයක් වන පැල්වත්ත දේශිය ගොවි සුබසාධනයේ පෙරගමන්කරු වශයෙන් ද කටයුතු කරයි. ඒ අනුව වර්තමාන ආර්ථික දුෂ්කරතා හමුවෙි පිඩාවට පත්වි සිටින දේශිය කිරි ගොවි ප්රජාව නඟාසිටුවිමෙි අරමුණින් නව ගොවි සුබසාධන ව්යාපෘතියක් ආරමිභ කිරිමට කටයුතු කර ඇත.
පැල්වත්ත සමාගමෙි කළමණාකාර අධ්යක්ෂක අක්මාල් වික්රමනායක මහතා මෙි ව්යාපෘතිය පිළිබඳව මෙසේ සිය අදහස් දැක්විය. "අපගේ 10,000 පමණ වු කිරි ගොවි ප්රජාව ශක්තිමත් කිරිමෙි අරමුණෙන් පැලවත්ත සමාගම කුඩා පරිමාණ කෘෂි හවුල්කාරිත්ව වැඩසටහනේ (SAPP) සමාජිකත්වය පවා ලබාගෙන තිබෙනවා.නුවරඑළිය, කුරුණෑගල, අනුරාධපුර මෙන්ම තවත් දිස්ත්රික්ක 8 ක විසිරි සිටින 10,000 කට අධික කිරිගොවින් වෙනුවෙන් වාණිජ හවුල්කාරිත්වය, තාක්ෂණික දැනුම හා තිරසාර භාවිතයන් වැඩිකිරිමට මෙි හරහා අපි කටයුතු කර තිබෙනවා. වර්තමානයේ රටෙි පවතින ආර්ථික අර්බුදය හමුවෙි පවා අපේ කිරි ගොවින් උපරිම තත්ත්වයේ නිෂ්පාදනයක් සිදුකිරිම අගය කල යුතුයි. මෙි නිසාම SAPP ව්යාපෘතිය හා සමිබන්ධ වි දේශිය කිරි ගොවින් වෙනුවෙන් සිය යුතුකමි ඉටුකිරිමට පැල්වත්ත සමාගම කටයුතු කරනු ලබනවා. ඒ අනුව ගොවි ජනයාගේ පවුලේ විවාහයකදි, දරු උපතකදි , පලමු ශ්රේණියට දරුවෙකු ඇතුලත් කිරිමෙිදි වගේම ශිෂ්යත්ව හා විශ්ව විද්යාල වරමි දිනාගැනිමෙිදි වැනි ජිවිතයේ වැදගත් අවස්ථාවලදි මෙන්ම හදිසි අනතුරකදි පවා මුල්යම දායකත්වය ලබාදිමට කටයුතු කරනු ලබනවා."
පැල්වත්ත සමාගමෙි SAPP ප්රදානය කිරිමෙි උත්සවය පසුගිය දා කැකිරාව කිරි එකතුකිරිමෙි මධ්යස්ථානයේදි පවත්වනු ලැබු අතර SAPP යනු හුදෙක් මුල්යම ප්රදානයක් පමණක් නොවන අතර එය එක්සත් ජනපදයේ කෘෂිකර්ම දේපාර්තුමෙින්තුව (USDA) හා ජාත්යන්තර විධායක සංස්ථාව (IESC) විසින් කිරි නිෂ්පාදනයේදි ගොවින් සවිබල ගැන්විමෙි ව්යාපෘතියක් ලෙසද දායකත්වය ලබාදෙනු ලබයි.
කළමණාකාර අධ්යක්ෂ අක්මාල් වික්රමනායක මහතා තවදුරටත් මෙසේ සිය අදහස් දැක්විය."ශ්රි ලංකාවෙි කිරි ගොවි ප්රජාවට විවිධ අයුරින් උපකාරි වනු ලබන ජාතික කිරි නිෂ්පාදන වැඩසටහනක කොටස්කරුවෙකු විමට අවස්ථාව ලැබිම ගැන අපි බෙහෙවින් සතුටුවෙනවා"
පැල්වත්ත කර්මාන්තශාලාවලින් උසස් තත්වයේ කිරි සැපයුමක් පවත්වාගැනිම සඳහා සමාගම විසින් සිය ගොවින්ට නිරතුරුවම දිරිගැන්වීම් ලබාදිම සිදුකරයි. ශ්රි ලංකාව පුරා විසිරි සිටින කිරිගොවින් විශාල ප්රමාණයක් පැලවත්ත සමාගම වෙනුවෙන් සිය දායකත්වය ලබාදෙයි.
Video Story