• Ada Derana BIZ Sinhala
  • AIA Insurance
  • sri lanka
  • WCIC

AIA ඉන්ෂුවරන්ස්, දිවයින පුරා කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමට WCIC සමගින් සහයෝගීතාවයකට එළඹේ

November, 12, 2022

 

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ශ්‍රී ලංකා කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය (WCIC) නොබෝදා සහයෝගීතාවයකට එළෙඹෙන ලදී. මේ ඔස්සේ WCIC මගින් සංවිධානය කරනු ලබන 2022 කාන්තා ව්‍යවසායකත්ව සම්මාන උළෙල සඳහා ස්වර්ණ සහකරු ලෙස සිය දායකත්වය ලබා දෙමින්, 2022-2023 වසර සඳහා කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ WCIC හි ක්‍රමෝපායික වැඩසටහන් වෙනුවෙන් සහය ලබා දීමට AIA ඉදිරිපත්ව සිටියි.

දශක ගණනාවක් පුරාවට කාන්තා සවිබලගැන්වීම, ව්‍යවසායකත්වය සහ කාන්තාව ආර්ථිකයට ඇතුළත් කරගැනීම් පෝෂණය කල සමාගමක් වශයෙන් AIA ඉන්ෂුවරන්ස් සමාගමට, කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලයෙහි අරමුණු හා සමගින් ඇත්තේ එකිනෙකට සමාන වූ ඉදිරි දැක්මක්. එනම් කාන්තා සවිබලගැන්වීමේ සහ මූල්‍ය වශයෙන් ඔවුන් ඇතුළත් කරගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක ජාතික තලයේ වැඩසටහනක් වන AIA ඉන්ෂුවරන්ස් හි ‘AYA SURAKINA AIA’ කාන්තාවන්ගේ ආර්ථික ස්වාධීනත්වය සහ ප්‍රගතිය මෙහෙයවන අතර එය කාර්ය මණ්ඩල සාමාජිකාවන්හට, අලෙවි නියෝජිතවරියන්හට, කාන්තා සේවාලාභීන්හට මෙන්ම මුළු මහත් සමාජයේම සිටින කානතාවන්හට අදාළ වේ. මෙසේ එක්ව සිදුකරන්නා වූ සහයෝගීතාවයන් ඔස්සේ AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, රක්ෂණය සහ කාන්තාව පිළිබඳව ගැඹුරු ලෙස පර්යේෂණ පවත්වනු ලබන අතර ශ්‍රී ලාංකික කාන්තාවන්හට රක්ෂණ විසදුම් ලබා දෙමින්, මූල්‍ය දැනුම සඳහා පුහුණු සැසි පවත්වමින් තොරතුරු ලබා ගැනීමට මං පාදා දෙමින් වඩාත් අර්ථවත් වූ ධනාත්මක බලපෑමක් ඔවුනගේ ජීවිත වලට ඇතිකරලීමට සහාය ලබා දෙයි.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, කාන්තාවන්හට සේවය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හොඳම සමාගමක් ලෙස සිය කාර්යමණ්ඩලය තුල ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සියලු දෙනා ඇතුලත් කරගනිමින් ක්‍රියාත්මක වීම සඳහා කැපව කටයුතු කරයි. පසුගිය වසරේදී සමාගම සිය සේවා බලකාය තුල කාන්තා නියෝජනය 41% දක්වා වැඩිකරලීමට කටයුතු කර ඇත. එමෙන්ම සමාගමේ අලෙවි බලකාය වන AIA වෙල්ත් ප්ලෑනර්වරුන් අතර ද 47% ක කාන්තා නියෝජනයක් ඇති අතර විශේෂත්වය වන්නේ සමාගම තුල ඉහළම කාර්යසාධනයක් ඇති හොඳම අලෙවිකරුවන් 100 දෙනා අතරින් 53%ක ප්‍රතිශතයක් නියෝජයන කරන්නේ ද කාන්තාවන් වීමත්, එමෙන්ම සමාගමට වසරකට ලැබෙන නව ව්‍යාපාර වලින් භාගයකට අධික ප්‍රමාණයක් ගෙන එන්නේ ද එම කාන්තාවන් විසින් වීමත්ය.

AIA ඉන්ෂුවරන්ස්, සමාගමේ කාර්ය මණ්ඩලය තුල සහ අලෙවි බලකාය තුලත් කාන්තා නියෝජනය වැඩිකරගැනීමට පමණක් නොව, ඔවුනගේ වෘත්තීය වර්ධනය තහවුරු කිරීමටත් කැපවී කටයුතු කරනවා. නායකත්වය සඳහා කාන්තා නියෝජනය වැඩිකරලීම සඳහා ප්‍රධාන වශයෙන් අවධානය යොමුකර ඇති අතර ඒ සඳහා ඔවුන්ව දේශීය සහ විදේශීයව පවත්වන වැඩසටහන් ඔස්සේ දැණුමෙන් සහ පුහුණුවෙන් සන්නද්ධ කිරීමටත් ඔවුනට නම්‍යශීලී කාලවේලාවන්ට අනුව වැඩ කරමින්, නිදහසේ සිය වෘත්තියෙහි නියැලීමට අවශ්‍ය අවකාශය සකස් කර දෙමින් ඉගෙනීම තුලින් වර්ධනයට ඉඩ සැලසීම සඳහා ද සමාගම කටයුතු යොදා තිබෙනවා. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස AIA හි ජේෂ්ඨ නායකත්ව බලකායෙන් 33%ක ප්‍රතිශතයක් කාන්තාවන් වන අතර ආයතනයේ කාන්තාවන් අතරින් 70% මෙහෙයුම් හා 63% ආයුඝනක යන රක්ෂණ හා සම්බන්ද විශේෂිත කාර්යාභාරයන් හි නිරත වේ.

 

 

 

  • Ada Derana BIZ Sinhala
  • AIA Insurance
  • Great Place to Work®
  • Legend
  • sri lanka

AIA ඉන්ෂුවරන්ස් හොඳම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩ 10වන වසරත් තේරී පත්වෙමින් ‘LEGEND’ තත්ත්වයෙන් පිදුම් ලබයි

October, 13, 2022

AIA ඉන්ෂුවරන්ස් සමාගම, නොබෝදා පවත්වන ලද හොඳම සේවා ස්ථාන සඳහා වන සම්මාන උළෙලේ දී අඛණ්ඩව 10 වන වසරටත් මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස පිදුම් ලබමින් 'LEGEND' තත්ත්වය අත්කර ගත් එකම රක්ෂණ සමාගම බවට පත් වේ. AIA හි මෙම දැවැන්ත ගමන් මග තුල, කාර්යමණ්ඩල සාමාජිකයින් සියලු දෙනා ඇතුළත් කරගත් අපක්ෂපාති සහ සාධාරණ සේවා පරිසරයක් නිර්මාණය කිරීමට සහ සියළුම සේවකයින්ගේ වෘත්තීය වර්ධනයට සහ සුභසිද්ධිය සඳහා වූ අඛණ්ඩ කැපවීම මෙසේ සම්මානනීය වීම මගින් මනාව පිළිබිඹු වේ.

හොඳම සේවා ස්ථාන සංස්කෘතීන් ඉතා ශක්තිමත් පදනමක් ඇතිව ගොඩනැගී ඇත.  සමාගම ඇතුළත AIA ඉන්ෂුවරන්ස් වඩාත් සෞඛ්‍ය සම්පන්න, නවතාවයෙන් පිරිපුන් සංස්කෘතියක් ප්‍රවර්ධනය කරන අතර සිය සේවා ස්ථානයේ මෙන්ම පෞද්ගලික ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් කාර්යමණ්ඩල සාමාජිකයින් සවිබලගන්වනු ලබයි.  අත්දැකීම් බෙදාහදා ගනිමින්, එතුලින්  සහයෝගීතාවයෙන් යුක්තව  අභියෝග ජය ගනිමින්,  එකිනෙකාට සහාය වෙමින් ඔවුන් සමගින් අර්ථවත් සහසම්බන්දතා ඇතිකර ගනිමින්,  එක පවුලක් තුළ පවතින වාතාවරණය හා සමාන සංස්කෘතියක්  AIA කාර්යමණ්ඩල සාමාජිකයින්  සමාගම තුළ ගොඩනගාගෙන ඇත.

AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී චතුරි මුණවීර මහත්මිය සිය අදහස් දක්වමින් කියා සිටියේ, "සේවය කිරීම සඳහා හොඳම සේවා ස්ථානයක් ආරම්භ වන්නේ අපගේ හැකියාවන් ඉහලම තලයට ගෙන යාමට අවස්ථාව ලබා දෙන සේවා පරිසරයක් තුලින්.  අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින් විසින් අඛණ්ඩව වසර 10ක් පුරාවට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස සිය සමාගම ඇගයුමට ලක්කර කරගනිමින් Great Place to Work හි LEGEND තත්ත්වය අත්පත්කර ගැනීමට සමත් වීම අපට මහත් අභිමානයක් මෙන්ම එය අප සමාගම සතු සංස්කෘතිය සහ ස්ථාවරත්වය පිළිබඳව මනා සාක්ෂියක්.  එසේ AIA ශ්‍රී ලංකා සමාගම LEGEND තත්ත්වයට පත්වන්නේ අප විසින් විශාල පිරිසකගේ ජීවිත වලට ධනාත්මක අයුරින් බලපෑම් ඇතිකර ඇති නිසයි.   සමාගමක් ලෙස මෙවන් වෙනසක් ඇතිකිරීම ආරම්භ වන්නේ AIA කාර්යමණ්ඩලයේ සෑම සාමාජිකයෙකුගේම සහභාගීත්වයෙන්.   ඔවුනගේ කාර්යසාධනය උසස් මට්ටමකට ගෙන යමින් අසමසම වෙනසක් ඇති කිරීමට ඔවුන්ව සවිබල ගැන්වීම වෙනුවෙන් මා  AIA ශ්‍රී ලංකා සමාගම තුල සියලු තලයන් හි සිටින නායකත්වයට මගේ හදපිරි කෘතඥතාව පළකිරීමට මෙය අවස්ථාවක්  කරගන්නවා.  විශිෂ්ට පුහුණු සහ සංවර්ධන වැඩසටහන් ඔස්සේ කාර්යමණ්ඩලයට ලබා දෙන්නා වූ අත්දැකීම් සහ වර්ධන අවස්ථා මෙම ක්‍රියාවලිය සඳහා මූලික වන අතර අවසානයේ දී මේ සියල්ල  අපගේ  සේවාලාභීන් වෙත ඉහළ අගයන් එකතු කිරීමට දායක වනු ඇති."

AIA ඉන්ෂුවරන්ස් හි මානව සම්පත් අධ්‍යක්ෂිකා තුෂාරි පෙරේරා කියා සිටියේ "රට වසා තිබු අවස්ථාවන් වලදී සහ හයිබ්‍රිඩ් ක්‍රමයට සේවයට වාර්තා කිරීමට උපදෙස් දී තිබූ අවස්ථාවන් වලදීත් අපගේ ප්‍රධාන ප්‍රමුඛත්වයක් වූයේ කාර්යමණ්ඩල සාමාජිකයින්හට අඛණ්ඩව සහාය වීම තහවුරු කිරීම වන අතර ඒ ඔස්සේ ඔවුන් අඛණ්ඩව ඔවුනගේ කාර්යභාරය ද විශිෂ්ට අයුරින් ඉටු කරනු ලැබුවා.  ඔවුන්ගේ රැකියාව කුමන ආකාරයක වුවද සිය කාර්යභාරය එකෙනකා හා එක්ව  හරියාකාරව සන්නිවේදන කටයුතු සිදුකරමින් ඉටු කිරීමට අවශ්‍ය සියලුම තාක්ෂණය සහ උපාංග ඔවුනට ලබා දෙනු ලැබුවා.  AIA හි අප සැමවිට විශ්වාස කරන්නේ ‘විශිෂ්ටත්වයෙන්’ ඔබ්බට ගොස් වඩාත් හොදින් යමක් කිරීමයි මන්ද අපි වඩා හොඳ යැයි විශ්වාස කරන්නේ අපව වඩා හොඳින් ගෙන යා හැකි දුරෙහි සීමාවක් නොමැති නිසයි.  සැමට සුරක්ෂිත, එකිනෙකා හා එක්ව සුහදත්වයෙන්, සතුටු සිතෙන් සහ ධෛර්යසම්පන්නව ක්‍රියා කළහැකි සේවා පරිසරයක් ගොඩනැගීමට අප සැමවිටම උත්සාහ කරනවා. මේ සියල්ල ඔස්සේ අප එකිනෙකාට සලකන ආකාරය, අපි අපගේ සේවාලාභීන්හට සේවය සලසන ආකාරය පමණක් නොව අප ජීවත් වන සහ වැඩ කරන ප්‍රජාවන්ට අපි සහාය දෙන ආකාරය පිළිබඳවත් අපට මඟ පෙන්වනු ලබනවා."

සමෘද්ධිමත් උරුමයක් සහ නව්‍ය අදහස් වලින් සපිරි AIA ඉන්ෂුවරන්ස්, නැවුම් ඉදිරි දර්ශනයකින් යුත්, කණ්ඩායම් හැගීමෙන් යුතුව ක්‍රියා කිරීමට කැමැත්තක් දක්වන රැකියා සොයන්නන්හට අපගේ ගමන්මග හා  එක්වෙන මෙන් දිරිමත් කර සිටිනවා.