October, 27, 2022
Allianz Group SE විසින් ලොව පුරා පවත්වන ලද Allianz World Run වැඩසටහනේ දෙවැනි ස්ථානය දිනාගැනීමට අලියාන්ස් ලංකා සමාගම සමත් විය. සෞඛ්යය හා ශරීර සුවතාව ප්රවර්ධනය කරන අතරම, අද දවසේ ලොව පුරා ජනතාව මුහුණ දෙන ප්රධාන ගැටලු විසඳීම සඳහා දැනුවත් කිරීම් සිදුකිරීම හා අරමුදල් රැස්කිරීම අරමුණු කරගෙන මෙම වැඩසටහන පවත්වන ලදි. මේ යටතේ ලොව පුරා අලියාන්ස් සමාගම් වල සේවය කරන සාමාජික සාමාජිකාවන් දින 90 ක කාලයක් තම ජංගම දුරකථන හා උපාංග භාවිතයෙන් තම ශාරීරික ව්යායාම් ක්රියාකාරකම් වාර්තා කළ යුතු විය. මෙම දත්ත රටවල් මට්ටමින් සංසදනය කර ඉන් අනතුරුව ගෝලීය වශයෙන් ශ්රේණිගත කිරීම සිදු කළ අතර මෙම ඉසව්වේ මූලික අරමුණ වූවේ දින 90 ක කාලයක් තුළ හැකි උපරිම දුරක් ධාවනයේ යෙදීමයි.
මෙහිදී සමස්ත දුර ප්රමාණය සහ සමස්ත දායකත්වය අනුව ලොව දෙවැනි ස්ථානය දිනාගැනීමට අලියාන්ස් ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි. එම කණ්ඩායම වාර්තා කරගෙන තිබූ දුර ප්රමාණය කිලෝමීටර් 246,282 ක් වූ අතර, මෙය ලොව වටා වාර 6 කටත් වඩා දිවීමට සමාන විය. අලියාන්ස් ලංකා සමාගමේ සාමාජික සාමාජිකාවන් 1,106 දෙනෙකු මෙම තරගයට එක් වූ අතර එය ලොව දෙවැනි වැඩිම සහභාගීත්වය ලෙස වාර්තා වී තිබිණි. එක් තරගකරුවෙකු වාර්තා කරගත් දුර ප්රමාණයේ සාමාන්යය කිලෝමීටර් 223 ක් විය.
මේ පිළිබඳ අදහස් දැක්වූ අලියාන්ස් ලංකා හි ප්රධාන විධායක නිලධාරී ගානි සුබ්රමනියම් මහතා සඳහන් කර සිටියේ, “Allianz World Run 2022 තුළින් අපගේ සාමූහික හැඟීම් මැනැවින් ප්රදර්ශනය වීම මට මහත් සතුටක්. ලොව පුරා අලියාන්ස් සමාගම් වල සාමාජික සාමාජිකාවන් ඉමහත් උනන්දුවෙන් යුතුව මෙම තරගයට එක්වුණා. ඒ අතරතුර ලොව දැවෙන ප්රශ්න සම්බන්ධයෙන් දැනුවත් කිරීම් සිදුකිරීමටත්, අරමුදල් රැස්කිරීමටත් ඔවුන්ට හැකි වූවා. අලියාන්ස් යනු ජීවිතයේ වටිනාම දේවල් වලට රැකවරණය දීමට ප්රමුඛත්වය දෙන සමාගමක්. සෞඛ්යය හා යහපැවැත්ම තරම් කෙනෙකුට වටිනා දෙයක් තවත් නැහැ. මේ නිසාම අප නිරන්තරයෙන් ශාරීරික ව්යායාම්වල වැදගත්කම පෙන්වා දෙනවා. තරගය අවසන් වුවත් මින් ඉදිරියටත් සෑම දිනකම කායික ක්රියාකාරකම් වල යෙදෙන මෙන් අපගේ සාමාජික සාමාජිකාවන් සියලුම දෙනාගෙන් මා ඉල්ලා සිටිනවා.” යනුවෙනි.
අලියාන්ස් ලංකා ලෙස හඳුන්වනු පොදුවේ ලබන අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගම (Allianz Insurance Lanka Ltd.) සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ^Allianz Life Insurance Lanka Ltd.& ජාත්යන්තර Allianz SE හි පූර්ණ අයිතිය යටතේ පවතින අනුබද්ධ සමාගම් ලෙස ක්රියාත්මක වේ. ප්රධාන වශයෙන් රක්ෂණ සහ වත්කම් කළමනාකරණ ක්ෂේත්ර වල ක්රියාත්මක වන ජාත්යන්තර සමූහ ව්යාපාරයක් වන Allianz SE හි ප්රධාන කාර්යාලය ජර්මනියේ මියුනිච් නගරයේ පිහිටා ඇත. ජාත්යන්තර අලියාන්ස් සමූහ ව්යාපාරයේ ශක්තිය සහ අලියාන්ස් ලංකා හි දේශීය විශේෂඥ දැනුම හා පළපුරුද්ද එක්තැන් වීම, අලියාන්ස් සමාගමට ශ්රී ලංකාව තුළ මෙබඳු සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට මහෝපකාරී වී තිබේ.
August, 4, 2022
ජාත්යන්තර අලියාන්ස් සමූහ ව්යාපාරයේ (Allianz SE) සාමාජිකයෙකු වන අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් (Allianz Life Insurnace Lanka Limited) මෑතකදී කාගිල්ස් බැංකුව සමග විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තැබීය. කාගිල්ස් බැංකුව යනු, ශ්රී ලංකාවේ පැරණිතම හා විශාලතම සමූහ ව්යාපාර අතරින් එකක් වන කාගිල්ස් සමූහයට අයත් බැංකුවකි. මෙම හවුල්කාරීත්වය යටතේ, කාගිල්ස් බැංකුවේ ගනුදෙනුකරුවන් වෙත බැංකු ණය රක්ෂණාවරණ පිරිනැමීමට අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් වෙත අවස්ථාව ලැබේ. පසුගියදා කාගිල්ස් බැංකුවේ ප්රධාන කාර්යාලයේදී පැවති උත්සවයකදී දෙපාර්ශවය විසින් මෙම ගිවිසුමට අත්සන් තබන ලදි. අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් වෙනුවෙන් එහි ප්රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතාද, කාගිල්ස් බැංකුව වෙනුවෙන් එහි සහකාර සාමාන්යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ සහ සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර) ලසන්ත මහේන්ද්රරාජා මහතාද මෙම ගිවිසුමට අත්සන් තැබූ අතර, දෙපාර්ශ්වය නියෝජනය කරන තවත් නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
නව හවුල් කාරිත්වය පිළිබඳව අදහස් දැක්වූ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම් මහතා පවසා සිටියේ “ශ්රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රය පුළුල් කිරීමට දායක වන ප්රධානතම සමාගමක් වශයෙන් අප සෑම විටම නව හවුල්කරුවන් සමග අත්වැල් බැඳගනිමින් ගනුදෙනුකරුවන්ට වැඩි ප්රතිලාභ පිරිනැමීමට උත්සාහ කරනවා. දැවැන්ත ජාත්යන්තර රක්ෂණ සමූහයක සාමාජිකයෙකු වශයෙන්, ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම තලයේ රක්ෂණ විසඳුම් සමගින් උපරිම වටිනාකමක්, පහසුවක් හා ගුණාත්මක සේවාවක් පිරිනැමීමේ හැකියාව අප සතුයි. එම නිසා, ශ්රී ලංකාවේ වඩාත්ම ඉදිරිගාමී බැංකුවක් වන කාගිල්ස් බැංකුව සමග අත්වැල් බැඳගෙන, ශ්රී ලාංකිකයන්ට විශිෂ්ට මට්ටමේ මූල්ය සේවාවන් පිරිනැමීමට හැකි වීම අපට මහත් සතුටක්.” යනුවෙනි.
මෙම හවුල්කාරීත්වය යටතේ ගනුදෙනුකරුවන්ට ප්රධාන වශයෙන් බැංකු ණය රක්ෂණාවරණ විසඳුම් ලබාගත හැකි වනු ඇත. බැංකු ණය රක්ෂණාවරණය යනු, ණය ලබාගත් තැනැත්තෙකුගේ අකල් මරණය සිදු වුවහොත් එම ණය බර ඔහුගේ හෝ ඇයගේ පවුලේ යැපෙන්නන් වෙත පැවරීම වළක්වන ණය රක්ෂණ විසඳුමක් වේ. මෙම ණය රක්ෂණය, එක් අතකින් ණය සේවාවන් වැඩිදියුණු කිරීමට දායක වනු ඇති අතර, අනෙක් අතින් මෙය ණය ලබාගන්නා ගනුදෙනුකරුවන්ට මුහුණ දීමට සිදුවන අවදානම්ද අවම කරයි. ඉදිරියේදී ශ්රී ලාංකිකයන්ගේ ජීවන රටාවන්ට ගැළපෙන තවත් සේවාවන් රැසක් හඳුන්වා දීමට දෙපාර්ශ්වය සැලසුම් කර ඇත.
කාගිල්ස් බැංකුවේ සහකාර සාමාන්යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ සහ සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර) ලසන්ත මහේන්ද්රරාජා මහතා පවසා සිටියේ “සෑම ශ්රී ලාංකිකයෙකුටම දියුණුවේ මාවත් විවර කර දීමට කාගිල්ස් බැංකුව කැපවී සිටිනවා. මෙම හවුල්කාරීත්වය, ගනුදෙනුකරුවන්ට වඩාත් හොඳ සේවාවක් ලබාදීමටත්, එක්ව දියුණුව කරා යාමටත් දෙපාර්ශ්වයටම උපකාරී වේවි. ශ්රී ලංකාවේ වඩාත්ම ඉදිරිගාමී බැංකුව මෙන්ම, කෘෂිකර්මාන්තය සහ අනෙකුත් ක්ෂුද්ර, සුළු හා මධ්යම පරිමාණ ව්යාපාර සමග සමීපව ගනුදෙනු කරන බැංකුවක් වශයෙන්, අපගේ පොදු ඉලක්ක හා අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා ජාත්යන්තර තලයේ රක්ෂණ සමාගමක් සමග අත්වැල් බැඳගැනීමට හැකි වීම අපට මහත් සතුටක්. අප උත්සාහ කරන්නේ ඉක්මන්, කාර්යක්ෂම, විශ්වාසනීය හා නිර්මාණශීලී මූල්ය විසඳුම් අපගේ ගනුදෙනුකරුවන් වෙත පිරිනැමීමටයි. ඩිජිටල් ක්රමයට සේවාවන් ලබා දීම තුළින් ක්ෂේත්රය තුළ අප පුරෝගාමී දායකත්වයක් ලබාදුන් අංශයක්. ඒ වෙනුවෙන් අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් දක්වන කැපවීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මෙම හවුල්කාරීත්වය යටතේ දිගින් දිගටම අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමග සමීපව කටයුතු කරමින්, ගනුදෙනුකරුවන් වෙත නව විසඳුම් හා සේවාවන් පිරිනැමීම අපගේ බලාපොරොත්තුවයි.” යනුවෙනි.
Video Story