November, 9, 2022
ශ්රී ලංකාවේ ප්රමුඛතම දෘෂ්ටි සේවා සහ ඇස් කණ්ණාඩි විසඳුම් සපයන්නා වූ විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3ෘ, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේදී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාකාර අධ්යක්ෂ ජානක ෆොන්සේකා මහතා, විෂන් කෙයා හි සාමාන්යාධිකාරී හර්ෂ මධුරංග මහතා සහ විෂන් කෙයා හි මූල්ය සාමාන්යාධිකාරී හිරන්ති පෙරේරා මහත්මිය ඇතුළු විෂන් කෙයා කාර්ය මණ්ඩල සාමාජිකයින් සහභාගි වන ලදී.
මෙරට ප්රමුඛ පෙළේ රෝහල් ජාලයක් වන මෙඩිහෙල්ප් රෝහල් ජාලය අක්ෂි ශල්ය වෛද්ය උපදේශන සේවාද ඇතුළුව පුළුල් පරාසයක සෞඛ්ය සේවා සපයයි. මෙඩිහෙල්ප් රෝහල් ජාලයේ අක්ෂි සෞඛ්ය සේවා වැඩිදියුණු කිරීම සඳහා විෂන් කෙයා ආයතනය මෙඩිහෙල්ප් රෝහල් ජාලය සමඟ සහයෝගීතාවයකට එළඹී ඇති අතර රට පුරා පිහිටි මෙඩිහෙල්ප් රෝහල් වෙත සිය සේවාවන් ලබා දීමට බලාපොරොත්තු වෙයි.
වඩා ඉඩකඩ සහිතව පිහිටා ඇති මෙම නව ශාඛාව හරහා අතුරුගිරිය ප්රදේශයේත් ඒ අවටත් සිටිනා සියළුම පාරිභෝගිකයන් හට ඉහළ තත්ත්වයේ අක්ෂි රෝග පරීක්ෂණ සේවා, සහ ශ්රවන පරීක්ෂණ ලබා ගැනීමට හැකි වනු ඇත. වේ. විෂන් කෙයා හි මනා පුහුණුව ලත්, ඉහළ පළපුරුද්දක් ඇති වෘත්තීයවේදීන් විසින් ප්රවීණ ලෙස හසුරුවනු ලබන අති නවීන අක්ෂි සත්කාර උපකරණ වලින්ද මෙම ශාඛාව සමන්විතය. ඍ්හ-ඊ්බල ඪදටමැල ක්්රරුර්ල ෑපචදරසද ්රප්බසල ඔදපපහ ්යසකසෙටැර වැනි ජාත්යන්තර සන්නාම රැසක් යටතේ අවශ්යතාවයට ගැළපෙන ලෙස විවිධ රටාවේ, නවීන මාදිලියේ, විවිධ හැඩයේ ඇස් කණ්ණාඩි සහ අව් කණ්ණාඩි, අක්ෂි කාච මෙන්ම ශ්රවණාධාරක ද මෙම නව අතුරුගිරිය ශාඛාව මඟින් ලබා ගැනීමට හැකියාව තිබේ.
වසර 30ක් පුරාවට ශ්රී ලාංකික අක්ෂි සෞඛ්ය ක්ෂේත්රයේ උසස් තාක්ෂණය උපයෝගී කරගත් නවීන යන්ත්රෝපකරණ භාවිතා කරන පුරෝගාමියා ලෙසින් විෂන් කෙයා ආයතනය සෑම විටම සිය පාරිභෝගිකයන් හට ඉහළ තත්ත්වයේ අක්ෂි සහ ශ්රවණ සත්කාර සේවා ලබාදීමට කටයුතු කරයි. සෑම විෂන් කෙයා ශාඛාවකින්ම ඔබට ලොව ප්රචලිත ඇස් කණ්ණාඩි, අක්ෂි කාච සහ අව් කණ්ණාඩි සන්නාම ඉතාම පහසු මිල ගණන් යටතේ මිලදී ගැනීමේ අවස්ථාව හිමිවේ.

ඡායාරූප ශීර්ෂ පාඨය - විෂන් කෙයා හි කළමනාකාර අධ්යක්ෂ ජානක ෆොන්සේකා මහතා, විෂන් කෙයා හි සාමාන්යාධිකාරී හර්ෂ මධුරංග මහතා සහ විෂන් කෙයා හි මූල්ය සාමාන්යාධිකාරී හිරන්ති පෙරේරා මහත්මිය විසින් නව ශාඛාව විවෘත කරන අවස්ථාව
September, 7, 2022
ශ්රී ලාංකීය සෞඛ්ය ක්ෂේත්රයේ මූලික ප්රතිකාර සැපයීමෙහිලා පුරෝගාමී සහ විශාලතම රෝහල් ජාලය වන MediHelp hospitals සමූහය සිය 37 වසරක අභිමානය සමගින් සිය නවතම රෝහල් සංකීර්ණය අංක 175 මාලබේ පාර අතුරුගිරිය යන ලිපිනයෙහි පසුගියදා විවෘත කරන ලදි. MediHelp රෝහල් සමූහයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන, ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලය සහ ආරාධිත අමුත්තන් ඇතුළුව විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. දශක තුනකට අධික කාලයක් මුළුල්ලේ බහුතර ජනතාවකට දැරිය හැකි මිලකට ගුණාත්මක තත්වයේ සෞඛ්ය සේවා ලබා දීමට පියවර ගත් MediHelp රෝහල් සමූහය දැනට පවතින සමාජ හා ආර්ථික දුෂ්කරතාවයන් මධ්යයේ වුවද අභියෝගයන්ට මුහුණදෙමින් තවදුරටත් සිය රෝහල් ජාලය කොළඹට නුදුරු ප්රධාන නගර ගණනාවක් වෙත ව්යාප්ත කිරීමට කටයුතු කරමින් සිටින අතර එහි තවත් අදියරක් ලෙස මෙම අභිනව අතුරුගිරිය MediHelp රෝහල හඳුන්වාදිය හැක.
නවතම පහසුකම් වලින් සමන්විත බාහිර රෝගී අංශය, ඇඳන් 5 කින් සමන්විත හදිසි ප්රතිකාර ඒකකය, විශේෂඥ වෛද්ය සේවය, රසායනාගාර පහසුකම්, ෆාමසි, අල්ට්රා සවුන්ඞ් ස්කෑන්, Echocardiography, ඩිජිටල් X-Ray, ශල්යාගාර, දන්ත සායන, දෘෂ්ටි විශේෂඥ සේවා සහ සෞඛ්ය පරීක්ෂණ ඇතුළුව පුළුල් සෞඛ්ය සේවා රැසක් අතුරුගිරිය MediHelp රෝහල මගින් ලබා දෙනු ඇත. එමෙන්ම මූලික රෝහල් සේවා පවත්වාගෙන යන සෞඛ්ය ආයතන අතුරින් විවිධ රෝගාබාධ සඳහා වැඩිම විශේෂඥ වෛද්යවරුන් පිරිසකගේ සහාය ලබා ගත හැකි එකම ස්ථානය MediHelp රෝහල් සමූහය බව අවිවාදයෙන් නම් නළ හැක.
මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ Med help රෝහල් සමූශයේ සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන මහතා “ මීට වසර 37කට පෙර කුඩා රසායනාගාරයක් ලෙස හොරණ නගරයෙන් ආරම්භ කළ ගමන අද වන විට යෝධ වනස්පතියක් බවට පත්වෙමින් ලක්ෂ සංඛ්යාත ශ්රී ලාංකිකයින්ගේ විශ්වසනීය රෝහල් සන්නාමයක් බවට Med help නාමය පත්ව තිබීම පිලිබඳව මම අවංකවම සතුටුවෙනවා”යනුවෙන් පැවසීය.
අතුරුගිරිය රෝහලේ සමාරම්භක අවස්ථාවට එක් වූ MediHelp රෝහල් සමූහයේ සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය චරිත විජේසිරිවර්ධන මහතා “MediHelp රොහල් සමූහය සිය සේවා ව්යාප්තිය විවිධ ප්රදේශයන් වෙත ගෙන යන අතරම රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ගුණාත්මක වෛද්ය සේවාවක් පවත්වාගෙන යෑම සඳහා වන අපගේ කැපවීම එලෙසම පවත්වාගෙන යන බව අවධාරණය කරන්නට කැමතියි”.
“සියලු ශ්රී ලාංකිකයින්ට ගුණාත්මක රෝහල් සේවාවක් වෙත ප්රවේශ වීම සඳහා අයිතියක් තිබෙන අතර මෙම අයිතිය පසුගිය 37 වසර පුරාම තහවුරු කරමින් ශ්රී ලාංකිකයින්ට ගුණාත්මක රෝහල් සේවාවක් දැරිය හැකි මිලකට ලබා දීමට අපට හැකිව තිබෙනවා. එමෙන්ම අභිනව MediHelp අතුගිරිය රෝහලේ සමාරම්භය අප ගමන්මගේ තවත් සන්ධිස්ථානයක් බව මගේ අදහසයි”.
“වේගයෙන් සංවර්ධනය වන අතුරුගිරිය නගරය කොට්ටාව හම්බන්තොට අධිවේගී මාර්ගයෙහි පිවිසුමක පිහිටි බැවින් ආර්ථිකමය අතිශය වැදගත් කමක් උසුලන අතර සියලු ප්රධාන පෙළේ මූල්ය ආයතන, සහ සෙසු පහසුකම් නගරය කෙන්ද්රගතව ස්ථාපිථව තිබෙනවා. එමෙන්ම විශාල ජනතාවක් මෙහි වෙසන බැවින් සහ ප්රශස්ත මට්ටමේ රෝහලක් අතුරුගිරිය හෝ ඒ අවට නරයන් කේන්ද්රගතව ක්රියාත්මක නොවන බැවින් එම රික්තය පිරිවීම සඳහා MediHelp රෝහල් සමූහය අතුරුගිරියට පිවිසීම හැම අතින්ම ඉතා වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. එම නිසා අතුරුගිරිය හා ඒ අවට ප්රදේශවල වෙසන ජනතාවට කොළඹ නගරයට පිවිසීමෙන් තොරව ගුණාත්මක තත්වයේ සෞඛ්ය සේවාවක් වෙත ප්රවේශ වීමට අතුරුගිරිය MediHelp රෝහල ප්රශස්ත සුවසේවා නැවතුමක් බවට පත් වන බව මගේ විශ්වාසයයි” යනුවෙන් MediHelp රෝහල් සමූහයේ ප්රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත ජයමාන්න මහතා පැවසීය.

Video Story