October, 12, 2022
මුදල් මණ්ඩලය විසින් මුදල් අමාත්යවරයාගේ අනුමැතිය සහිතව සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළ කේ.එම්. ඒ. එන්. දවුලගල මහත්මිය 2022 ඔක්තෝම්බර් මස 07 වැනි දින සිට ශ්රී ලංකා මහ බැංකුවේ නියෝජ්ය අධිපති තනතුරට උසස් කරන ලදී.
කේ .එම්. ඒ. එන්. දවුලගල මහත්මිය ශ්රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්ය ආයතන අධීක්ෂණ හා නියාමන, සාර්ව විචක්ෂණශීලිතා අධ්යයන, මූල්ය, ජාත්යන්තර මෙහෙයුම්, අවදානම් කළමනාකරණ, ප්රාදේශීය සංවර්ධන, මානව සම්පත් කළමනාකරණ සහ පුහුණු හා සංවර්ධන යන ක්ෂේත්රයන්හි විවිධ තනතුරුවල වසර 31කට අධික සේවා කාලයක් සම්පූර්ණ කර ඇත. ඇය ප්රධාන ගණකාධිකාරි සහ බැංකු නොවන මූල්ය ආයතන අධීක්ෂණ හා මූල්ය පද්ධති ස්ථායිතා යන දෙපාර්තමේන්තුවල අධ්යක්ෂ ලෙස සේවය කර ඇති අතර බැංකු නොවන මූල්ය ආයතන අංශයේ නීතිමය රාමුව සහ පාලනය සවිමත් කිරීම වෙනුවෙන් දායකත්වය සැපයීය. නියෝජ්ය අධිපති ලෙස පත් කිරීමට පෙර දවුලගල මහත්මිය සාර්ව විචක්ෂණතා අධ්යයන හා බැංකු අධ්යයන කේන්ද්රය යන දෙපාර්තමේන්තු භාර සහකාර අධිපති ලෙස හා මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස කටයුතු කළාය. ඇය මුදල් මණ්ඩල අවදානම් අධීක්ෂණ කමිටුවේ, මුදල් මණ්ඩල උපදේශන විගණන කමිටුවේ සහ ආචාර ධර්ම කමිටුවේ ලේකම් ලෙස ද කටයුතු කළාය.
තව ද, ඇය මුදල් හා ක්රම සම්පාදන අමාත්යංශය වෙත මුදාහැර තිබූ අතර එහි රාජ්ය ව්යාපාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළාය. අමාත්යංශයෙහි එම තනතුර දරන කාලය තුළ දවුලගල මහත්මිය ලංකා බැංකුවෙහි මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් නිල බලයෙන් පත්වන අධ්යක්ෂකවරයෙකු ලෙසත් සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයෙහි සාමාජිකයෙකු ලෙසත් කටයුතු කළාය.
දැනට දවුලගල මහත්මිය ශ්රී ලංකා ගිණුම් හා විගණන ප්රමිති සමීක්ෂණ මණ්ඩලයේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නීය.
දවුලගල මහත්මිය එක්සත් රාජධානියේ එසෙක්ස් විශ්ව විද්යාලයෙන් (University of Essex, UK) මූල්ය හා ව්යාපාරික ආර්ථීක විද්යාව පිළිබඳ විද්යාපති උපාධියත් ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයෙන් ව්යාපාර පරිපාලනපති උපාධියත් ලබා ඇත. දවුලගල මහත්මිය එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරි ආයතනයේ අධි සාමාජිකාවකි.
September, 28, 2022
ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ (Asian Development Bank Institute-ADBI) සහ ආසියා ශාන්තිකර ව්යවහාරික ආර්ථික විද්යා සංගමයේ (Asia-Pacific Applied Economics Association-APAEA) සහයෝගය ඇතිව, 2022 වසරේ සැප්තැම්බර් මස 23 වැනි දින පැවැත්වූ ශ්රී ලංකා මහ බැංකුව-ආසියානු සංවර්ධන බැංකු ආයතනය-ආසියා ශාන්තිකර ව්යවහාරික ආර්ථික විද්යා සංගමය එ්කාබද්ධ මාර්ගගත සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්රී ලංකා මහ බැංකුව අඛණ්ඩව තුන්වන වසර සඳහාත් සම-සත්කාරකත්වය දැරීය. මෙම වසරේ තේමාව පෙර වසරේ මෙන්ම 'සාර්ව ආර්ථික ස්ථායීතාව සඳහා මතුවෙමින් පවතින ගැටලු' (‘Emerging Issues for Macroeconomic Stability’) ලෙස දැක්විණි.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමුළුවේ සමාරම්භක දේශනය ඉදිරිපත් කරමින්, ප්රධාන වශයෙන් කොවිඩ්-19 වසංගතය සහ භූ-දේශපාලනික අර්බුද හේතුවෙන් ලොව පුරා බොහෝ රටවල් මුහුණ දෙන ප්රධාන අභියෝග කිහිපයක් සහ ඊට අනුරූපීව බොහෝ මහ බැංකු සිය ආර්ථිකයන් ස්ථායී කිරීමට ප්රමුඛතාවය ලබා දීම පිළිබඳ විස්තර කළේය. විවිධ මට්ටම් වල පවතින සාර්ව ආර්ථික හැකියාවන් මධ්යයේ, එක් අතකින් ආර්ථික වර්ධනයට සහාය වීම සහ අනෙක් අතින් සමස්ත සාර්ව ආර්ථික ස්ථායීතාව පවත්වා ගැනීම අතර තුලනයක් ඇති කිරීමේ දී, දියුණු සහ නැගී එන වෙළඳපොළ ආර්ථිකයන් ද්විත්වයම එකසේ මුහුණ දෙන ආතතිය පිළිබඳ ඔහු අවධාරණය කළේය. ගෝලීය ආර්ථික වාතාවරණය තුළ පවතින ඉහළ අස්ථාවරත්වය මධ්යයේ ආර්ථිකයන් මුහුණ දෙන විවිධ ගැටලු විසඳීම සඳහා විද්වතුන් සහ ප්රතිපත්ති සම්පාදකයින් අතර පර්යේෂණ සහයෝගීතා ඇති කර ගැනීමේ වැදගත්කම ද ඔහු සඳහන් කළේය. ශ්රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආකාරයේ අර්බුදකාරී තත්ත්වයන් මධ්යයේ සෛද්ධාන්තික ශාස්ත්රීය පර්යේෂණවලදී ඉදිරිපත් කරන ලද ඇතැම් ආකෘතින් සහ න්යායන් සම්බන්ධ සොයා ගැනීම්වල අදාළත්වය සහ වලංගුභාවය තරමක් දුරට සීමා විය හැකි නමුත්, නැගී එන වෙළඳපොළ ආර්ථිකයන්හි වර්ධනයන් අධ්යයනය කිරීම සඳහා අඛණ්ඩව උත්සාහ කිරීම ආර්ථිකය ප්රකෘතිමත් කිරීමේ ක්රියාවලියේ අත්යවශ්ය අංගයක් බව අධිපතිතුමා අවධාරණය කළේය. ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ පීඨාධිපති සහ ප්රධාන විධායක නිලධාරී මහාචාර්ය ටෙට්සුෂි සොනොබෙ මහතා උද්ධමන පීඩනවලට නිරාවරණය වීම, ප්රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පවතින අවකාශයන් සහ සාර්ව-මූලධර්මවල ශක්තිමත්භාවය අනුව විවිධ කලාප අතර පවතින විෂමතා දක්වමින් ආරම්භක අදහස් දැක්වීම සිදු කළේය. මෙවැනි ආකාරයේ වැඩමුළු මගින් විද්වතුන් සහ ප්රතිපත්ති සම්පාදකයින් අතර සංවාදයක් ඇති කිරීමට සහ ප්රතිපත්ති පර්යේෂණ තවදුරටත් දියුණු කිරීමට සහාය වනු ඇති බව ඔහු අවධාරණය කළේය.
ශ්රී ලංකා මහ බැංකුවේ, ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ සහ ආසියා ශාන්තිකර ව්යවහාරික ආර්ථික විද්යා සංගමයේ කර්තෘවරුවන්ගේ පර්යේෂණ පත්රිකා ඉදිරිපත් කිරීමේ සැසිවාර දෙකකින් මෙම සමුළුව සමන්විත විය. ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ පර්යේෂණ අංශයේ උප සභාපති ආචාර්ය ජෝන් බියර්න් සහ මහ බැංකුවේ නියෝජ්ය අධිපති ඉවේට් ප්රනාන්දු මහත්මිය මෙම සැසිවාරයන්හි මුලසුන හෙබවූහ.
July, 22, 2022
මෙම අභියෝගාත්මක කාලපරිච්ෙඡ්දය තුළ බිම් මට්ටමේ සිටින ශ්රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රය නැවත නගා සිටුවීමේ ප්රයත්නයන්ට සහාය වෙමින්, මෙරට පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව දෛනික ආහාර අවශ්යතාවයන් සඳහා එළවළු හා පළතුරු ආදී ගෙවතු වගාවන් ප්රචලිත කිරීම සඳහා ‘HNB සරු ගෙවත්ත’ වැඩසටහන පසුගියදා දියත් කළේය. මධ්යම පළාතේ නාගරික ප්රදේශවල ගෙවතු වගාව ප්රවර්ධනය කරන අතරතුර නාගරික ප්රදේශවල සිටින ගොවීන් සඳහා නව වෙළෙඳපොලක් ස්ථාපිත කිරීම මෙම වැඩසටහනෙහි අරමුණයි.
පළාත් සහ දිස්ත්රික් කෘෂිකාර්මික කාර්යාල සමඟ එක්ව දියත් කරන ලද මෙම වැඩසටහන කැන්ඩි සිටි සෙන්ටර් හිදී ආරම්භ වූ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එස්. ඒ. ද සිල්වා මහතා එහි ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. මෙම වැඩසටහන ආරම්භ කිරීමෙහිලා පුරෝගාමීත්වය ගෙන කටයුතු කළ HNB නියෝජ්ය සාමාන්යාධිකාරී-නීති (අධ්යක්ෂ මණ්ඩල ලේකම්), තුෂාරි රණවීර, HNB නියෝජ්ය සාමාන්යාධිකාරී/ප්රධාන ණය නිළධාරී, නිරෝෂ් පෙරේරා, CBSL කළමනාකරු (මාතලේ), චතුර රත්නායක, HNB කලාපීය ව්යාපාර ප්රධානී (මධ්යම), හර්ෂ වික්රමසිංහ, HNB මහනුවර පාරිභෝගික ඒකකයේ, ජ්යෙෂ්ඨ කළමනාකාර, ඉන්දික ඒකනායක, කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන, ප්රාදේශීය ලේකම්වරුන් වන වත්සලා මාරඹගේ සහ ආර්. එම්. එස්. එම්. රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්ය සාමාන්යාධිකාරී-නීති (අධ්යක්ෂ මණ්ඩල ලේකම්), තුෂාරි රණවීර මහත්මිව පැවසුවේ ‘’ශ්රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික හා ආහාර අර්බුදයට මුහුණ දෙමින් සිටිනවා. මෙවැනි දුෂ්කර කාලවලදී ජනතාවට උපකාර කිරීමට ප්රමාණවත් නිෂ්පාදනයක් සිදු කිරීමට අපට හැකි බව සහතික කිරීම සඳහා සියලූම ශ්රී ලාංකිකයන් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත්. ඉදිරියේදී ඇති වන අර්බුදවල අහිතකර බලපෑම අවම කරමින් දැනට පවතින සියලූ ඉඩම්වල වගා කිරීමට අපගේ ගනුදෙනුකරුවන්ට, මහජනතාවට සහ ගොවීන්ට අවශ්ය දැනුම, සහයෝගය හා දායකත්වය ලබා දීමට HNB සරු ගෙවත්ත වැඩසටහන දියත් කිරීමට ලැබීම ගැන අප ආඩම්බර වනවා.’’ යනුවෙනි.
ගොවීන්ට හා පාරිභෝගිකයින් යන දෙපාර්ශවයටම ඔවුන්ගේ අස්වැන්නෙන් යහපත් දිවිපෙවෙතක් ගත කිරීමට සහ ඔවුන්ගේ අත්යවශ්යතාවන් සඳහා සාධාරණ මිලක් ලබා දීම සඳහා කෘෂි ක්ෂේත්රයේ සිටින අතරමැදියන් අවම කරමින් රට පුරා සිටින ගොවීන් හා පාරිභෝගිකයින් අතර ඍජු සබඳතාවන් ඇති කිරීමට බැංකුවේ දැනට සිටින පාරිභෝගික ජාලය සමඟ කටයුතු කරන බව HNB පවසා සිටී.
නැවුම් එළවළු, පළතුරු හා කෘෂි නිෂ්පාදන සඳහා ඍජු වෙළෙඳපොලක් ස්ථාපිත කිරීම, ගෙවතු වගාව ප්රචලිත කිරීමට පැල, බීජ සහ කාබනික පොහොර සහනදායී මිලට සපයා දීම සහ ගෙවතු වගාව සඳහා නවීන තාක්ෂණික ක්රමෝපායන් පිළිබඳ දැනුම හා ප්රායෝගික පුහුණුව ලබා දීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ඊට අදාල ආයතන වෙත ගොවීන් හා ගෙවතු වගාකරුවන් යොමු කිරීම ද මෙම මුලපිරීමේ තවත් අරමුණකි.
”මධ්යම පළාත යනු ශ්රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ වැදගත් කේන්ද්රස්ථානයක්. HNB අපි පසුගිය වසර කිහිපයේදී අපගේ පුළුල් වෙළෙඳ ප්රජාව සමඟ එක්ව එම ප්රදේශවල ගොවි මහතුන්ට උපකාර කිරීමට කටයුතු කරනු ලැබුවා. පවතින අර්බුදයත් සමඟින් අපගේ ගොවි මහතුන් සඳහා වන මෙම කැපවීම අප තවත් ශක්තිමත් කර තිබෙන අතර මෙම ප්රයත්නය සඳහා අපට සහාය වීමට කැන්ඩි සිටි සෙන්ටර් වැනි ආයතන ඉදිරිපත් වී සිටින බව අප සතුටින් සඳහන් කිරීමට කැමතියි.’’ යනුවෙන් HNB කලාපීය ව්යාපාර ප්රධානී (මධ්යම), හර්ෂ වික්රමසිංහ මහතා පැවසුවේය.
තවද, මෙවැනි දුෂ්කර කාලවලදී සාමාන්ය ජනතාවට සහාය වීම සඳහා ප්රාදේශීය සහ පළාත් කෘෂිකර්ම නිලධාරීන්ගේ සහාය ඇතිව නියමු ව්යාපෘතිය දිවයින පුරා ක්රියාත්මක කරනු ඇත.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුව මෙන්ම බීජ හා පැල, වාණිජ කෘෂිකර්මය, කෘෂිකර්ම ප්රකාශන ඒකකය ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් කිහිපයක් සහ HNB මධ්යම කලාපයේ නිලධාරීන් සහ HNB මහනුවර පාරිභෝගික ඒකකයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

උත්සවයට සහභාගී වූ මහජනතාව සහ ගොවීන්
Image Caption - උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එස්. ඒ. ද සිල්වා මහතා විසින් HNB සරු ගෙවත්ත වැඩසටහන මහජනතාවට සහ ගොවීන් වෙත උත්සවාකාරයෙන් විවෘත කරමින්.HNB නියෝජ්ය සාමාන්යාධිකාරී-නීති (අධ්යක්ෂ මණ්ඩල ලේකම්), තුෂාරි රණවීර,HNB නියෝජ්ය සාමාන්යාධිකාරී/ප්රධාන ණය නිළධාරී, නිරෝෂ් පෙරේරා,HNB කලාපීය ව්යාපාර ප්රධානී (මධ්යම), හර්ෂ වික්රමසිංහ,HNB මහනුවර පාරිභෝගික ඒකකයේ, ජ්යෙෂ්ඨ කළමනාකාර, ඉන්දික ඒකනායක, කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන, ප්රාදේශීය ලේකම්වරුන් වන වත්සලා මාරඹගේ සහ ආර්. එම්. එස්. එම්. රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු කෘෂිකර්ම නිලධාරීන්,HNB මහනුවර පාරිභෝගික ඒකකය හා කැන්ඩි සිටි සෙන්ටර් නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීන් පිරිසක් ද ඡායාරූපයේ වෙයි
Video Story