• Ada Derana BIZ Sinhala
  • Central Bank
  • dollars
  • oil corporations
  • sri lanka
  • stops

තෙල් සංස්ථාවට ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව නවතයි

January, 26, 2023

මෙම වසරේ ජනවාරි 01 දින සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත ඉන්ධන ලබා ගැනීමේ කටයුතු වෙනුවෙන් ඩොලර් නිකුත් කිරීම මහ බැංකුව විසින් නවතා දමා ඇතැයි වාර්තා වේ. මේ සම්න්ධයෙන් අද දෙරණ කළ විමසීමක දී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේ, බැංකු ක්‍රමය තුළ මේ වන විට ප්‍රමාණවත් විදේශ විනිමය ප්‍රමාණයක් තිබෙන බවත්, යම් අත්‍යාවශ්‍ය කටයුත්තකට බැංකු ක්‍රමය තුළින් ඩොලර් ලබා ගැනීමට නොහැකි වුවහොත් පමණක් ඒ් වෙනුවෙන් මහ බැංකුව මැදිහත් වන බවත්ය.

පසුගිය කාලයේ මහ බැංකුව විදේශ විනිමය ද්‍රවශීල සංචිතය ඉතාමත්ම අඩු මට්ටමක තියෙන කාලයේ දී  විශාල පෝලිම් තියෙන කොට අපේ ක්‍රමවේදයක් තිබුණා බැංකුවලින් Export proceedings 25% ක් අපට අරගෙන එක අත්‍යාවශ්‍ය දේවල්වලට පමණක් යොමුකරන්න. ඊට අමතරව බැංකුවලට අපි කියලා තිබ්බා අත්‍යාවශ්‍ය සේවාවලට පුළුවන් තරම් ප්‍රමුඛතාවය දෙන්න කියලා. ඒ ක්‍රමය තමයි පහුගිය කාලේ තුළ ක්‍රියාත්මක වුණේ. දෙසැම්බර් මාසයේ විතර ඉඳලා අපි දැක්කා.

අපි විසින් මැදිහත් වෙලා විදේශ විනිමය කෙලින්ම ඒ අත්‍යාවශ්‍ය දේවල්වලට දීම වෙනුවට අපි කියලා තියෙනවා CPC එකට ගෑස්වලට ෆාමසිටියුකල්ස්වලට පුළුවන් තරම් බැංකුවල දැන් වැඩිපුර තියෙනවා, ඒවා ලබාගන්න කියලා. එහෙම ලබාගන්න බැරි වුණොත් විතරක් අපි, අපේ තියෙන ඒවායින් දෙන්නං කියලා. ඒක තමයි දැන් යන ක්‍රමය.  ජනවාරි මාසයේ ඉඳලා ඇත්තවශයෙන්ම අපි බැලුවොත් දෙසැම්බර් සමහ ජනවාරි මේ කාලය තුළ අපේ සංචිතවලින් සන්සන්දනය කරන කොට ඒ දීලා තියෙන ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවෙලා තියෙනවා. මොකද හේතුවෙලා තියෙන්නේ බැංකුවලින් ඒගොල්ලන්ට හොයාගන්න පුළුවන් ඒ ප්‍රමාණය.

එතකොට අපේ වගකීම තියෙන්නේ යම්කිසි ආකාරයක අත්‍යාවශ්‍ය දේවල්වලට අවශ්‍ය විදේශ විනිමය බැංකු ක්‍රමය තුළ සොයා ගන්න නොහැකි නම් එතකොට අපි යම්කිසි ආකාරයකට මැදිහත් වෙලා අත්‍යාවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න අපේ වගකීමක් තියෙනවා. අපි ඒක දිගටම කරගෙන යනවා. ඒක තමයි ඉස්සරහට වුණත් කරගෙන යන්නේ. දැන් පේන විදියට විදේශ විනිමය පැත්තෙන් ලොකු හිඟයක් බැංකු ක්‍රමය තුළ නැහැ. 

දැන් රෙමිටන්සස් දැකකනේ ගිය මාසේ මිලියන 100ක් වැඩිපුර ආවා, කලින් මාසෙට වැඩිය. මේ මාසෙත් සෑහෙන ප්‍රවණතාවයක් තියෙනවා. එක්ස්පෝර්ට් වුණත් වන් බිලියන් වගේ ප්‍රමාණයට එනවා. ඒ ප්‍රමාණය ඇවිල්ලා කන්වර්ට් කරලා තියෙන කොට මාකට් එකේ සල්ලි තියෙනවා. ඒ අනුව අපිට කියන්න තියෙන්නේ අපි ගෙන යන ක්‍රමවේදය රටේ සියලුම කටයුතු කරගෙන යන්න යම්කිසි ආකාරයකට පහසුකම් සැලසීමට කළමනාකරණය කිරීම බැංකු ක්‍රමය තුළින් හෝ අපෙන්, ඒ දෙකම කරගෙන යනවා.

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • interest rates
  • sri lanka

ඉදිරි කාලයේදී පොලී අනුපාතික තව දුරටත් පහළට – ශ්‍රී ලංකා මහ බැංකුව

January, 25, 2023

මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද පරිපාලනමය ක්‍රියාමාර්ග මෙන්ම දේශිය මුදල් වෙළඳපොළ ද්‍රවශීලතාව වර්ධනය වීම සහ දේශීය වෙළඳපොළෙහි සමස්ත අපේක්ෂා වර්ධනය වීම සඳහා ප්‍රතිචාර වශයෙන් ඉහළ මට්ටමක පවතින වෙළඳපොළ පොලී අනුපාතික ක්‍රමයෙන් පහළ යෑම ආරම්භ වීමේ සලකුණු නිරීක්ෂණය විය.

මහ බැංකුවේ නිත්‍ය පහසුකම් මත බලපත්‍රලාභී වාණිජ බැංකුවල ඉහළ රැදියාව අඩු කිරීම සඳහා මහ බැංකුව විසින් මෑතකදී අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග සහ ඊට සමගාමීව විවට වෙළඳපොළ කටයුතු සිඳු කිරීම හේතුවෙන් දේශීය මුදල් වෙළඳපොළෙහි ද්‍රවශීලතාව වැඩිදියුණු විය. මෙය අන්තර් බැංකු වෙළඳපොළ ක්‍රියාකාරීත්වය වර්ධනයට හේතු විය.

ද්‍රවශීලතා තත්ත්ව වර්ධනය වීම මෙන්ම නිල ණය හිමියන්ගෙන් ලැබීමට අපේක්ෂිත "මූල්‍ය සහතික" මත ආයෝජකයන්ගේ අපේක්ෂා වර්ධනය වීම හේතුවෙන් රාජ්‍ය සුරකුම්පත් මත ඵලදා අනුපාතික සැලකිය යුතු ලෙස පහළ ගිය අතර, එමගින් රාජ්‍ය සුරකුම්පත් සම්බන්ධයෙන් පවතින ඉහළ අවදානම් පහළ යෑම පිළිබිඹු කෙරේ.

මේ අතර, ද්‍රවශීලතා තත්ත්ව වර්ධනය වීම හේතුවෙන් වෙළඳපොළ තැන්පතු පොලී අනුපාතික ද සැලකිය යුතු ලෙස පහළ යෑමක් පෙන්නුම් කර ඇත. මෙම ප්‍රවණතා ඉදිරි කාලය තුළදී ඉහළ මට්ටමක පවතින පොලී අනුපාතික පහළ යෑම සඳහා හේතු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත්, දැඩි මුදල් තත්ත්වය සහ ආර්ථික ක්‍රියාකාරකම් පහළ යෑමට ප්‍රතිචාර වශයෙන් වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් සමස්ත ණය ප්‍රමාණය අඛණ්ඩව පහළ ගියේය. අඩු වේගයකින් වුවද, මුදල් ප්‍රසාරණය ද ඉහළම මට්ටමේ සිට පහළ යෑමක් වාර්තා කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2023 අංක 01 මුදල් ප්‍රතිපත්ති විවරණයේ මේ පිළිබඳව සඳහන් වේ.

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka
  • tax

නව බදු ගැන මහ බැංකුව ඇතුලෙන්ම විරෝධයක්

January, 19, 2023

2023 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි හඳුන්වා දෙනු ලැබූ නව බදු ව්‍යූහයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර සිටී.

මෙහිදී මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවමින් පවසන්නේ නව බදු තන්ත්‍රය විවිධ පැතිවලින් දැඩි හානියක් සිදුකරනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා වෙත ලිපියක් යවා ඇති අතර එහි පිටපතක් මහ බැංකු අධිපතිවරයාට ද යොමු කර තිබේ.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

 

 

 

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • Economy
  • sri lanka

ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම 2023 දෙවන භාගයේ සිට – මහ බැංකුව කියයි

January, 5, 2023

ශ්‍රී ලංකා ආර්ථිකය 2022 වසරේ දී සියයට 8.0කින් පමණ මූර්ත වශයෙන් සංකෝචනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත්, 2023 වසරේ දෙවන භාගයේ සිට ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වී ඉන් ඉදිරියට වර්ධන වේගය අඛණ්ඩව පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

2023 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කරමින් මහ බැංකුව මේ බව කියා සිටී.

උද්ධමනය සහ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් මෙසේ කියා සිටී.

  • 2022 වසරේ මුල් භාගයේ දී සීඝ්‍රයෙන් ඉහළ ගිය උද්ධමනය, උද්ධමන පීඩන පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග, රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ප්‍රයත්න සහ රජයේ සැපයුම් අංශයේ ප්‍රතිපත්ති මෙන්ම ගෝලීය වශයෙන් මිල පීඩන සාපේක්ෂව අඩු වීම වැනි කරුණු හේතුවෙන් 2022 ඔක්තෝබර් මාසයේ සිට පහළ ගියේය.
  • උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ප්‍රවණතාව අඛණ්ඩව සිදුවෙමින් මතුපිට උද්ධමනය 2023 වසරේ පළමු භාගයේ දී පහළ ගොස් 2023 වසර අවසානය වන විට අපේක්ෂිත උද්ධමන මට්ටමට ළඟා වනු ඇතැයි අපේක්ෂා ‌‌කෙරේ. උද්ධමනය ඉදිරි කාලය තුළ ඉහළ යාමේ යම් අවදානමක් මතු වුවහොත්, එය සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තුළනි් පාලනය කරනු ඇත.‍
  • අපේක්ෂිත උද්ධමනය අඛණ්ඩව පහළ යෑමේ ප්‍රවණතාව තුළ උද්ධමන අපේක්ෂ මනා ලෙස පාලනය වී පවතී.
  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka
  • treasury bill

රු. බිලියන 85ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට

December, 20, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (21) දිනයේ දී රු. මිලියන 85,000 (රු. බිලියන 85) ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.

මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 40,000ක්, රු. මිලියන 25,000ක් සහ රු. මිලියන 20,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka
  • treasury bill

රු. මිලියන 98,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

December, 14, 2022

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (14) දිනයේ දී රු. මිලියන 98,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් කැඳවා තිබේ.

ඒ අනුව මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 50,000ක්, රු. මිලියන 28,000ක් සහ රු. මිලියන 20,000ක් බැගින් භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සඳහා රජයේ සුරැකුම්පත් පිළිබඳ ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලබන බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටී.

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka

මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

December, 12, 2022

වංචා සහගත ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල හරහා පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම පිළිබඳ ව මහජනතාව දැනුම්වත් කිරීම

විදේශ රැකියා සඳහා යොමු කරන බවට පොරොන්දු ලබා දෙමින් හෝ විවිධ වටිනා භාණ්ඩ ඇතුළත් පාර්සල් ලබා ගැනීම සඳහා රේගු බදු ගෙවන ලෙස දන්වමින් වංචා සහගත දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ, විද්‍යුත් තැපැල් පණිවුඩ හා සමාජ මාධ්‍ය ජාල හරහා සාවද්‍ය තොරතුරු ලබා දී පුද්ගලයන්ගෙන් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වයන් විසින් සිදුකරනු ලබන පැමිණිලිවල සීග්‍ර වර්ධනයක් මෑත කාලීනව නිරීක්ෂණය වී ඇත.

එබැවින්, නිසි පරීක්ෂාවකින් තොරව ඉහත ආකාරයේ තොරතුරු මත පදනම්ව නොදන්නා පාර්ශ්වයන්ගේ බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කිරීමට හෝ වෙනත් මාධ්‍යවලින් මුදල් ප්‍රේෂණය කිරීමට යොමු නොවන ලෙස මූල්‍ය බුද්ධි ඒකකය මහජනතාවට අවධාරණය කර සිටී.

තවද, මෙවැනි ක්‍රියාවල නිරතවන වංචාකරුවන් විසින් අදාළ ගනුදෙනු සිදු කිරීම සඳහා පහත තොරතුරු ඔබගෙන් ඉල්ලා සිටිය හැකිය,

  • පුද්ගලික හැඳුනුම් අංක (PIN),
  • කාඩ්පත්වල පිටුපස සඳහන් වන කාඩ්පත් සහතික කිරීමට යොදා ගන්නා ගෙවීම් කාඩ්පත් සත්‍යාපන අංක (CVV),
  • ගනුදෙනු සහතික කිරීමේ දී යොදා ගන්නා එක් වරක් පමණක් භාවිත කළ හැකි මුරපද (OTP),
  • ජංගම බැංකුකරණයේ දී/ අන්තර්ජාල බැංකුකරණයේ දී යොදා ගන්නා පරිශීලක නාම (User ID), මුරපද (Password) හා එක් වරක් පමණක් භාවික වන මුරපද (OTP).

එබැවින්, මෙවැනි රහස්‍ය තොරතුරු, කිසිදු තෙවන පාර්ශවයක් සමඟ හුවමාරු කර නොගත යුතු බවටත්, එවැනි වංචා පිළිබඳ සුපරීක්ෂාකාරී වන ලෙසටත්, මූල්‍ය බුද්ධි ඒකකය තවදුරටත් මහජනතාවට අවධාරණය කර සිටී. එසේම, එවැනි විස්තර සැපයීමෙන් ඔබ/ ඔබගේ පවුලේ සාමාජිකයෙකු/ ඔබගේ සමීපතමයෙකු නිසැකයෙන් ම මූල්‍ය වංචාවක වින්දිතයෙකු බවට පත් වනු ඇත.

මේ ආකාරයේ දුරකථන ඇමතුම් හෝ කෙටි පණිවුඩ ඔබට ලැබෙන්නේ නම්, ඒ සම්බන්ධයෙන් 011-2477125 හෝ 011-2477509 හරහා මූල්‍ය බුද්ධි ඒකකය දැනුවත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා සිටී.

  • Ada Derana BIZ Sinhala
  • bank
  • Central Bank
  • sri lanka

ප්‍රධාන පෙළේ බැංකු පහකට මහ බැංකුවෙන් දඩ

December, 12, 2022

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, එම පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ආයතන සඳහා මූල්‍යමය දණ්ඩන පනවනු ලැබේ. මූල්‍ය ආයතනයක් විසින් සිදුකරනු ලබන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බරපතලකම සැලකිල්ලට ගෙන මෙම දණ්ඩන නියම කළ හැකිය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය ආයතනවල අනුකූලතාව බලාත්මක කිරීම සඳහා 2022 ජූලි 01 දින සිට 2022 නොවැම්බර් 16 දින දක්වා කාලය තුළ පහත දක්වා ඇති පරිදි එකතු කර ගන්නා ලද සමස්ත දඩ මුදල රුපියල් මිලියන 10.75 කි. දණ්ඩන මගින් එකතු කරන ලද මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කරන ලදී.

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • Prasanna Money Exchange
  • sri lanka

ප්‍රසන්නගේ බලපත්‍රය අහෝසි කරන්න මහ බැංකුව තීරණය කරයි

December, 12, 2022

ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට නිකුත් කර ඇති මුදල් මාරු කිරීමේ බලපත්‍රය අවලංගු කිරීම

විදේශ මුදල් මාරු කිරීම සඳහා ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම (Prasanna Money Exchange (Pvt) Ltd) වෙත ලබා දී ඇති බලපත්‍රයට අදාල කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් එම සමාගම වෙත නිකුත් කර තිබූ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවමින් සිදු කරන ලද විමර්ශනයෙන් අනතුරුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ ප්‍රතිපාදන යටතේ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමෙහි අංක 42 A, මුදලිගේ මාවත, කොළඹ 01 සහ අංක 57, ගාලු පාර, කොළඹ 06 දරන ස්ථාන වල පැවති පිළිවෙලින් ප්‍රධාන කාර්යාලයය සහ ශාඛාව වෙත නිකුත් කර ඇති අංක DFE/RD/0058 දරන බලපත්‍රය අවලංගු කිරීමට තීරණය කරන ලදී.

ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගමට බලයලත් විදේශ මුදල් හුවමාරු කරන්නෙකු ලෙස විදේශ මුදල් මාරු කිරීමට තවදුරටත් අවසර නොමැති අතර ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම සමඟ විදේශ මුදල් මිල දී ගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම විදේශ විනිමය පනතේ විධිවිධාන යටතේ නීති විරෝධී ක්‍රියාවක් ලෙස සලකන බව මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.

  • Ada Derana BIZ Sinhala
  • Central Bank
  • sri lanka
  • treasury bonds

රු. බිලියන 160 ක දැවැන්ත බැඳුම්කර නිකුතුවක් ලබන සතියේ

December, 9, 2022

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු. මිලියන 160,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පවත්වන බව දැනුම් දී සිටී.

එළඹෙන දෙසැම්බර් 13 වැනි දින මෙම නිකුතුව පැවැත්වෙනු ඇත.

වෙන්දේසිය සඳහා කාණ්ඩ 3ක් යටතේ බැඳුම්කර ඉදිරිපත් කිරීමට නියමිතය.

එහිදී 2024 මැයි 01 දින කල් පිරෙන ආකාරයෙන් රු. මිලියන 40,000 ක්, 2025 ජනවාරි 15 දින කල් පිරෙන ආකාරයෙන් රු. මිලියන 50,000 ක් සහ 2026 මැයි 15 දින කල් පිරෙන ආකායෙන් රු. මිලියන 70,000 ක් ලෙසින් වන භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයන් වෙන්දේසියට ඉදිරිපත් කෙරෙනු ඇත.