• Ada Derana BIZ Sinhala
  • CISCO
  • ComBank
  • sri lanaka

සිසුන් 2000 කට වැඩි පිරිසකට තොරතුරු තාක්ෂණික රැකියා සඳහා සූදානම් වීමට කොමර්ෂල් බැංකුව සහ CISCO සහාය ලබාදෙයි

July, 12, 2022

තරුණ දරුවන්ගේ තොරතුරු තාක්ෂණ දැනුම වර්ධනය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව සහ CISCO නෙට්වර්කිං ඇකඩමිය විසින් ඒකාබද්ධව සංවිධානය කරන තොරතුරු තාක්ෂණ පාඨමාලා සිසුන් 2000 කට අධික පිරිසක් සාර්ථකව සම්පූර්ණ කර ඇති බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

අනාගත තාක්ෂණික විශේෂඥයින් බිහි කිරීමට මෙම වැඩසටහන නිර්මාණය කර තිබෙන අතර තමන්ගේ තොරතුරු තාක්ෂණික කුසලතා වර්ධනය කර ගැනීමට කැමැත්තක් දක්වන අවුරුදු 13කට වඩා වයසැති දරුවන්ට මේ සඳහා බැංකුව ආරාධනා කර තිබුණි. මෙහිදී, මෙම දරුවන්ට ලෝකයේ ප‍්‍රමුඛතම තාක්ෂණික කුසලතා සහ වෘත්තීය සංවර්ධන වැඩසටහන වන CISCO විසින් අන්තර්ජාලය මගින් ඉදිරිපත් කර තිබෙන තොරතුරු තාක්ෂණික පාඨමාලා 07 කින් එකක් තෝරා ගැනීමට අවස්ථාව ලබාදී තිබුණි.

කොමර්ෂල් බැංකුවේ තොරතුරු තාක්ෂණික අධ්‍යාපනය හා සම්බන්ධ සමාජ සත්කාර වැඩසටහන්වල කොටසක් ලෙස මෙම ඒකාබද්ධතාවය ආරම්භ කළේ බැංකුව විසින් පාසැල් වලට ප‍්‍රදානය කර තිබෙන තොරතුරු තාක්ෂණික විද්‍යාගාර වලින් උපරිම ප‍්‍රයෝජන ලබාගනිමින් කාලීන තොරතුරු සහ තාක්ෂණික දැනුම සිසුදරුවන්ට ලබාදීම අරමුණුකර ගනිමිනි. මෙමගින් සාම්ප‍්‍රදායික පන්ති කාමර සීමාවෙන් ඔබ්බට ගොස් CISCO වෙතින් කර්මාන්තයේ ප‍්‍රමුඛතම සහතිකයක් නොමිලේ ලබාගැනීමේ අවස්ථාව සිසුන්ට ලබාදීම කැපී පෙනේ.

මෙම ඒකාබද්ධතාවයට අනුව බැංකුව විසින් මෙම සිසුන්ට දේශන සඳහා යන වියදම් ලබාදුන් අතර CISCO නෙට්වර්කිං ඇකඩමිය විසින් පාඨමාලා නොමිලේ හැදෑරීමේ අවස්ථාව ලබාදෙන ලදී. මෙම පාඨමාලා සම්පූර්ණ කළ සිසුන්ට CCNA, CCNP සහ සයිබර් ඔපරේෂන්ස් යන CISCO වෘත්තීය සූදානම් සහතික ලබාගැනීම සඳහා ශිෂ්‍යත්ව දිනාගැනීමේ අවස්ථාවද හිමිවේ. මෙම සහතිකවලට කර්මාන්තය තුළ ඉහළ ඉල්ලූමක් තිබෙන බව බැංකුව සඳහන් කරයි. මේ වනවිටත් තවත් සිසුන් 290 දෙනෙකු මෙම ඇකඩමිය තුළ තොරතුරු තාක්ෂණික පාඨමාලාවන් හදාරමින් සිටී.

මෙම පාඨමාලා සමත්වු සිසුන් අතුරින් 1200 දෙනෙක් සයිබර් අවකාශයේ නව ප‍්‍රවණතාවයන්, අභියෝගයන් සහ ගැටලූ පිළිබඳව සාකච්ඡ කරන ‘සයිබර් ආරක්ෂාව පිළිබඳව හැඳින්වීමක්’යන පාඨමාලාව තෝරා ගත්හ.

කොමර්ෂල් බැංකුව විසින් මේ ආකාරයේම වැඩසටහනක් 2021 වසරේදී අන්තර්ජාලය මගින් CISCO නෙට්වර්කිං ඇකඩමිය සමග පැවැත්වූ අතර එහිදී පාඨමාලා 05 ක් හැදෑරීම සඳහා සිසුන් 3000 ක් ලියාපදිංචි විය.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශ‍්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • ePassbook
  • sri lanaka

කොමර්ෂල් බැංකුවේ පුරෝගාමී ඊපාස්පොත සිංහලෙන් සහ දෙමළෙන්ද එළි දක්වයි

July, 8, 2022

තවදුරටත් ඩිජිටල් බැංකුකරණ පුරුදු දිරිමත් කරමින් පාරිභෝගිකයින්ගේ අත්දැකීම වර්ධනය කිරීමේ අරමුණෙන් ශ‍්‍රී ලංකාවේ පළමු ඩිජිටල් පාස්පොත වන කොමර්ෂල් බැංකුවේ ‘කොම්බෑන්ක් ඊපාස්පොත’ ඉංග‍්‍රීසි භාෂාවට අමතරව සිංහල සහ දෙමළ භාෂාවෙන්ද ක‍්‍රියාත්මක කළ හැකි යැයි කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

මෙම ඇප් පහසුකමට කර තිබෙන මෙම වැඩිදියුණු කිරීම තුළින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන්ට තමන් කැමති භාෂාවක් තෝරාගනිමින් බැංකු ගනුදෙනු බලා ගැනීමට සහ කොම්බෑන්ක් ඊපොස්පොත මගින් ලබාදෙන සියළුම සේවාවන්ට ප‍්‍රවේශ වීමට හැකියාව ලැබී තිබේ.

කොමර්ෂල් බැංකුවේ ඊපාස්පොත භාෂා ත‍්‍රිත්වයටම හැරවීම තුළින් බැංකුවේ සියළුම පාරිභෝගික අංශ වලට ඩිජිටල් බැංකු කටයුතු වලට ගමන් කරමින් ඩිජිටල් මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කර ගැනීමට පිටිවහලක් වන බව බැංකුව සඳහන් කරයි.

2020 වසරේදී කොම්බෑන්ක් ඊපස්පොත, ස්වයං ලියාපදිංචිවීමේ හැකියාව, තත්කාලීන ගනුදෙනු දැනුම්දීම සහ රහස් වචනය ටයිප් නොකර මුහුණු හඳුනාගැනීම සහ ඇඟිලි සලකුණ ඇතුළත් කරමින් වැඩිදියුණු කරන ලදී. ස්වයං ලියාපදිංචි පහසුකම හඳුන්වාදීමත් සමඟ මාස 06 ක් ඇතුළත 150,000 කට වැඩි ප‍්‍රමාණයක් මෙම ඇප් පහසුකම ඩවුන්ලෝඞ් කර තිබේ. කොම්බෑන්ක් ඊපාස්පොත භාවිතා කරන ගනුදෙනුකරුවන් රටවල් 200 කට වැඩි ප‍්‍රමාණයක සිටින අතර සාමාන්‍යයෙන් මිනිත්තු 30 ක් ඇතුළත සක‍්‍රීය ගනුදෙනුකරුවන් 10,000 කට වැඩි ප‍්‍රමාණයක් මෙය භාවිතා කරන අතර මේ වනවිට මිලියනයකට වැඩි ගනුදෙනුකරුවන් ප‍්‍රමාණයක් ඊපාස්පොත සඳහා ලියාපදිංචි වී ඇත.

මෙම ජංගම දුරකතන ඇප් පහසුකම මගින් ඇන්ඩ්‍රොයිඞ් සහ iOS ජංගම දුරකතන භාවිතා කරමින් ඉතිරි කිරීම්, ජංගම, NRFC, RFC ගිණුම් සහ ක්‍රෙඩිට් කාඞ් තොරතුරු සඳහා ප‍්‍රවේශවීමට අවස්ථාව ලබාදෙන අතර ගිණුම් හිමියා විසින් ලියාංපදිංචි වී ඇති බහු ගිණුම් එක් ස්ථානයක තබා ගනිමින් අවශ්‍ය අවස්ථාවල තමන්ට කැමති ගිණුම භාවිතා කිරීමේ ඉඩකඩ ලබාදී ඇත. කොම්බෑන්ක් ඊපාස්පොත iOS ජංගම අයදුම නවතම MacBook පරිගණකයේ ඩෙස්ක්ටොප් අයදුමක් ලෙස භාවිතා කිරීමේ හැකියාවද පවතී.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • sri lanaka
  • world’s Top 1000 banks

අඛණ්ඩව 12 වන වසරටත් කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට

July, 6, 2022

ලොව සුපතල එංගලන්තයේ ‘ද බෑන්කර්’ සඟරාව විසින් වාර්ෂිකව එළිදක්වන ‘ලෝකයේ හොඳම බැංකු 1000’ ලයිස්තුවට පිට පිටම 12 වන වසරටත් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව බවට පත්වෙමින් කොමර්ෂල් බැංකුව නැවත වතාවක් ගෝලීය බැංකු ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් අතරට පැමිණ තිබේ.

බැංකුවක මූල්‍ය ශක්තිය මැනීමේ මූලික දර්ශකයක් වන පළමු පෙළ ප‍්‍රාග්ධනය මූලික වශයෙන්  පදනම් කරගනිමින් ‘ද බෑන්කර්’ සඟරාව විසින් ගෝලීය වශයෙන් මෙම බැංකු වර්ගීකරණය කරයි.

‘මතක කාලයක ශ‍්‍රී ලංකාවේ බැංකු මුහුණ දුන් දුෂ්කරම කාලය මෙයයි. ශී‍්‍ර ලංකාව අද දකින ආර්ථික ප‍්‍රශ්න කොවිඩි-19 වසංගතයේ බලපෑම් නිසා තවත් උග‍්‍ර වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 12 වන වතාවටත් කොමර්ෂල් බැංකුව තේරී පත්වීම ඇත්ත වශයෙන්ම කැපී පෙනෙන ජයග‍්‍රහණයක්,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා පැවසීය. ‘මෙම සහතික කිරීම තුළින් බැංකුව අඛණ්ඩව පවත්වාගෙන යන ස්ථාවරත්වය සහ බාහිර අභියෝග මැද ශක්තිමත් ලෙස සිය බැංකු මූලධර්ම පවත්වාගෙන යාමට ඇති හැකියාව පෙන්නුම් කරනවා.’

මෙම ලයිස්තුවේ ලෝකයේ ප‍්‍රමුඛතම බැංකු 05 අතරට ICBC, චයිනා කන්ස්ට‍්‍රක්ෂන් බෑන්ක්, ඇග‍්‍රිකල්චරල් බෑන්ක් ඔෆ් චයිනා, බෑන්ක් ඔෆ් චයිනා, JP මෝර්ගන් චේස් ඇන්ඞ් කම්පනි ඇතුළත් වන අතර කොමර්ෂල් බැංකුව මෙම ලයිස්තුවේ 930 වන ස්ථානයට පත්වී තිබේ.

මෙම වර්ගීකරණයේදී ‘ද බෑන්කර්’ සඟරාව විසින් අංක 1 සිට 1000 දක්වා බැංකු වර්ගීකරණය කරන අතර ලොව බැංකු කර්මාන්තයේ වඩාත්ම ඇගයීමට ලක්වී තිබෙන වර්ගීකරණයක් වන ලෝකයේ ප‍්‍රමුඛතම බැංකු 1000 වර්ගීකරණයේ කළාපීය ලයිස්තුව සකස් කිරීමේදී සඟරාවේ කර්තෘ මණ්ඩලයේ අදහස් ද සැලකිල්ලට ගනී. අංශ අටක කාර්ය සාධනය මනිමින් රටින් රටට බැංකු වලට ලකුණු ලබාදීමටත් ඒවා වර්ගීකරණය කිරීමටත් ප‍්‍රධාන අනුපාත 08 ක් ඇතුළත් ආකෘතියක් මෙහිදී භාවිතාකරයි. වර්ධනය, මෙහෙයුම් කාර්යක්ෂමතාවය, අවධානමට අදාළ ප‍්‍රතිලාභය, විශ්වාසවන්තභාවය, ලාභදායීතාවය, වත්කම්වල ගුණාත්මකභාවය, ද්‍රවශීලතාවය මෙහිදී සැලකිල්ලට ගනී. සෑම බැංකුවක්ම මෙම අංශ වලදී දක්වන කාර්යසාධනය පදනම් කරගනිමින් සමස්තයක් ලෙස ‘හොඳම කාර්ය සාධනයක් පෙන්වන බැංකු’ ලකුණු සහ වර්ගීකරණය සකස් කරයි.

2022 වසරේදී ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකු සන්නාමය ලෙසින් පිට පිටම තුන්වන වසර සඳහාත් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් කොමර්ෂල් බැංකුව තෝරාගත් අතර 2021 වසර අවසන් වනවිට බැංකුව සතුව රුපියල් ටි‍්‍රලියන 1.983 ක සමස්ත වත්කම් පැවතුණි. එසේම, 2021 මූල්‍ය වසරේදී බැංකුව රුපියල් බිලියන 163.675 ක දළ ආදායමක්, රුපියල් බිලියන 24.29 ක ශුද්ධ ලාභයක්, රුපියල් ටි‍්‍රලියන 1.473 ක තැන්පතු පදනමක් සහ රුපියල් බිලියන 1.095 ක ණය පොතක් වාර්තා කරන ලදී.

ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාත සැලකීමේදී 2021 දෙසැම්බර් 31 වනදා වනවිට බැංකුවේ පළමුපෙළ ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාතය 11.923% ක්වූ අතර එය තිබිය යුතු අවම අනුපාතය 9%කි. එසේම, සමස්ත ප‍්‍රාග්ධන අනුපාතය ද තිබියයුතු 13% ක ප‍්‍රමාණය ඉක්මවා යමින් 15.650% ක මට්ටමක තිබීම ද මෙහිදී කැපී පෙනේ.

පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට පුද්ගලික අංශයේ විශාලතම බැංකුවයි. එසේම, සමස්ත වත්කම් අනුව සැලකීමේදී ශ‍්‍රී ලංකාවේ තෙවැනියට විශාලතම බැංකුව මෙන්ම ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ඉහළ මට්ටමේ දේශීය වැදගත්කමක් ඇති බැංකුවක් (D-SIB) ලෙස නම්කළ මෙරට එකම පුද්ගලික වාණිජ බැංකුව වන්නේද කොමර්ෂල් බැංකුවයි. මේ වනවිට බැංකුව සතුව දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • sri lanaka

කොමර්ෂල් බැංකුවේ පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් මාස 04 ක් තුල රුපියල් මිලියන 05 ක් ජයග‍්‍රහණය කරයි

June, 27, 2022

කොමර්ෂල් බැංකුව මේ වසරේ ජනවාරි මාසයේදී ආරම්භ කළ ‘Win a Million’ පේ‍්‍රෂණ ප‍්‍රවර්ධන වැඩසටහනේ වාසනාවන්ත ජයග‍්‍රාහකයින්ට රුපියල් මිලියන 05 ක මුදල් ත්‍යාග බැංකුව විසින් පසුගියදා ප‍්‍රදානය කරන ලදී.

මෙම රුපියල් මිලියන 05 2022 ජනවාරි මාසයේ සිට අපේ‍්‍රල් මාසය දක්වා මාසික දිනුම් ඇදීම් වලින් රුපියල් මිලියනයක ප‍්‍රථම ත්‍යාග ලබාගත් ජයග‍්‍රාහකයින්ට ගෙවූ රුපියල් මිලියන හතරක මුදලත් රුපියල් 25,000 ක් බැගින් ලබාදුන් සැනසිලි ත්‍යාග 40 කුත් ඇතුළත් වේ. පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් බැංකුව හරහා පේ‍්‍රෂණ මුදල් එවීම දිරිමත් කරමින් තවත් මිලියන පතියන් බිහිකිරීම සඳහා මෙම ප‍්‍රවර්ධන වැඩසටහන ඉදිරියට රැගෙන යාමට කටයුතු කරන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

මෙහිදී, රුපියල් මිලියනයක් බැගින් ප‍්‍රථම ත්‍යාග දිනාගත් ජයග‍්‍රාහකයින් සිව්දෙනා වූයේ මොරටුවේ වයි.සී.එස්. පීරිස් මහතා, කිරිබත්ගොඩ ඒ.ඞී. මාලනී සෝමලතා ප‍්‍රනාන්දු මහත්මිය, වෙන්නප්පුවේ ඩබ්ලිව්. සකුන් මධුරංග තාමෙල් මහතා සහ හොරණ සිවකුමාර් දිලානි මෙනෙවියයි. ඔවුන් සියළුම දෙනා මැදපෙරදිග කළාපයේ සිට මෙරටට පැමිණි පේ‍්‍රෂණ ලබාගත් අය වේ.

කොමර්ෂල් බැංකුවේ RemitPlus පේ‍්‍රෂණ සේවාව ඔස්සේ මෙරටට පේ‍්‍රෂණ මුදල් ගෙන්වා ගන්නා ගනුදෙනුකරුවන් ‘Win a Million’ ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා එකතු කරගන්නා අතර මාසයකට වරක් දිනුම් ඇදීම් පැවැත්වීම සිදුකරයි. මේ අනුව, 2022 ජනවාරි මාසයේ සිට අපේ‍්‍රල් මාසය දක්වා කොමර්ෂල් බැංකුවට පේ‍්‍රෂණ මුදල් ගෙන්වාගත් ගනුදෙනුකරුවන් මෙම දිනුම් ඇදීමට එක්වීමට සුදුසුකම් ලැබීය. සෑම මසකම දිනුම් ඇදීම අවසන් වූ පසුව ජයග‍්‍රාහකයින් පිළිබඳ තොරතුරු බැංකුව විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සහ බැංකුවේ ‘RemitPlus’ ඇප් සේවාව තුළින් ප‍්‍රසිද්ධ කරන ලදී.

‘Win a Million’ ප‍්‍රවර්ධන වැඩසටහන මගින් කොමර්ෂල් බැංකුවට පේ‍්‍රෂණ මුදල් ගෙන්වා ගැනීම දිරිමත් කිරීම සහ තවමත් පේ‍්‍රෂණ සම්බන්ධයෙන් එතරම් දියුණුවට පත්ව නැති වෙළෙඳපොළවල් ආකර්ෂණය කරගැනීම ඉලක්ක කර තිබෙන බව බැංකුව සඳහන් කරයි. එසේම, බැංකුවේ පේ‍්‍රෂණ කාඞ්පත, RemitPlus ඇප් සේවාව සහ පේ‍්‍රෂණ හා සම්බන්ධ අගය එකතු කළ සේවාවන් ජනප‍්‍රිය කිරීමද මෙම වැඩසටහනේ අරමුණක් බව බැංකුව පවසයි.

අවිධිමත් පේ‍්‍රෂණ මාර්ග වන හවාලා සහ උන්ඩියල් වෙතින් ඉවත්ව බැංකු ක‍්‍රමය හරහා පේ‍්‍රෂණ එවීම දිරිමත් කිරීමට අවශ්‍ය සැලකිය යුතු ප‍්‍රතිලාභයක්ද ගනුදෙනුකරුවන්ට ලබාදෙමින් මෙම ප‍්‍රවර්ධන වැඩසටහන සැලසුම් කර ඇති බව බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. මෙම ‘Win a Million’ ත්‍යාග මුදල් මගින් විදේශ රැකියා කරන අයට නිවසක් ඉදිකිරීමට, ඉඩමක් මිලදී ගැනීමට, ගේදොර උපකරණ මිලදීගැනීමට, ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ආරම්භයක් ලබාගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කර ගැනීමට අවස්ථාව හිමිවේ. මේ නිසා, මෙම ප‍්‍රවර්ධන වැඩසටහන බැංකුවේ පේ‍්‍රෂණ ගනුදෙනුකරුවන් අතර වඩාත් ජනප‍්‍රිය වී ඇත.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 

සේයාරු සටහන -  සේයාරුවෙන් දැක්වෙන්නේ මෙම ත්‍යාග දිනාගත් ජයග‍්‍රාහකයින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා (වමේ සිට හයවැන්නා) සහ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී එස්. ප‍්‍රභාගර් මහතා (වමේ සිට අටවැන්නා) මෙන්ම බැංකුවේ ආයතනික සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයින් සමග සිටින ආකාරයයි.

  • Ada Derana BIZ Sinhala
  • Autoclave
  • ComBank
  • sri lanaka

කොමර්ෂල් බැංකුව පේදුරුතුඩුව මූලික රෝහලට Autoclave යන්ත‍්‍ර දෙකක් පරිත්‍යාග කරයි

June, 24, 2022

ක්ෂුද්‍ර ජීවීන් සහ බැක්ටීරියා විනාශ කිරීම සඳහා ජලය, පීඩනය සහ උණුසුම භාවිතා කරමින් දැඩි උණුසුමක් ජනිත කරන Autoclave යන්ත‍්‍ර දෙකක් පසුගියදා කොමර්ෂල් බැංකුව විසින් පේදුරුතුඩුව මූලික රෝහලේ ඉල්ලීමකට අනුව එම රෝහලට ප‍්‍රදානය කරන ලදී. මෙම යන්ත‍්‍ර දෙක රෝහලේ පිහිටි ශල්‍යාගාරයේ ආසාදන පාලනය කිරීම සඳහා යොදාගනු ඇත. ‘A’ වර්ගයේ රෝහලක් වන පේදුරුතුඩුව මූලික රෝහල මගින් යාපනය වඩමාරච්චි කළාපයේ 150,000 ක් පමණ වන ජනතාවකට සෞඛ්‍ය පහසුකම් සපයනු ලබයි.

සේයාරුවෙන් දැක්වෙන්නේ මෙම Autoclave යන්ත‍්‍ර කොමර්ෂල් බැංකුවේ උතුරු පළාතේ කළාපීය කළමනාකරු, රාමචන්ද්‍රන් සිවඥානම් මහතා (දකුණේ සිට දෙවැන්නා) සහ කොමර්ෂල් බැංකුවේ පේදුරුතුඩුව ශාඛාවේ කළමනාකරු, තෙවරාජා අරවින්තන් මහතා විසින් රෝහලේ නියෝජිතයෙක් වෙත පරිත්‍යාග කරන ආකාරයයි.

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • LANKAQR
  • Q+ Payment App
  • SLT-MOBITEL
  • sri lanaka

Q+ ගෙවීමේ ඇප් පහසුකම භාවිතා කරන්නන්ට 30% ක් දක්වා ආපසු මුදල් සහ දිනපතා රුපියල් 10,000 ක ත්‍යාගයක්

June, 23, 2022

කොමර්ෂල් බැංකුවේ Q+ ගෙවීමේ ඇප් සේවාව භාවිතා කරමින් තෝරාගත් අලෙවිසැල් වෙතින් ස්කෑන් කර ගෙවීම් සිදුකිරීමේදී ග්‍රොසරි භාණ්ඩ, ආහාර, සේවා සහ ඇඳුම් පැළඳුම් සඳහා මුදල් ආපසු ලබාදීම, මුදල් ත්‍යාග ලබාදීම, නොමිලේ සේවා පැකේජ ඇතුළු දීමනා මාලාවක් ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව වැඩසටහනක් ආරම්භ කර තිබේ.

2022 සැප්තැම්බර් මාසය දක්වා තෝරාගත් දිනයන්හි සහ එක් එක් කාල සීමාවන් වලදී කීල්ස් සුපිරි වෙළෙඳසැල්, සෙන්-සාල් අවන්හල්, ෆැෂන් බග් (ප‍්‍රයිවට්) ලිමිඩට් සහ SLT-Mobitel වෙත ගෙවීම් කිරීමේදී මෙම දීමනා ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි.

මීට අමතරව, වීසා කාඞ්පත් පිළිගන්නා  ඕනෑම LANKAQR සක‍්‍රීය කර තිබෙන ස්ථානයකින් Q+ ගෙවීමේ ඇප් සේවාව තුළින් ගෙවීම් කටයුතු කරන කොමර්ෂල් බැංකුවේ වීසා කාඞ්පත් හිමියන්ට මෙම ප‍්‍රවර්ධන කාල සීමාව තුළ මුලින් කරන ගනුදෙනු තුන සඳහා එක් ගනුදෙනුවකට උපරිම රුපියල් 300 ක් දක්වා මුදල් ආපසු ලබාදෙන බව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. මේ අතර, සැප්තැම්බර් මාසය අවසන් වනතුරු LANKAQR සක‍්‍රීය කර තිබෙන ස්ථානයකින් Q+ ගෙවීමේ ඇප් සේවාව තුළින් බිල්පත් ගෙවීමේදී මෙම දීමනාව ලබාගත හැකිවේ.

කීල්ස් සුපිරි වෙළෙඳසැල් ජාලයද මෙම LANKAQR ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා සම්බන්ධ වී සිටින අතර ජූලි 07 වනදා දක්වා මෙම ඇප් පහසුකම මගින් ස්කෑන් කර ගෙවීම් කරන වාසනාවන්ත ගනුදෙනුකරුවෙකුට දිනකට රුපියල් 10,000 ක් ලබාදීමට කීල්ස් සුපිරි වෙළෙඳසැල් ජාලය ඉදිරිපත් වී තිබේ.

එසේම, ඊ-බිල් පතේ තිබෙන LANKAQR කේතය ස්කෑන් කර Q+ ඇප් පහසුකම භාවිතා කරමින් SLT-Mobitel බිල්පත් ගෙවන ගනුදෙනු කරුවන්ට 5GB නොමිලේ ඬේටා සහ මොබිටෙල් ග‍්‍රාහකයෙකුට තවත් මොබිටෙල් ග‍්‍රාහකයින්ට කතා කිරීමට නොමිලේ මිනිත්තු 300 ක කතා කාලයක් ලබාගැනීමටත්  මොබිටෙල් ග‍්‍රාහකයෙකුට තවත් මොබිටෙල් ග‍්‍රාහකයින්ට නොමිලේ කෙටි පණිවුඩ 300 ක් යැවීමටත් අවස්ථාව හිමිවේ. මෙම දීමනාව හිමිවන්නේ බිල්පතේ වටිනාකම රුපියල් 1000 කට වැඩිනම් පමණක් බව බැංකුව සඳහන් කරයි.

Q+ ගෙවීමේ ඇප් පහසුකම මේ වනවිට ශ‍්‍රී ලංකාවේ තිබෙන වේගයෙන්ම ව්‍යාප්ත වන QR ඇප් සේවාව වන අතර LANKAQR යටතේ ආරම්භ කළ මෙරට පළමු QR පදනම් කරගත් ඇප් පහසුකම මෙය වේ. එසේම, නවතම දත්ත විශ්ලේෂණය කරමින් LANKAQR සඳහන් කළේ මෙය ශ‍්‍රී ලංකාවේ දැනට තිබෙන අංක එකේ ගෙවීමේ ඇප් සේවාව බවයි. Q+ ගෙවීමේ ඇප් පහසුකම මෙම ජයග‍්‍රහණය හිමිකර ගත්තේ වෙළෙඳුන් විසින් නිකුත් කළ LANKAQR කේත ස්කෑන් කර සිදුකළ සාර්ථක ‘ස්කෑන් ඇන්ඩ් පේ’ ගනුදෙනු පිළිබඳව ලංකාපේ විසින් රැස්කර ගත් දත්ත පදනම් කරගනිමිනුයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • FinanceAsia
  • sri lanaka

කොමර්ෂල් බැංකුව 2022 ෆයිනෑන්ස් ඒෂියා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සම්මාන දෙකක් දිනාගනී

June, 21, 2022

ගනුදෙනුකරුවන්ට සහ රජයේ යෝජනා ක‍්‍රමයන්ට සහයෝගය දැක්වීමේදී කැපවීම පෙන්නුම් කළ සහ පවතින ආර්ථික තත්ත්වයට ඔරොත්තුදීමේ හැකියාව පෙන්නුම් කළ ආයතන සම්මානයට පාත‍්‍ර කරමින් පැවැත්වූ 2022 ෆයිනෑන්ස් ඒෂියා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ යන සම්මානය නැවත වතාවක් දිනාගත් අතර ‘ශ‍්‍රී ලංකාවේ හොඳම තිරසාර බැංකුව’ යන සම්මානයද හිමිකර ගන්නා ලදී.

ආසියාවේ මූල්‍ය සේවා කර්මාන්තය සහ ප‍්‍රාග්ධන වෙළෙඳපොළවල් පිළිබඳව පසුගිය වසර 25 ක කාලය පුරා අවංක විශ්ලේෂණයක් සිදුකරමින් කීර්තියක් දිනා තිබෙන ෆයිනෑන්ස් ඒෂියා ප‍්‍රකාශනය වෙතින් කොමර්ෂල් බැංකුව ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ යන සම්මානය දිනාගත් 11 වන වසර මෙය වේ.

ෆයිනෑන්ස් ඒෂියා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුව ලබාගත් ජයග‍්‍රහණ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා මෙසේ පැවසීය: ‘මෙම සම්මාන මගින් ලාභ වලින් ඔබ්බට ගොස් බැංකුවේ අනිකුත් කාර්ය සාධන දර්ශක ලබාගෙන තිබෙන විශිෂ්ටත්වය පෙන්නුම් කරනවා. බැංකු බොහෝවිට මූල්‍ය දත්ත තක්සේරු කිරීමට කටයුතු කළත් තිරසාරත්වය වැනි අවසානයේ කොටස්කරුවන්ට වැඩි වටිනාකමක් එකතු කරන තවත් බොහෝ මිණුම් ක‍්‍රම තිබෙනවා.’

කොමර්ෂල් බැංකුව 2021 වසරේදී වැඩිම සමස්ත මෙහෙයුම් ආදායම, තැන්පතුවල වැඩිම වෙළෙදපොළ කොටස, වැඩිම සමස්ත වත්කම් පදනම, වැඩිම අත්තිකාරම් පදනම, වැඩිම බදු වලට පෙර සහ පසු ලාභය, වැඩිම ශුද්ධ පොලී ආදායම හිමි මෙරට පුද්ගලික වාණිජ බැංකුව විය. මීට අමතරව, කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ක්ෂේත‍්‍රයට වැඩිම ණය ලබාදෙන බැංකුව ද වේ.

එසේම, තිරසාරත්වය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් අනුගමනය කරන තෙවදෑරුම් ප‍්‍රවේශය හේතුවෙන් ‘ශ‍්‍රී ලංකාවේ හොඳම තිරසාර බැංකුව’ ලෙසද කොමර්ෂල් බැංකුව තෝරාගෙන ඇත. වගකීම් සහගත මූල්‍යනය, මූල්‍ය සමානාත්මතාවය, තිරසාර සේවා ලබාදීම ඇතුළත් වන තිරසාර බැංකුකරණය, හරිත සහ සුරක්ෂිත සේවා ස්ථානයක් පවත්වාගෙන යාම, තිරසාර සැපයුම් දාමයක් ප‍්‍රවර්ධනය කිරීම තුළින් වගකීම් සහගත ආයතනයක් බවට පත්වීම මෙන්ම සමාජ සහ පාරිසරික මැදිහත්වීමක් සහිත ප‍්‍රජා වැඩසටහන් සිදුකිරීම මෙම තෙවදෑරුම් ප‍්‍රවේශයට ඇතුළත් වේ.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

  • Ada Derana BIZ Sinhala
  • Anagi
  • ComBank
  • sri lanaka

කාන්තාවන්ට පමණක් වෙන්වූ ‘අනගි’ ක්‍රෙඩිට් කාඩ්පතක් හඳුන්වා දෙමින් කොමර්ෂල් බැංකුව නව පියවරක් තබයි

June, 16, 2022

කාන්තා පාරිභෝගික අංශය තවදුරටත් සවිබල ගැන්වීම සඳහා තිබෙන කැපවීම විදහා දක්වමින් කොමර්ෂල් බැංකුව විසින් කාන්තාවන්ට පමණක් වෙන්වූ ක්‍රෙඩිට් කාඩ් පතක් හඳුන්වා දී තිබේ.

මාස්ටර්කාඞ් සන්නාමය ලත් මෙම ක්‍රෙඩිට් කාඞ්පත නීයර්-ෆීල්ඞ් සන්නිවේදන (NFC) තාක්ෂණයෙන් යුක්තව එළිදක්වන බවත් එය විශේෂ ප‍්‍රතිලාභ සමගින් ගෝල්ඞ් සහ ප්ලැටිනම් කාණ්ඩ යටතේ ‘අනගි’ කාන්තා බැංකුකරණ සේවාවන්ට අළුතෙන්ම එක්වන සේවාව ලෙස හඳුන්වා දෙන බවත් බැංකුව සඳහන් කරයි.

මෙම ක්‍රෙඩිට් කාඩ්පත සඳහා එක්වීමේ ගාස්තුව සහ මුල් වසර සඳහා වාර්ෂික ගාස්තුව අය නොකිරීමට බැංකුව තීරණය කර තිබේ. අනගි ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකාරිනියන්ට තමන්ගේ ස්වාමිපුරුෂයාට හෝ පවුලේ සමීපතම අයට වාර්ෂික ගාස්තුවෙන් 50% ක් පමණක් ගෙවා අමතර ක්‍රෙඩිට් කාඩ්පත් ලබාගැනීමට අවස්ථාව ඇති බවද බැංකුව පවසයි. එසේම, සෑම ක්‍රෙඩිට් කාඩ්පතකින්ම සිදුකරන මුල්ම ගනුදෙනුවේදී රුපියල් 1000 ක උපරිමයක් දක්වා වියදම් කළ මුදලින් 50% ක් ආපසු ලබාදෙන බවද බැංකුව සඳහන් කරයි.

අනගි ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකාරිනියන් ගෝල්ඞ් කාඩ්පතකින් රුපියල් 500 කට වඩා වැඩි ගනුදෙනුවක් සහ ප්ලැටිනම් කාඞ් පතකින් රුපියල් 600 කට වඩා වැඩි ගනුදෙනුවන් සිදුකරන විට මැක්ස් ලෝයල්ටි ලකුණු ලබාගැනීමට අවස්ථාව සැළසේ. මීට අමතරව වෙළෙඳසැල් වෙතින් වසර පුරාම තිබෙන වට්ටම් සහ විශේෂ දීමනා ලබාගැනීමට ඔවුන් සුදුසුකම් ලබන බවත්, ජාත්‍යන්තර කාන්තා දිනය, මව්වරුන්ගේ දිනය වැනි විශේෂ දිනයන්හි පැවැත්වෙන ප‍්‍රවර්ධන වැඩසටහන් වලින් ප‍්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව මෙම කාඩ්පත් හිමිකාරිනියන්ට ලැබෙන බවද බැංකුව පවසයි.

සහනදායී ලෙස රන් ණය ලබාගැනීමටද අනගි ක්‍රෙඩිට් කාඩ්පත් හිමිකාරිනියන් සුදුසුකම් ලබන බවද බැංකුව සඳහන් කරයි.

අනගි කාන්තා බැංකුකරණ සන්නාමය යටතේ ආරම්භ කළ නවතම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අනගි ක්‍රෙඩිට් කාඩ්පත මගින් ප‍්‍රතිලාභ මාලාවකට එහා ගිය අගය එකතු කිරීමක් ලබාදෙනවා. අපගේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සමාජ ආර්ථික වශයෙන් කැපවෙන ඉතාමත් වැදගත් පාරිභෝගික කණ්ඩායමක් වෙත සහාය දැක්වීමට බැංකුවේ තිබෙන අඛණ්ඩ මෙන්ම වර්ධනය වෙමින් තිබෙන කැපවීම මේ තුළින් පෙන්නුම් කරනවා. මෙවැනි තවත් බොහෝ වැඩසටහන් මගින් මෙම වැදගත් පාරිභෝගික කණ්ඩායම තවදුරටත් සවිබල ගැන්වීමට සහ සහයෝගය ලබාදීමට බැංකුව ඇප කැපවී සිටිනවා. මෙයට සේවා සහ මූල්‍ය නොවන ප‍්‍රතිලාභ මාලාවක්ද හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා.’

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා (මැද) කාන්තාවන් වෙනුවෙන් අනගි ක්‍රෙඩිට් කාඞ්පත එළි දැක්වූ අයුරු. මෙම අවස්ථාවට (වමේ සිට) කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකු අංශයේ දෙලක්ෂන් හෙට්ටිආරච්චි මහතා, සහකාර සාමාන්‍යාධිකාරිනී - පුද්ගලික බැංකුකරණ I මිතිලා ෂාමිනී මහත්මිය, සහකාර සාමාන්‍යාධිකාරිනී - පුද්ගලික බැංකුකරණ II දර්ශනී පෙරේරා මහත්මිය සහ කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා සහභාගී විය.

  • Ada Derana BIZ Sinhala
  • ComBank
  • sri lanaka
  • Udara

කොමර්ෂල් බැංකුව ‘උදාර’ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම සඳහා නව පහසුකම් හඳුන්වා දෙයි

June, 8, 2022

කොමර්ෂල් බැංකුව විසින් සිය ‘උදාර’ ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම අළුත් අංග සහ විශේෂ පොලී අනුපාත ලබා දී තිබෙන අතර මේ තුළින් මෙම ගිණුම් ප‍්‍රමාණය වැඩිකිරීමට සහ මෙම අංශය සඳහා වැඩිපුර ප‍්‍රතිලාභ ලබාදීමට සැලසුම් කර තිබේ.

‘උදාර’ ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු ගිණුමක් ආරම්භ කිරීම සඳහා මූලික තැන්පතුව රුපියල් 5000 ක සිට රුපියල් 1000 ක් දක්වා අඩුකර තිබෙන අතර ‘උදාර’ ස්ථාවර තැන්පතුවක් රුපියල් 10,000 ක් සිට ආරම්භ කිරීමට අවස්ථාව ලබාදී ඇත. මීට අමතරව, මෙම ගිණුම සඳහා නවාංග ලෙස නොමිලේ ඊ-පාස්පොත සහ ඊ-බැංකු වාර්තා ලබාදීමට බැංකුව කටයුතු කර තිබේ.

මීට අමතරව, ‘උදාර’ ඉතිරි කිරීමේ ගිණුම් සහ ස්ථාවර තැන්පතු සඳහා විශේෂ පොලී අනුපාත ලබාදීමට කටයුතු කර තිබෙන බවත් මෙම පොලී අනුපාතයන් සාමාන්‍ය ඉතිරිකිරීමේ ගිණුමක සහ ස්ථාවර තැන්පතුවල පොලී අනුපාත වලට වඩා වැඩි බව බැංකුව සඳහන් කරයි.  ඕනෑම කොමර්ෂල් බැංකු ශාඛාවකදී බැංකු පාස්පොත, ඩෙබිට් කාඞ්පත හෝ විශේෂ හැඳුනුම්පත ඉදිරිපත් කළ විට ‘උදාර’ ගනුදෙනු කරුවන්ට විශේෂ ප‍්‍රමුඛතාවයක් ලබාදෙන බවද බැංකුව පවසයිි.

කොමර්ෂල් බැංකුවේ කොළඹ රීඞ් මාවත ශාඛාවේ තිබෙන ඔසුසැලෙන් බෙහෙත් ලබාගන්නා විට ‘උදාර’ ගිණුම් හිමියන්ට බැංකුව විසින් වට්ටම් ලබාදෙන අතර බැංකුව ඒකාබද්ධ වී සිටින රෝහල් වලින් මෙම ගිණුම් හිමියන්ට විශේෂ වට්ටම් ලබාදීමටද බැංකුව කටයුතු කරයි.

‘උදාර’ ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරිකිරීමේ ගිණුම් හිමියන්ට බැංකු විසින් සන්නාමකරණය කළ ඩෙබිට් කාඞ් පතක් නොමිලේ ලබාදෙන අතර එමගින් වසර පුරා වට්ටම් ලබාදීම සිදුකරයි. එසේම, මෙම අංශයට ලියාපදිංචි ගාස්තුවකින් සහ පළමු වසරේ ගාස්තුවෙන් තොරව කොම්බෑන්ක් ඩිජිටල්, ජංගම බැංකුකරණ සහ කෙටිපණිවුඩ සේවා පහසුකම් ලබාගත හැකි බව බැංකුව සඳහන් කරයි.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 940 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.