November, 3, 2022
ජෛව විවිධත්ව යළි ඇති කිරීම සහ පරිසර සංරක්ෂණය කිරීම සඳහා වූ කැපවීම ශක්තිමත් කරමින් හේලීස් සමූහයට අනුබද්ධිත සහ ප්රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදකයා වන හේලීස් ෆැබ්රික් (Hayleys Fabric), මධ්යම පරිසර අධිකාරිය (CEA), පේරාදෙණිය සහ වයඹ විශ්ව විද්යාල සමඟ හවුල් වී බෙන්තොට ගෙඟ් අතු ගංගා ආශ්රිත පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීම සඳහා පියවර ගනියි.
රු. මිලියන 1.5 ක් වූ මෙම මුලපිරීමේ අරමුණ වන්නේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති කෙටල (Lagenandra) විශේෂ තුන සංරක්ෂණය හා යළි ස්ථාපිත කිරීමත් සමඟ ඉහළ හේවස්ස, කළුදොල සහ කළුගල ගං ඉවුරු ස්ථාවර කිරීමයි.
”තිරසාර අනාගතයක් සඳහා වන අපගේ කැපවීම ඉතා ඉහළයි. අපි හේලීස් සමූහ ව්යාපාරයෙහි ESG (පරිසරය, සමාජීය සහ පාලනය) වැඩපිළිවෙල සඳහා මඟ පෙන්වන Hayleys Lifecode ට අනුව යමින් අපගේ නිෂ්පාදන ක්රියාවලියේ සෑම අංශයක්ම තිරසාර සහ පරිසර හිතකාමී බව සහතික කරනවා.”
”ඉතාම මෑතක දී අපි අපගේ කර්මාන්තශාලා පරිශ්රයට යාබද තෙත් බිම් අක්කර නවයක් සඳහා ආයෝජනය කරමින් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට සහ එම ප්රදේශය තුළ දක්නට ලැබෙන මෙරටට ආවේණික සත්ව සහ ශාක විශේෂයන් පිළිබඳ දැනුවත් කළා. ජීවයේ පැවැත්මට ඇති බරපතලම තර්ජනය ජෛව විවිධත්වය නැතිවී යාම බව වටහාගත් අප අපගේ හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳගනිමින් මෙරට තවත් පරිසර පද්ධතියක් තෝරාගෙන එහි ජෛව විවිධත්වය සහතික කිරීම වෙනුවෙන් හැකි උපරිමයෙන් කැපවෙනවා. එහිදී පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ අපගේ හවුල්කරුවන්ගේ උත්සහයට ශක්තියක් වෙමින් පාරිසරික සංරක්ෂණය සඳහා වන අපගේ කැපවීම තව තවත් පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් හේලීස් ෆැබ්රික් කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී රොහාන් ගුණතිලක මහතා පැවසුවේය.
තවද මධ්යම පරිසර අධිකාරිය, පළාත් පාලන ආයතන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වලල්විට ප්රාදේශීය ලේකම් කාර්යාලය මඟින් කෙටල ශාකයේ වැදගත්කම පිළිබඳව පාසල් දරුවන් සහ මහජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත. මීට අමතරව තෝරාගත් ඉවුරු වලට අදාළ ග්රාම නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ තෝරාගත් ප්රජා සාමාජිකයින් විසින් මෙම ගංගා ඉවුරු අධීක්ෂණය කරනු ලැබේ.
”ජල සම්පත ආරක්ෂා කිරීම සඳහා බලපාන ප්රධානතම සාධකයක් වන්නේ ගංගා සහ තෙත් බිම්ය. නමුත් ස්වභාවික හේතූන් සහ මානව මැදිහත්වීම් නිසා ගං ඉවුරු ඛාදනය වේගවත් වී තිබෙනවා. ඉවුරු ඛාදනය නැවැත්වීම සඳහා නිර්දේශිත එක් ක්රමයක් වන්නේ ස්වභාවික ශාක හා සත්ව ප්රජාව සිය ස්භාවික වාස භූමි වලම නැවතත් ස්ථාපනය කිරීමයි. එබැවින් මෙම විශේෂිත ව්යාපෘතිය යටතේ මෙරටට ආවේණික සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කෙටල වැනි ශාක සංරක්ෂණය කරමින් අපගේ ඉවුරු ආරක්ෂා කිරීමට පියවර ගැනීම අපගේ අරමුණ වී තිබෙනවා.” යනුවෙන් මධ්යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් පී. බී හේමන්ත ජයසිංහ මහතා පැවසුවේය.
ව්යාපෘතිය සඳහා මූලික පරීක්ෂණ සහ ස්ථාන නැරඹීම ආරම්භ කළ අතර ව්යාපෘතියේ පළමු අදියර කළුතර සහ ගාල්ල දිස්ත්රික්කවල ක්රියාත්මක වෙනවා. තෝරාගත් කෙටල පැළ ප්රරෝහණය කිරීම විශ්වවිද්යාලයේ ප්රමුඛ පෙළේ ශාක විද්යාඥයකු වන පේරාදෙණිය, ජ්යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල මහත්මිය ප්රමුඛ අධ්යයන කණ්ඩායම විසින් සිදු කරනු ලැබේ.
”ශ්රී ලංකාවෙන් කෙටල විශේෂ 13ක් වාර්තා වී ඇති අතර ඉන් දහයක්ම මෙරටට ආවේණිකයි. ඉන් පහක් බරපතල වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අතර හතරක් වඳවීමේ තර්ජනයට ලක්වී තිබෙනවා. කණගාටුවට කරුණක් වන්නේ එක් විශේෂයක් බරපතල වඳවීමේ තර්ජනයට ලක්ව හෝ සමහර විට දැනටමත් වඳ වී ගොස් තිබීමයි. මෙම ශාක බොහෝමයක් විසිතුරු ශාක ලෙස අලෙවි කරන බැවින් එම විශේෂ ආරක්ෂා කිරීමට සහ සංරක්ෂණය කිරීමට පියවර ගත යුතුයි. ඒ සඳහා වූ මෙම මුලපිරීමත් සමඟින් නැවතත් මෙම ශාක විශේෂ ගං ඉවුරු වල ස්ථාපිත කිරීම පමණක් නොව, කළුතර දිස්ත්රික්කයේ ස්වභාවික පරිසර පද්ධති සංරක්ෂණය කිරීමට ද අපට හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් මෙම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් මහාචාර්ය යකන්දාවල මහත්මිය මෙසේ පැවසුවාය.
පේරාදෙණිය සහ වයඹ විශ්වවිද්යාලවල උද්භිද විද්යා දෙපාර්තමේන්තුවල මෙන්ම විද්යා පශ්චාත් උපාධි ආයතනයේ (පේරාදෙණිය විශ්වවිද්යාලය) අධ්යයන කණ්ඩායම මඟින් තෝරාගත් ප්රදේශවල දිය දහරා ආශ්රිත පාරිසරික පරාමිතීන් නිර්ණය කිරීම, මල් පිපීම සහ ගෙඩි හට ගැනීම පිළිබඳ විමර්ශන කටයුතු සිදු කෙරේ. Phenology, ex situ බීජ ප්රරෝහණය, පැල සිටුවීම සහ යළි ස්ථාපිත කිරීමේ ක්රමෝපායන් මෙන්ම කෙටල ශාකය සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සිදු කරයි.
ඡායාරූපය: මධ්යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා (මැද) හේලීස් ෆැබ්රික් කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී රොහාන් ගුණතිලක මහතා (දකුණේ) සහ පේරාදෙණිය විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ මහාචාර්ය දීප්ති යකන්දාවල මහත්මිය (වමේ) විසින් ඉදිරිපත් කරන ලද වැඩපිළිවෙල සඳහා වූ යෝජනාව පිළිගනිමින්
July, 15, 2022
Hayleys Fabric හි WARNA by Mahogany නම් පරිසර හිතකාමී ක්රියාවලීන් භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද කාබනික සහ පරිසර හිතකාමී රෙදිපිළි පෙළක් ISPO Textrends Spring$Summer Awards 2024 හි හොඳම නිෂ්පාදන 10 අතරට තේරීපත් විය.
ලොව වඩාත්ම නව්ය, ඉහළ ක්රියාකාරී රෙදිපිළි සඳහා ප්රමුඛ පෙළේ ජර්මානු වේදිකාවක් වන ISPO Textrends හි ප්රමුඛ පෙළේ ශ්රී ලාංකේය පරිසර හිතකාමී රෙදිපිළි නවෝත්පාදනයක් ලෙස WARNA by Mahogany ඇගයුම් ලැබීම ක්රීඩා ඇඟළුම් ක්ෂේත්රය සඳහා විශේෂිත වූ, තිරසාර, වෘත්තාකාර රෙදිපිළි සපයා ගැනීමේ ගෝලීය පුරෝගාමියෙකු ලෙස ලංකාවේ කීර්තිය ඉහළින් ඔසවා තැබීමක් ලෙස හැදින්විය හැකිය.
පුරෝගාමී waste-to-fashion හෙවත් අපද්රව්ය භාවිතයෙන් විලාසිතාකරණය සඳහා වූ මුලපිරීමක් ලෙස Hayleys Fabric හි තිරසාර නවෝත්පාදන ප්රධානී ලියෝනි වාස් මහත්මිය විසින් හදුන්වාදෙන ලද Hayleys Fabric හි කාබනික Mahogany වර්ණක ශ්රී ලංකාවේ ගෘහ භාණ්ඩ කර්මාන්තයේ අතුරු නිෂ්පාදන සහ අපද්රව්ය වලින් ගෘහස්ථව නිස්සාරණය කරනු ලැබේ.
”අතීතයේදී විලාසිතා සහ රෙදිපිළි කර්මාන්තය ප්රධාන වශයෙන් අවධානය යොමු කළේ කෘතිම වර්ණක භාවිතයටයි. කෙසේ වෙතත් පරිසර හිතකාමී ආකල්ප දරන පාරිභෝගිකයින් වැඩිවීමත් සමඟ තිරසාර ලෙස නිෂ්පාදනය කරන ලද රෙදි සඳහා ඇති ඉල්ලූම සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙනවා. මෙම පසුබිම සැලකිල්ලට ගෙන අපගේ නිෂ්පාදන ක්රියාවලියේදී පරිසරය සහ පාරිභෝගිකයින් යන දෙපාර්ශවයටම අහිතකර ද්රව්ය භාවිතය සීමා කිරීමට හැකි සෑම පියවරක්ම ගෙන තිබෙනවා. WARNA මෙම කැපවීම සඳහා හොදම සාක්ෂියක් වන අතර ISPO Textrends සම්මාන උළෙලේදී අපගේ උත්සාහය ඇගයීමට ලක්වීම ගැන වගේම ලෝකයේ වඩාත්ම නව්ය තිරසාර ප්රවණතා අතර ජාත්යන්තර වේදිකාවක් මත ශ්රී ලාංකීය නිපුණත්වය ප්රදර්ශනය කිරීමට ලැබීම ගැන ද අපි සතුටු වෙනවා.’’ යනුවෙන් Hayleys Fabric හි කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී රොහාන් ගුණතිලක මහතා පැවසුවේය.
දේශගුණික විපර්යාස සඳහා වන බලපෑම හඳුනා ගැනීම සහ විශ්ලේෂණය කිරීම සඳහා සිදු කරන ලද තක්සේරුවකදී WARNA පරිසරයට ධනාත්මක බලපෑමක් ඇති කරන බවට තහවුරු කරගන්නා ලදී.
Mahogany වර්ණක ජාත්යන්තරව පිළිගත් ප්රමිතීන්ට අනුකූල බව සහතික කිරීම සඳහා පරීක්ෂණ රැසකට යටත් කර ඇති අතර අන්තරායකර රසායනික ද්රව්ය වලින් තොර බව සහතික කරයි. මෙම නිෂ්පාදන භාවිත කරන පාරිභෝගිකයින්ට සහ පරිසරයට මෙන්ම නිෂ්පාදන ක්රියාවලියට සම්බන්ධ පුද්ගලයින්ට ද වඩාත් ආරක්ෂිත වීම විශේෂත්වයකි. එමෙන්ම කෘතිම වර්ණක වර්ග භාවිතයට සාපේක්ෂව පරිසරයට 36% ක ධනාත්මක බලපෑමක් ඇති කරයි.
Hayleys Fabric විසින් නිෂ්පාදනය කරනු ලබන ස්වභාවික වර්ණක පරිභෝජනය සහ නිෂ්පාදනය, කර්මාන්ත, නවෝත්පාදන සහ යටිතල පහසුකම්, පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව, ජලයෙන් පහළ ජීවිතය, ගොඩබිම සහ දේශගුණික විපර්යාස ආදිය සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (UNSDGs) කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරයි. `
වෙළඳපොලේ ඇඟළුම් නිෂ්පාදන සඳහා භාවිතා කිරීමට පරිසර හිතකාමී, ක්රියාකාරී, විලාසිතාමය, අගය එකතු කළ රෙදි වාණිජකරණය කිරීම අරමුණු කරගත් INNO සන්නාමය හරහා වෙළඳපොළ සඳහා නව පරිසර හිතකාමී නිෂ්පාදන පෙළක් හදුන්වාදීමට සමාගම ලොව පුරා සිටින අනෙකුත් ස්වාභාවික වර්ණක සැපයුම්කරුවන් සමඟ කටයුතු කරයි.
ප්රමුඛ පෙළේ ජර්මානු රෙදිපිළි ආයතනයක් වන ISPO වසරකට දෙවරක් ක්රීඩා ඇඟළුම් නිෂ්පාදනය සඳහා භාවිතා කරන නව්ය රෙදි සහ උපාංග හඳුනාගෙන ඇගයීමට ලක් කරයි. මෙම ආයතනය නවෝත්පාදනයන් ඉහළින්ම අගයන අතර කර්මාන්තය, නිර්මාණකරුවන් සහ නිෂ්පාදන කළමනාකරුවන් සඳහා හොද මාර්ගෝපදේශයකි.
Hayleys Fabric PLC යනු ශ්රී ලංකාවේ රෙදිපිළි නිෂ්පාදනයේ පුරෝගාමියා වන අතර නිර්මාණයේ සිට නිෂ්පාදනය දක්වා ඵලදායී විසඳුම් ලබා දීමට හැකියාව ඇති අතර එය ලැයිස්තුගත කළ පළමු ඇඟළුම් සමාගම වේ.
2003 වසරේ කොළඹ කොටස් වෙළෙඳපොළ. Hayleys Fabric සමූහය මසකට කපු සහ කෘත්රිම රෙදි මීටර් මිලියන 6කට අධික නිෂ්පාදන ධාරිතාවක් ඇති අතර ශ්රී ලංකාවේ විශාලතම නිෂ්පාදන ධාරිතාවක් දරණ අතර සමාගම ගෝලීය වශයෙන් කීර්තිමත් විලාසිතා සහ ඇඟළුම් සන්නාම සඳහා ප්රමුඛයෙකි.
ඡායාරූපය: WARNA by Mahogany වෙනුවෙන් Hayleys Fabric වෙත ISPO Textrends සම්මානය පිරිනමමින්
June, 28, 2022
හරිත හෙටක් සඳහා වූ කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් හේලීස් සමූහයට අනුබද්ධිත ප්රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන හේලීස් ෆැබ්රික් ආයතනය ප්රදේශයෙහි දැකිය හැකි ජෛව විවිධත්ව සුවිශේෂිතා පිළිබඳ දැනුවත් කිරීමටත් පරිසරය සුරකිමින් ජෛව විවිධත්වය ආරක්ෂා කරගැනීමටත් මිලියන 6.3ක් ආයෝජනයක් සිදු කර ඇත. එම ආයතනයට අයත් තෙත් බිම් අක්කර 9 ක් දියතුරු උයන නමින් වෙන් කරන ලද අතර කළුතර දිස්ත්රික්කයේ හොරණ - මතුගම පාරට සහ නාර්තුපාන - වරකාගොඩ පාරට මායිම්ව සමාගමේ නාර්තුපාන වතුයාය ඉදිරිපිට දියතුරු උයන පිහිටා ඇත.
‘‘ජෛව විවිධත්වය විනාශ වීම ජීවයේ පැවැත්මට ඇති බරපතලම තර්ජනයකි. එමෙන්ම තිරසාර අනාගතයක් සහතික කිරීම සඳහා හුදෙක් සංරක්ෂණයට වඩා ජෛව විවිධත්වය යළි ඇති කිරීම කෙරෙහි ද අවධානය යොමු කළ යුතුයි. කාර්මීකරණය තුළ එය අභියෝගාත්මක උත්සාහයක් වන නමුත් අපගේ පරිසරයටල පාර්ශවකරුවන්ට සහ සේවකයින්ට ධනාත්මක බලපෑමක් ඇති කරන මෙවැනි ව්යාපෘතීන් ක්රියාත්මක කිරීමට ලැබීම ගැන අප ආඩම්බර වනවාග ආයතනයක් ලෙස අපගේ තිරසාරත්වය කරා යන ගමන් මගෙහි පුළුල් ප්රගතියක් ලබා ඇති අතර අප දැන් එහි නව පරිච්ෙඡ්දයක් ආරම්භ කර තිබෙනවා.” යනුවෙන් හේලීස් ෆැබ්රික් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ/ප්රධාන විධායක නිලධාරී රොහාන් ගුණතිලක මහතා පැවසුවේය.
පරිසර අමාත්යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ උපදේශනය යටතේ කටයුතු කරමින් හේලීස් ෆැබ්රික් ආයතනය විසින් 2020 අගෝස්තු සිට 2021 ජනවාරි දක්වා සිදු කරන ලද ක්ෂේත්ර සමීක්ෂණවලින් මෙරටට ආවේණික, බරපතල ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සහ අවදානමට ලක්ව ඇති ඇතැම් ශාක හා සත්ව විශේෂද ඇතුළුව ශාක හා සත්ව විශේෂ 140 කට වැඩි ප්රමාණයක් හඳුනාගෙන ඇත.
අනාගතයේදී මෙම තෙත්බිම් උද්යානය සාමාන්ය ජනතාවට සහ අනෙකුත් පාර්ශව සඳහා විවෘත කිරීමටයි. මේ සඳහා හේලීස් ෆැබ්රික් ආයතනය බලාපොරොත්තු වන අතර මේ සඳහා ආයතනය විසින් උද්යානයේ පිවිසුමෙහි සමනල උයනක්ල උද්යානය නැරඹීම සඳහා නැරඹුම් ස්ථානයක්ල මෙම තෙත් බිම ආශ්රිතව ගැවසෙන පක්ෂීන් නිරීක්ෂණය සඳහා නිරීක්ෂණ කුළුණක්ල ජලජ ජෛව විවිධත්වය වැඩිදියුණු කිරීමට වැවක්ල ජෛව විවිධත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ශවණාගාරයක් සහ පුස්තකාලයක් ද ඉදිකරනු ඇත. එමෙන්ම ජෛව විවිධත්වය ආශ්රිතව කෙරෙන විශ්ව විද්යාල මට්ටමේ පර්යේෂණ හා ගවේෂණ සඳහා සහයෝගීතාව දැක්වීමට ද ආයතනය කටයුතු කරනු ඇත.
තවද හේලීස් ෆැබ්රික් ආයතනය ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හා එක් වී දියතුරු උද්යානයට යාබදව ආයතනය සතු අක්කර 5ක ඉඩමක් වෙන්කර කාබනික වී වගාවක් පවත්වාගෙන යාම ද විශේෂත්වයකි. මෙමගින් කර්මාන්තශාලාවේ සේවකයින් සහ ප්රදේශයේ පදිංචිකරුවන් අතර සෞඛ්ය සම්පන්න ආහාර භාවිතය හා කාබනික කෘෂිකර්මාන්තය ප්රවර්ධනය කරනු ඇත. එම අස්වනු අලෙවි කිරීමට මංපෙත් විවර කරමින් ඒ අවට ආහාර අලෙවිසැලක් ඉදිකිරීමට නියමිතය. එමගින් සේවකයින්ට කාබනික ගෙවතු වගාවක් තුළින් සපයාගත් අතිරික්ත නිෂ්පාදන මෙම ස්ථානය හරහා අලෙවි කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ.
හේලීස් ෆැබ්රික් පීඑල්සී යනු ශ්රී ලංකාවේ ගෙතුම් රෙදිපිළි නිෂ්පාදනයෙ පුරෝගාමී ආයතනයක් වන අතර එය 2003 දී කොළඹ කොටස් වෙළඳපොළට එක් වී ඇතග අද වන විට මාසයකට රෙදි මීටර් මිලියන 4.5ක නිෂ්පාදන ධාරිතාවක් හේලීස් ෆැබ්රික් ආයතනය සතු වන අතර එය ගෝලීය වශයෙන් කීර්තිමත් විලාසිතා, ඇඟළුම් සහ සන්නාමයන් අතර ප්රමුඛ පෙළේ හවුල්කරුවෙකු ලෙස ද කටයුතු කරයි.

හේලීස් ෆැබ්රික් විසින් ඉදිකරන ලද දියතුරු උද්යාන නැරඹුම් මැදිරිය

වික්ටෝරියා සීක්රට් හි අධ්යක්ෂිකාවක් වන ජෙයිමි බෘක්ස් මහත්මිය දියතුරු උද්යානයේ නිරීක්ෂණයට එක් වෙමින්

හේලීස් ෆැබ්රික් දියතුරු උද්යානයෙන් හමු වූ ආවේණික මත්ස්යයෙකු වන උඩ හඳයා (Ceylon Killifish)
රූපය : හේලීස් ෆැබ්රික් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ, රොහාන් ගුණතිලක මහතා සහ නිලධාරීන් ලෝක තෙත්බිම් දිනය සැමරීමට රුක් රෝපණ වැඩසටහනක් දියත් කරමින්
Video Story